Menu Close

උතුරු සිරියාවේ විදේශීය හමුදා – රුසියානු මුර සංචාරයක් අවහිර කල ඇමෙරිකානු හමුදා

මැයි මස 23දා උතුරු අල්-හසකා හි ටෙල් ටම්ර් නගරය අවට මුර සංචාරක යෙදී සිටි රුසියානු හමුදා පොලිස් ඒකකයක රථ පෙළක මග හරස් කරන්නට ඇමෙරිකානු හමුදාව ක්‍රියා කලේය.

ප්‍රාදේශීය මූලාශ්‍රවලට අනුව ඇමෙරිකානු සෙබලුන් සන්නද්ධ කිහිපයක් යොදාගෙන එම්4 මහා මාර්ගය අවහිර කර රුසියානු හමුදා පොලිස් ඒකකය දේශසීමාව ආසන්නයේ අල්-කමිෂ්ලි නගරයේ සිය කඳවුරට යෑම වළක්වාලීය.ඒ නිසා ඔවුන්ට අල්-ඩර්බසියා – අමුඩා මාර්ගය ඔස්සේ දිගු දුරක් ගෙවා කඳවුර වෙත ලගා වන්නට සිදු විය.

u-s-forces-intercept-russian-patrol-in-syrias-al-hasakah

මෙවැනි සිදුවීම් උතුරු අල්-හසකා හි සුලභය.ඊට දින දෙකකට පෙර සිරියානු සෙබලුන් ටෙල් ටම්ර් ආසන්නයේ දී ඇමෙරිකානු මුර සංචාරයක මග හරස් කලහ.එම සිදුවීමට මත්තෙන් නැගෙනහිර අල්-කමිෂ්ලි හිදී තවත් ඇමෙරිකානු රථ පෙළක මග රුසියානු හමුදාව විසින් හරස් කරන ලදි.

 බටහිර ටෙල් ටමීර් හි උම් අල්-කයිර් ගම්මානය හරහා ගමන් කිරීමට පැමිණි ඇමෙරිකානු හමුදාවේ රථ පෙළක් සිරියානු අරාබි හමුදාවේ බාධා කිරීම් මධ්‍යයේ ආපහු හැරී යන අයුරු ඉහත ඡායාරූපවල දැක්වේ.මෙම ඡායාරූපවලට අනුව සිදුවීම සිදුව තිබෙන්නේ මැයි 20දාය.

රුසියානු හමුදා පොලිසිය ටෙල් ටම්ර් හි නිරන්තරයෙන් මුර සංචාර සිදු කරයි.පසුගියදා ඔවුන් එම් 4 මහා මාර්ගයද නැවත විවෘත කලේය.මෙම මාර්ගය හරහා අල්-හසකා,රක්කා සහ ඇලෙපෝ යන නගර සම්බන්ධ කෙරේ.

එම්4 මාර්ගය ඇතුලුව උතුරු අල්-හසකා හි රුසියානු හමුදා පොලිසියේ නිදහස් සංචලනයන් සීමා කිරීමට ඇමෙරිකානු හමුදාව උත්සාහ දරයි.මහා මාර්ගය නැවත විවෘත කිරීමට මෙම ප්‍රකෝප කිරීම බාධාවකි.එම්4 මාර්ගය විවෘත කරන තෙක් ඊසානදිග සිරියාවේ දහස් ගණනක් ජනයා මාස හයකට වැඩි කාලයක් තිස්සේ බලා සිටියහ.

source:southfront.org

%d bloggers like this: