Menu Close

සිරියාව:ඉඩ්ලිබ් ත්‍රස්තවාදීන්ගේ මූලස්ථානයක් විනාශ කල අභිරහස් පිපිරීම

මැයි මස 27දා උදෑසන,වයඹදිග සිරියාවේ ඉඩ්ලිබ් පළාතේ සිදුවු පිපිරීමකින් අල්කයිඩාවට සම්බන්ධ තුර්කිස්ථාන ඉස්ලාමීය පක්ෂය නම් ත්‍රස්තවාදී කණ්ඩායමේ මූලස්ථානය විනාශ වූ බව සිරියානු විපක්ෂයට පක්ෂපාතී එනැබ් බලාඩි නම් පුවත් සේවය වාර්තා කලේය.

මුලස්ථානය පිහිටා තිබෙන්නේ නිරිතදිග ඉඩ්ලිබ් හි අල්-ගසානෙයා නගරය ආසන්නයේය.ලටාකියා සහ ඇලෙපෝ නගර යා කරමින් දිවෙන එම්4 මාර්ගය මෙම නගරයට දිස්වේ.පිපිරීම සිදුවන්නේ එම මාර්ගය ඔස්සේ ඒකාබද්ධ තුර්කි-රුසියා මුර සංචාරයක් සිදු කිරීමට පැයට කිහිපයකට මත්තෙනි.පිපිරීමෙන් පසුව මුර සංචාරය සිදු නොකරන්නට තීරණය කරන ලදි.

මුලදී විපක්ෂ ක්‍රියාකාරීන් පැවසුවේ,තුර්කිස්ථාන ඉස්ලාමීය පක්ෂය රුසියානු යුද ගුවන් යානාවල ඉලක්කයක් වූ බවයි.එනමුත් පසුව ඔවුන් සිය මතය වෙනස් කරමින් පැවසුවේ පිපිරීමට හේතුව ගුවන් ප්‍රහාරයක් නොවන බවයි.

මේ දක්වා ත්‍රස්තවාදී කණ්ඩායම සිදුවීම සම්බන්ධව අදහස් දක්වා නොමැත.මානව හිමිකම් සඳහා සිරියානු නිරීක්ෂණාගාරයට අනුව උයිගුර් ත්‍රස්තවාදීන් හයදෙනෙකුට පිපිරීමෙන් දිවි අහිමි විය.

විපක්ෂ ක්‍රියාකාරීන් පසුව ප්‍රතික්ෂේප කලද,දැනට තිබෙන තොරතුරුවලින් හෙළිවන්නේ තුර්කිස්ථාන ඉස්ලාමීය පක්ෂයේ මූලස්ථානය විනාශ කල ගුවන් ප්‍රහාරය පිටුපස සිටින්නේ රුසියානු ගුවන් හමුදාව බවයි.මෙය සනාථ වේ නම් මාර්තු 5දා තුර්කිය සමග අත්සන් කල සටන් විරාම ගිවිසුමෙන් පසුව ඉඩ්ලිබ් පළාත තුල රුසියාව දියත් කල පළමු ගුවන් ප්‍රහාරය මෙය වනු ඇත.

පසුව වාර්තා වූයේ පිපිරීමෙන් මාර්ගයේ ගමන් කරමින් සිටි තුර්කි හමුදාවේ සහ ෂාම් ලීජන් නම් තුර්කි ප්‍රොක්සි හමුදාවේ රථ පෙළකට හානි සිදුවූ බවයි.එහිදී එක් තුර්කි සෙබලෙක් සහ නිලධාරියෙක් බරපතල තුවාල ලැබූහ.පිපිරීම සිදුවූ ස්ථානයෙන් හමුදා සාමාජිකයන් ඉවත් කර ගැනීමට තුර්කි හමුදාව හෙලිකොප්ටර් යානා යොදවා තිබිණි.

මේ සම්බන්ධව එක් පාර්ශ්වයකගේ මතය වන්නේ මාර්ගයේ පසෙක අටවා තිබූ බෝම්බයක් පිපිරී යෑම නිසා තුර්කි සෙබලුන් තුවාල ලබා ඇතැයි යන්නයි.තවත් පිරිසකට අනුව එය තුර්කිස්ථාන් ඉස්ලාමීය පක්ෂයේ මූලස්ථානයේ සිදුවු පිපිරීමක ප්‍රථිඵලයකි.

පිපිරීමට ගොදුරු වූ තුර්කි හමුදාවේ ලුතිනන්වරයෙක් පසුව මිය ගියේ යැ‍යි තුර්කි ජාතික ආරක්ෂක අමාත්‍යාංශය මැයි 27දා නිවේදනය කලේය.

source:southfront.org

%d bloggers like this: