Menu Close

යේමනය:සෞදියේ සහාය ලබන හමුදා හවුති ඩ්‍රෝන් යානයක් බිම හෙළයි

සෞදිය ප්‍රමුඛ සන්ධානයේ සහාය හිමි යේමන ජාතික හමුදාව මැයි 30දා හවුති ඩ්‍රෝන් යානයක් බිම හෙළුවේය.

මධ්‍යම යේමනයේ මරිබ් පළාතේදී ඩ්‍රෝන් යානය බිම හෙළුවේ ගුවන් ආරක්ෂක පද්ධතියක ආධාරයෙන් යැයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල්-අරාබියා රූපවාහිනී නාලිකාව හමුදා මූලාශ්‍රයක් උපුටා දක්වමින් වාර්තා කර තිබිණි.

බිම හෙළු ඩ්‍රෝන් යානයේ ඡායාරූපයක් මරිබ් හි ප්‍රාදේශීය මූලාශ්‍රයක් විසින් ට්විටර් සමාජ ජාලයේ පළ කර ඇත.පෙනෙන හැටියට එය “සමාඩ්-1” මාදිලියේ යානයකි.මෙම වර්ගයේ යානා විද්‍යුත්-ප්‍රකාශ පද්ධතියකින් සමන්විත නිසා සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ ඔත්තු බැලීමේ මෙහෙයුම් සඳහා වුවද සමාඩ්-1 ඩ්‍රෝන් යානයක් මරාගෙන මැරෙන මෙහෙයුම් සඳහාද යොදා ගත හැකිය.

බිම හෙළු සමාඩ්-1 ඩ්‍රෝන් යානය

සමාඩ්-1 හි සැලැස්ම ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ මිර්සාඩ් ඩ්‍රෝන් යානයට සමානය.මෙම මාදිලියේ යානා සිරියාවේ සහ පසුගිය සමයේ ඉරාකයේද දැක ගන්නට ලැබිණි.පසුගිය සතියේ මුලදී සමාඩ්-1 ඩ්‍රෝන් යානයක් බටහිර ඉරාකයේ ඩියාලා පළාතට කඩා වැටිණි.

මිර්සාඩ් ඩ්‍රෝන් යානය

බටහිර ඉරාකයේ ඩියාලා පළාතේ කරාහ් ටපාහ් නගරය ආසන්නයට කඩා වැටී තිබු ඩ්‍රෝන් යානය හමුවී තිබෙන්නේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ටය.ඔවුන් එය විනාශ කල අතර,යානයේ අවශේෂවල ඡායාරූප කිහිපයක් අමාක් පුවත් සේවයේ පළ කර තිබේ.

 

කෙසේවෙතත් ඉරාකය කඩා වැටුණු සමාඩ්-1 යානය කුඩා බෝම්බ දෙකකින් සන්නද්ධය.කරාහ් ටපාහ් නගරය පිහිටා තිබෙන්නේ ඉරාන දේශසීමාවේ සිට කිලෝමීටර් 50ක නොඅඩු දුරකින්ය.බොහෝවිට මෙම ඩ්‍රෝන් යානය ඉරාන ඉස්ලාමීය විප්ලවකාරී ආරක්ෂක හමුදාව හෝ ඒකක විසින් දියත් කරන්නට ඇත.

ඉරානය යනු ඩ්‍රෝන් තාක්ෂණය අතින් ලොව පෙරමුණේ පසුවන රාජ්‍යයකි.ඉස්ලාමීය විප්ලවකාරී ආරක්ෂක හමුදාවේ ඩ්‍රෝන් යානාවලින්,පසුගිය වර්ෂයන්හිදී ඉරාකය සහ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට ප්‍රහාර එල්ල කලහ.

අල්-අරාබියා රූපවාහිනිය පවසන පරිදි මැයි මාසය ඇතුලත බිම හෙළු හවුති සටන්කාමීන්ට අයත් දේන් ඩ්‍රෝන් යානය මෙයයි.

ඉරානයෙන් ලැබෙන සහයෝගය හේතුවෙන්,පසුගිය වර්ෂ දෙක තුල හවුති සටන්කාමීන්ගේ ගුවන් ශක්තිය සැලකිය යුතු ලෙස වර්ධනය විය.ඔවුන් ඔත්තු බැලීම සහ ප්‍රහාරක ඩ්‍රෝන් යානා භාවිතා කරයි.

source:southfront.org

 

%d bloggers like this: