Menu Close

ලිබියාවේ පැන්ට්සියර් ගුවන් ආරක්ෂක පද්ධති දඩයම් කරන තුර්කි ඩ්‍රෝන් යානා

turkish-drones-libyan-army

තුර්කි හමුදාවේ සෘජු සහාය සහිත සිරියානු සටන්කාමීන් සහ ජාතික සම්මුති රජයේ හමුදා පසුගිය සතියේදී උතුරු ලිබියාවේ ලිබියානු ජාතික හමුදාවට එරෙහිව වැදගත් ජයග්‍රහණයක් අත්පත් කර ගත්හ.

ලිබියානු ජාතික හමුදාවෙන් අල්-වටියා ගුවන් තොටුපොල අල්ලා ගැනීමෙන් පසුව තුර්කිය ප්‍රමුඛ හමුදා එම කඳවුර වටා ප්‍රදේශයේ පාලනයද සියතට ගෙන දකුණු සවියා හි ලිබියානු ජාතික හමුදාවේ ශක්තිමත් ස්ථානයක් වන අව්ලාඩ් බාඩර් වෙත පහරදිය හැකි සීමාවට ලගා වීමට සමත් විය.ඊට සමගාමීව,ඔවුහු අට් ටලයියා නගරයට පහර දුන්නේ නිරිතදිග ට්‍රිපොලි හි තවමත් රැඳී සිටින ලිබියානු ජාතික හමුදාවේ ඒකක වටලෑමේ අරමුණින් යුතුවයි.එම ප්‍රදේශයට එල්ල වූ තුර්කිය ප්‍රමුඛ හමුදාවේ ප්‍රහාරයක් මැයි 21දා ලිබියානු ජාතික හමුදාව විසින් ව්‍යර්ථ කලේය.නගරයේ උතුරු කොටසේ තවදුරටත් ගැටුම් වාර්තා වේ.ටර්හුනා නගරයේ තත්ත්වය අස්ථාවරය.ජාතික සම්මුති රජයේ හමුදා එම නගරය හමුදා මෙහෙයුම් සිදු කරන කලාපයක් ලෙස ප්‍රකාශ කල අතර,අමතර භට පිරිස් සහ යුදෝපකරණද කැඳවීය.ඉන් බොහොමයක් සටන්කරුවන් සිරියාවෙන් පැමිණි සටන්කාමීන්ය.එනමුත් ටර්හුනා නගරය සඳහා අලුත් වටයක සටනක් දියත් කිරීම මේ දක්වා සීමා වී තිබෙන්නේ කාලතුවක්කු සහ ගුවන් ප්‍රහාර හේතුවෙනි.

පැන්ට්සියර්-එස්1 ගුවන් ආරක්ෂක පද්ධතියක්

තුර්කියට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව පැන්ට්සියර්-එස්1 ගුවන් ආරක්ෂක පද්ධති 9ක් ජාතික සම්මුති රජයේ හමුදා විසින් ඩ්‍රෝන් ප්‍රහාර මගින් විනාශ කර තිබේ.මේවා ලිබියානු ජාතික හමුදාව ලබා තිබෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යැ‍යි සඳහන්ය.පැන්ට්සියර් -එස්1 පද්ධති දෙකක් අල්-වටියා ගුවන් හමුදා කඳවුරේ තිබී සොයා ගත් අතර එකක් මුළුමනින්ම විනාශ වී තිබිණි.අනෙක් සුළු හානි සහිතව ගුවන් යානා රැදවීමට යොදා ගන්නා ගොඩනැගිල්ලක් තුල දැකගත හැකිවිය.තුර්කියේ බයිරක්ටර් ටීබී2 ප්‍රහාරක ඩ්‍රෝන් යානා සර්ට්,ටර්හුනා සහ අල්-විෂ්කා යන නගරවල තිබූ පැන්ට්සියර් එස්1 පද්ධති කිහිපයක්ද විනාශ කල්හ.2019 අප්‍රේල් මාසයේ සිට ලිබියානු ජාතික හමුදාවට අහිමි වූ පැන්ට්සියර්-එස්1 ගුවන් ආරක්ෂක පද්ධති ගණන 15ක් යැ‍යි තුර්කි මාධ්‍ය වාර්තා කරයි.

තුර්කි බයිරක්ටර් ටීබී2 ඩ්‍රෝන් යානයක්

ට්‍රිපොලි කේන්ද්‍ර කර ගත් ලිබියානු රජයේ වර්තමාන සාර්ථකත්වයට ප්‍රධානම හේතුව වන්නේ තුර්කි හමුදාවෙන් ලැබෙන සහායයි.අන්කාරා රජය ට්‍රිපොලි නගරයට අවට කලාපයේ ආරක්ෂාව සඳහා අමතර ගුවන් ආරක්ෂක පද්ධති,ඉලෙක්ට්‍රොනික් සංග්‍රාමික පද්ධති සහ බයිරක්ටර් ටීබී2 ඩ්‍රෝන් යානා එහි ගුවන් හමුදා කඳවුරේ ස්ථාන ගත කර තිබේ.මේ සියලු අවි පද්ධතීන් මෙහෙයවන්නේ තුර්කි හමුදාවේ සාමාජිකයින්ය.ට්‍රිපොලි නගරයට ඔබ්බෙහි වෙරළේ රැඳී සිටින තුර්කි යුද නෞකා මගින්ද එම ප්‍රදේශයේ සිටින තුර්කි විශේෂඥයින්ට අමතර ආරක්ෂාවක් සැපයේ.ඒ අතරතුර ලිබියානු ජාතික හමුදාවට එරෙහිව පෙරමුණේ වැඩි කොටසක් සමන්විත වන්නේ සිරියාවෙන් පැමිණි තුර්කි ප්‍රොක්සි හමුදා සටන්කාමීන්ගෙන් සහ තුර්කි විශේෂ බලකා සෙබලුන්ගෙන්ය.

අල්-වටියා කඳවුරු අවට වාතාවරණය – 2020 මැයි 21

ලිබියානු ජාතික හමුදාවේ ප්‍රධාන ආධාරකරුවන් වන ඊජිප්තුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය මේ දක්වා ලිබියානු අර්බුද්ධයට සෘජුව මැදිහත් වී නැත.කෙසේවෙතත්,වාතාවරණයට තුර්කියේ සහාය හිමි ජාතික සම්මුති රජයේ වාසිය පිණිස දිගටම පැවතුණහොත් මේ තත්ත්වය නුදුරේදීම වෙනස් වනු ඇත.

ලිබියානු ඉතිහාසයේ විශාලතම ගුවන් සංග්‍රාමය ආරම්භ කරන්නේ යැ‍යි ලිබියානු ජාතික හමුදාවේ ගුවන් හමුදා ප්‍රධානී සකර් අල්-ජරොව්ෂි මැයි 21දා නිවේදනය කලේය.ඔහුගේ ප්‍රකාශයට අනුව ගුවන් හමුදාවේ ඉලක්ක වනුයේ තුර්කි හමුදාව රැඳී සිටින ස්ථාන සහ නගරයි.

තම රට ත්‍රස්තවාදීන් හෝ ඔවුන්ට සහාය දෙන පිරිස් ඉවසා සිටින්නේ නැතැයි ඊජිප්තු ජනපති අබ්ඩෙල් ෆාටා අල්-සිසි නිවේදනය කලේය.ඔහු මෙම ප්‍රකාශය හරහා අනතුරු ඇඟවූයේ තුර්කියටයි.මන්ද සිරියාවේ වයඹදිග කොටස අල්කයිඩාවට සම්බන්ධ ත්‍රස්ත කණ්ඩායම් සමග හවුලේ පාලනය කරන්නේ තුර්කියයි.ලිබියාව තුල තුර්කියේ බලපෑම ක්‍රමයෙන් ප්‍රසාරණය වීම සිය ජාතික ඇලුම්කම් වලට සෘජු තර්ජනයක් වශයෙන් කයිරෝ සහ අබුඩාබි රජයන් දකියි.ඒ නිසා ඔවුන් අන්කාරා රජයේ ක්‍රියාමාර්ග වලට ප්‍රතිචාරයක් දක්වන්නට සූදානම් වන බවට සැකයක් නොමැත.

යූටියුබ් වීඩියෝව නරඹන්න මෙතැනින් පිවිසෙන්න >>> ලිබියාවේ පැන්ට්සියර් ගුවන් ආරක්ෂක පද්ධති දඩයම් කරන තුර්කි ඩ්‍රෝන් යානා

source:southfront.org

%d bloggers like this: