Menu Close

ඉන්දු-චීන දේශසීමා අර්බුදය:දෙරටම දිගු කාලීන යුද්ධයකට සැරසෙන ලකුණු

india-china-prepare-for-long-haul-as-satellite-images-show-heavy-troop-vehicle-movement-in-ladakh

රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා මගින් වර්තමාන දේශසීමා අර්බුදය විසඳා ගැනීමට කටයුතු කරමින් සිටින්නේ යැ‍යි ඉන්දියාව සහ චීනය පැවසුවද සෙබලුන් සහ සන්නද්ධ රථවල අධික සංචලනයෙන් පෙනෙන්නේ වෙනකකි.මෙම ආසියානු දැවැන්තයින් දෙදෙනා අතර අර්බුදයක් නිර්මාණය වූයේ දෙරට වෙන් කරන සීමාවේ සිදු කරමින් තිබෙන ඉදි කිරීමක් හේතුවෙනි.

කිලෝ මීටර් 4057ක් දිගු දේශසීමාවේ දෙරටේ හමුදාවන්හි උපාය මාර්ගික සංචලනයන්,ගුවන් හමුදා කඳවුරු වැඩිදියුණු කිරීම් සහ ගුවන් යානාවල සංචලනයන් චන්ද්‍රිකා ඡායාරූපවල දැකගත හැකිය.පැන්ගොන්ග් විලට ඉහළින් සහ ගල්වාන් නිම්නයේ අගල් කණින අයුරු සහ බංකර් සූදානම් කරන ආකාරය මෙම ඡායාරූපවල සටහන් වේ.

ඉහත දැක්වෙන වීඩියෝවේ පෙන්වන ස්ථානය පිහිටා තිබෙන්නේ දේශසීමාවේ සිට කිලෝමීටර් 6ක් දුරින් සහ ගොගර් හි ඉන්දියානු හමුදා කඳවුරට කිලෝමීටර් 15ක් දුරින්ය.පසුගිය සති තුනක කාලය තුල චීනයේ මහජන විමුක්ති හමුදාව මෙම ප්‍රදේශයේ සිය ක්‍රියාකාරකම් ඉහළ දමා ඇති අයුරු චන්ද්‍රිකා ඡායාරූපවලින් පැහැදිලිවේ.පහත ලින්කුව මගින් එම ස්ථානය ගූගල් සිතියම ඔස්සේ දැකගත හැකිය.

ඊළඟ වීඩියෝවේ පෙන්වන්නේ ඉන්දියාවේ ගොගර් හමුදා කඳවුරේ සිට කිලෝමීටර් 11ක් වයඹදිගින් පිහිටා ඇති චීන මහජන විමුක්ති හමුදාවේ කඳවුරයි.

2020 අප්‍රේල් මාසයේ සිට බටහිර ටිබෙටයේ නගාරි ගන්සා හි චීන ගුවන් හමුදා කඳවුරේද ඉදි කිරීම් කටයුතු සිදුවෙමින් තිබේ.චන්ද්‍රිකා ඡායාරූපවල දැක්වෙන පරිදි මීටර් 4,500ක් දිගු ධාවන පථයට සමාන්තරව දෙවැනි ධාවන පථයක් ඉදි කරමින් තිබෙන අයුරු දැකගත හැකිය.මෙම කඳවුර පැන්ගොන් සෝ සිට කිලෝමීටර් 200ක් දුරින්ද ගල්වාන් ගංගාවේ සිට කිලෝමීටර් 340ක් දුරින්ද පිහිටා ඇත.

නගාරි ගන්සා ගුවන් හමුදා කඳවුර පිහිටීම :32°06’31.0″N 80°03’10.0″E

විවෘත මුලාශ්‍ර බුද්ධි තොරතුරු වලට අනුව මෙම කඳවුර චීන ෆ්ලැන්කර් ෆයිටර් ජෙට් යානාවලින් සමන්විතය.මෙම ජෙට් යානා මුලින් කඳවුරු භූමියේ දැක ගන්නට ලැබුණේ 2019 දෙසැම්බර් මාසයේ යැ‍යි සැලකේ.පහත දැක්වෙන්නේ 2020 මැයි මාසයේදී ලබා ගත් නගාරි ගන්සා කඳවුරු භූමියේ චන්ද්‍රිකා ඡායාරූපයකි.

ගුවන් තොටුපොල සිවිල් මෙන්ම හමුදාවේ ගුවන් ගමන් සඳහාද භාවිතා කෙරේ.අඩි 14,000කට වඩා උසින් පිහිටා ඇති ,ලොව වැඩිම උසකින් පිහිටා ඇති ගුවන් ධාවන පථවලින් එකක් ලෙස මෙය සැලකේ.නමුත් උස මට්ටම නිසා ප්‍රමාණවත් කාලයක් ගුවනේ සිටීමට ෆයිටර් ජෙට් යානාවලට නොහැකි යැයි පැවසේ.

ඉන්දීය ගුවන් හමුදාවේ හිටපු ගුවන් නියමුවෙක් පවසන පරිදි චීන ජේ-11 සහ ජේ-16 ෆයිටර් ජෙට් යානාවලට පැයකට වැඩි කාලයක් මේ උස මට්ටමේදී ගුවනේ රැඳීමට නොහැකිය.

පහත චන්ද්‍රිකා ඡායාරූපවලින් පෙනෙන්නේ මහජන විමුක්ති හමුදාව දේශසීමා අසල සිය බෝට්ටු නවතා තිබෙන අයුරු සහ කූඩාරම් අටවා ඇති ආකාරයයි.ඒ ආසන්නයේම ඉන්දීය හමුදා කඳවුරක්ද පිහිටා ඇත.

මෙහි රතු පැහැයෙන් පෙන්වන රේඛාව දෙරට අතර දේශසීමාවයි.එහි වම්පස ඉන්දියාවට දකුණුපස චීනයටද අයත්ය.

පැන්ගොන්ග් විල ආශ්‍රිත දේශසීමා ඔස්සේ සිදු කරන සංවර්ධන කටයුතු හේතුවෙන් මෙවර නොසන්සුන්තාවය වර්ධනය විය.මැ‍යි මාසයේ මුලදී ඉන්දියා සහ චීන සෙබලුන් අතර වෙඩි හුවමාරුවක් සිදුවන්නේ මෙම විල ආසන්නයේය.එහිදී දෙපාර්ශ්වයේම කිහිපදෙනෙක් බරපතල තුවාල ලැබූහ.ඉන් අනතුරුව දේශසීමාවේ අනෙකුත් ප්‍රදේශ වන උත්තරාකන්ඩ් ඇතුලුව දකුණ දෙසට වන්නට අමතර භට පිරිස් කැඳවූහ.

ඉන්දියාව මෙම දේශසීමාවේ සිදු කරන යටිතල  ව්‍යුහ සංවර්ධන කටයුතුවලට චීන විරුද්ධත්වය ප්‍රකාශ කිරීමෙන් පසුව ගැටුම්කාරී තත්ත්වය ආරම්භ වී තිබේ.ඉන්පසුවත් එම ඉදිකිරීම් දිගටම කරගෙන යෑමට ඉන්දීය රජය හමුදාවට උපදෙස් දුන්නේය.දේශසීමාවට පිවිසීම පහසු කිරීම සඳහා මායිම ඔස්සේ මහා මාර්ග මෙන්ම කපොලු කිහිපයක් ඉන්දියාව විසින් ගොඩනංවමින් සිටියි.

source:sputniknews.com

%d bloggers like this: