Menu Close

සිරියාව:ඊසානදිග සිරියාවේ එම්4 මහා මාර්ගයේ කොටසක් රුසියානු හමුදා පොලිසිය විවෘත කරයි

russian-military-police-secured-reopening-of-m4-highway-in-northeastern-syria

මැයි මස 25දා එම්4 මහා මාර්ගයේ ඇලෙපෝ සහ හසකා නගර අතර කොටසක් නැවතත් සිවිල් ගමනාගමනයට විවෘත කරනු ලැබුවේ රුසියානු හමුදා පොලිසියේ අධීක්ෂණය යටතේය.මෙම මහා මාර්ගයේ ඊසානදිග සිරියාව හරහා දිවෙන කොටසෙන් වැඩි ප්‍රමාණයක් තුර්කි ප්‍රොක්සි හමුදා කණ්ඩායම් සතුය.කෙසේවෙතත් සිරියාව,තුර්කිය සහ රුසියාව යන රටවල ඒකාබද්ධ ප්‍රයත්නයන් හේතුවෙන් එම ප්‍රදේශයේ ගමනාගමනය සුරක්ෂිත කිරීමට හැකිව තිබේ.

ටෙල් ටමිර් සහ අයින් ඊසා අතර කොටස මැයි 25දා විවෘත කෙරිණි.රුසියානු හමුදා පොලිසියේ සන්නද්ධ රථ වල ආරක්ෂාව යටතේ සිවිල් වැසියන්ගේ පලමු රථ පෙළ ටෙල් ටමිර් හි සිට අයින් ඊසා දක්වා ගමන් කලේය.

එම්4 මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දැමුවේ 2019 ඔක්තෝම්බර් මාසයේදී කුර්දි ප්‍රමුඛ සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාවන්ට එරෙහිව තුර්කිය පීස් ස්ප්‍රින්ග් නම් මෙහෙයුම දියත් කිරීමෙන් පසුවයි.

විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වූ රුසියානු විශේෂ බලකා සෙබලුන්

රුසියානු හමුදා පොලිසියේ රථ පෙළට ටෙල් ටමිර් නගරයේදී මුණ ගැසුණු ඇමෙරිකානු හමුදාවේ රථ පෙළක්

source:southfront.org

%d bloggers like this: