Menu Close

අයි.එස්.අයි.එස්. සංවිධානයේ සාමාජිකයින් 100 කට අධික පිරිසක් ලංකාවේ

අයි.එස්.අයි.එස්. සංවිධානයේ සාමාජිකයින් මෙරට සිටින බව තොරතුරු මුලින්ම හෙළි වුණේ 2015 – 2016 වසරවල බවත් මේ වන විට අයි.එස්.අයි.එස්. සංවිධානයේ සාමාජිකයින් 100 කට අධික පිරිසක් ලංකාවේ විවිධ ප්‍රදේශ වල ස්ථාන ගතවී සිටින බව බස්නාහිර පළාත් බුද්ධි අධ්‍යක්‍ෂ පොලිස් පරීක්‍ෂක බී.ජේ.කේ. අබේවික‍්‍රම මහතා හෙළි කරයි. මේ  බව ඔහු ප්‍රකාශ කලේ පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම හමුවේ සාක්කි දෙමිනි. 

මෙම ත්‍රස්ත ජාලයේ මුල් ආරම්භය 2002 වසර තෙක් ඈතට දිව යන අතර ඉස්ලාමීය රාජ්‍යය යැයි කියාගන්නා මෙම අයි එස් අයි එස් සංවිධානයේ ඉතිහාසය මෙසේය. 

2004 ඔක්තෝබර් 17 වන දින අල් සර්කවි විසින් ඔසාමා බින් ලාදින් ගේ අල් කයිඩා සංවිධානය සමඟ එකතු වී ඉරාකයේ අල්කයිඩා නමින් හැඳින්විය. 2006 වසරේ අල් සර්කවි ඇමරිකාවේ ගුවන් ප්‍රහාරයකින් මරණයට පත්වූ අතර පසුව අබු අය්යුබ් අල් මස්රි නම් ඊජිප්තු ජාතිකයකු විසින් සංවිධානයේ නායකත්වය ගනී. මෙම අළුත් නායකයා විසින් සංවිධානයේ නම Islamic State of Iraq (ISI) හෙවත් ඉරාකයේ ඉස්ලාමීය රාජ්‍යය ලෙස නම් කළේය. ප්‍රථමයෙන් මෙම සංවිධානය ඉරාකයේ බොහෝ ප්‍රදේශ ආක්‍රමණය කරමින් ශ්‍රීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ නමුත් 2008 සහ 2009 කාළය වන විට ඇමරිකාවේ සහ අනෙකුත් මුස්ලිම් සංවිධාන වල දරුණු ප්‍රහාර හමුවේ මෙම සංවිධානයට බොහෝ ප්‍රදේශ වල පාලනය අහිමි විය. එම කාළයේ මෙම සංවිධානය විසින් බොහෝ බිහිසුණු ප්‍රහාර වලට සම්බන්ධ වන බව පැවසෙන අතර කෙතරම් බිහිසුණු සංවිධානයක් බවට පත්වීදැයි කියනවා නම්, සංවිධානය ගත් ඉතාමත් අන්තවාදී ස්වරූපය හේතුවෙන් ඔසාමා බින් ලාදින් සමඟද මත භේද ඇති වූ බව කියවේ. ඇමරිකාවේ ප්‍රහාර හමුවේ එහි සිටි නායකයින් මරණයට පත්වූ පසුව අබූ බක්කර් අල් බග්දාදි විසින් එහි නායකත්වය 2010 සිට උසුලන ලදි.ඔවුන්ගේ අරමුණ ලොව පුරා එකම එක රාජ්‍යයක් වන ඉස්ලාමීය රාජ්‍යය සථාපිත කිරීමය​. මේ සඳහා ඔවුන් ඉතා සහාසික රියා මාර්ග අනුගමනය කරයි. 
%d bloggers like this: