Menu Close

ලිබියානු ජාතික හමුදාව බිම හෙළුවේ තමන්ගේම ඩ්‍රෝන් යානයක්ද?

තම ගුවන් ආරක්ෂක ඒකක තුර්කි ප්‍රහාරක ඩ්‍රෝන් යානයක් බිම හෙළුවේ යැ‍යි ලිබියානු ජාතික හමුදාව මැයි 23දා නිවේදනය කලේය.

ඔවුන් පවසන පරිදි ඩ්‍රෝන් යානය බිම හෙළා තිබෙන්නේ කරායට් නගරය අසලදීය.මෙම නගරය පිහිටා තිබෙන්නේ ජාතික සම්මුති රජයේ හමුදාව යටතේ තිබෙන ට්‍රිපොලි අගනුවරට කිලෝමීටර් 280ක් පමණ දකුණු දෙසින්ය.

 වෙඩි තබා බිම හෙළු ඩ්‍රෝන් යානයේ එන්ජිම

කඩා වැටුණු තුර්කි ඩ්‍රෝන් යානයේ යැයි කියන සුන්බුන් වල ඡායාරූප කිහිපයක් ලිබියානු ජාතික හමුදාව මාධ්‍ය වෙත මුදා හැර තිබිණි.කෙසේවෙතත්,ඡායාරූපවල පෙනෙන හැටියට එය චීනයේ නිෂ්පාදිත වින්ග් ලෝන්ග් 2 මාදිලියේ ඩ්‍රෝන් යානයක් යැයි නිරීක්ෂකයෝ පවසති.මෙවැනි වර්ගයේ ඩ්‍රෝන් යානා ලිබියාවේදී භාවිතා කරන්නේ ලිබියානු ජාතික හමුදාවේ ප්‍රධාන ආධාරකරුවෙක් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය මිස තුර්කි හමුදාව නොවේ.

බිම හෙළුවේ චීන වින්ග් ලෝන්ග් 2 ඩ්‍රෝන් යානයක් යැයි ඔප්පු කිරීමට ඉදිරිපත් කරන සාක්ෂි

මිත්‍ර පාර්ශ්වයේ ප්‍රහාරයකින් මෙම ඩ්‍රෝන් යානය විනාශ වන්නට ඇතැ‍යි අනුමාන කල හැකිය.එනමුත් ජාතික සම්මුති රජයේ හමුදා සහ තුර්කි හමුදාවද ඩ්‍රෝන් යානා බිම හෙලීමේ හැකියාවෙන් යුක්ත බව අමතක නොකල යුතුය.

මෙම යානය බිම හෙළීමට සතියකට ප්‍රථමයෙන් අල්-වටියා ගුවන් හමුදා කඳවුර ආසන්නයේදී තුර්කි ඩ්‍රෝන් යානයක් විනාශ කලේ යැ‍යි ලිබියානු ජාතික හමුදාව පැවසුවද,එම යානයද චීන වින්ග් ලෝන්ග් 2 යානයක් යැ‍යි හෙළි විය.එවැනිම සිදුවීමක් අප්‍රේල් මාසයේදී ලිබියාවේ මධ්‍යම ප්‍රදේශයේ අල්-විෂ්කා නගරය ආසන්නයෙන් වාර්තා වූයේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩ්‍රෝන් යානා බිම හෙළීමට තුර්කිය යම් ආකාරයක ජංගම මධ්‍යම පරාස ගුවන් ආරක්ෂක පද්ධතියක් භාවිතා කරන්නේ යැ‍යි සැක කල හැකිය.එනමුත් ඒ බව ඔප්පු කිරීමට මේ දක්වා සාක්ෂි ලැබී නැත.

source:southfront.org

%d bloggers like this: