Menu Close

සතියක් ඇතුලත තුර්කි ඩ්‍රෝන් යානා විනාශ කල පැන්ට්සියර් එස්1 පද්ධති ගණන 9ක්?

ෆීල්ඩ් මාර්ෂල් හෆ්ටර් මෙහෙයවන ලිබියානු ජාතික හමුදාව සතුව තිබූ රුසියාවේ නිෂ්පාදිත පැන්ට්සියර් එස්1 ගුවන් ආරක්ෂක පද්ධති කිහිපයක් පසුගිය සති කිහිපයේදී විනාශ කලේ යැයි ජාතික සම්මුති රජයේ හමුදා සහ තුර්කියට පක්ෂපාතී මාධ්‍ය පවසති.

කෙසේවෙතත් සුවිශේෂී සිදුවීමක් වන්නේ ජාතික සම්මුති රජයේ හමුදාවන් අල්ලා ගත් අල්-වටියා ගුවන් හමුදා කඳවුරේ තිබී පැන්ට්සියර් එස්1(තරමක් හානි වූ)පද්ධතියක් සොයා ගැනීමයි.

ඊට දින කිහිපයකට පෙර තුර්කි බයිරක්ටර් ටීබී2 ඩ්‍රෝන් යානයක් මගින් විනාශ කලේ යැ‍යි වාර්තා වූයේද මෙම ගුවන් ආරක්ෂක පද්ධතිය,මෙම සොයා ගැනීමෙන් හෙළි වූයේ එය අසත්‍යයක් බවයි.මන්ද කඳවුරු භූමියෙන් සොයා ගත් පැන්ට්සියර් එස්1 පද්ධතිය නිරුපද්‍රිතව තිබීමයි.එනමුත් ප්‍රහාරයෙන් ඊට සුළු හානියක් සිදු වී තිබෙන්නේ,ඉලක්කය වැරදී යාමෙන්ය.

කෙසේවෙතත්,කඳවුරු භූමියේ ඡායාරූප නිකුත් වීමෙන් පසුව දැක ගන්නට ලැබුණේ අල්-වටියා කඳවුරේ එක් පැන්ටිසියර් එස්1 පද්ධතියක් විනාශ වී තිබෙන අයුරුත්,තව එකක් නිරුපද්‍රිතව ගොඩනැගිල්ලක් තුල නවතා තිබෙන අයුරුත්ය.

පසුගිය වර්ෂ දෙකක කාලය තුල ලිබියාවට පැන්ට්සියර් එස්1 පද්ධති කිහිපයක් ලගා විය.බොහෝවිට මේවා එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ලබා දෙන්නට ඇති.

පළමු පද්ධතිය දැකගන්නට ලැබුණේ 2018 ජූනි මාසයේදීය.එහි ඡායාරූප ලිබියානු ජාතික හමුදාවට සම්බන්ධ සමාජ ජාලා මාධ්‍ය වෙබ් අඩවිවල පළ කර තිබිණි.මේවා එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත අපනයනය කල මොඩලයන්ය.මන්ද එරටට විකුණු පද්ධති ජර්මනියේ නිෂ්පාදිත රෝද 8හි ට්‍රක් රථයක් මත ස්ථාපනය කල ඒවාය.

මැයි 17දා පටන් පැන්ට්සියර් එස්1 පද්ධති විනාශ කරන වීඩියෝපට අන්තර්ජාලය තුල සංසරණය වේ.

එදිනම සර්ට් නගරය ආසන්නයේදී එක් පද්ධතිය විනාශ කරන අතර අනෙක් ජාතික සම්මුති රජයේ හමුදා අතට පත් විය.

ඊට අමතරව,ටර්හුනා නගරය අවටදී තවත් පැන්ට්සියර් පද්ධති තුනක් විනාශ කලේ යැයි ඔවුන් පැවසීය.

ඒ අනුව ලිබියානු ජාතික හමුදාවට අහිමි වූ පැන්ට්සියර් එස්1 පද්ධති ගණන හයකි(සුළු හානියක් සහිතව සොයා ගත් එකත් සමග).

මැයි 20දා ටර්හුනා සහ අල්-වස්කා ප්‍රදේශවලදී තවත් පැන්ට්සියර් පද්ධති දෙකක් විනාශ කෙරේ.වාර්තාවලට අනුව ප්‍රහාරය එල්ල වෙද්දී එක් පද්ධතිය සක්‍රීයව තිබිණි.

අවසානයේදී පැන්ට්සියර් එස්1 පද්ධති 8 විනාශ වී තිබෙන අතර එකක් නිරුපද්‍රිතව අල්ලා ගෙන තිබේ.

ඉන්පසුව,මීට පෙර නොදුටු වීඩියෝවක් නිකුත් කරන ලදි.එහි දැක්වෙන්නේ තවත් පැන්ට්සියර් එස්1 පද්ධති දෙකක් ගුවන් ප්‍රහාරවලින් විනාශ වන අයුරුය.වීඩියෝවේ ආරම්භයේදී ඒවා මාර්ගයක ධාවනය වෙමින් තිබෙන්නේ රේඩාර් පද්ධතිය සක්‍රීයව තබාගෙනය.ධාවනය වෙද්දී පළමු වැන්න විනාශ කෙරේ.දෙවැන්න ට්‍රක් රථයක් පටවා රැගෙන යන අතරමග නවතා තිබියදී ප්‍රහාරයේ ඉලක්කය බවට පත් වේ.

අවසන් වශයෙන් තවත් පද්ධතියක් සුක් එල්-අහඩ් හිදී විනාශ කෙරේ.

ඉහත දැක්වෙන වීඩියෝව කලින් නොපෙන්වූ එකක් නම් විනාශ කල පැන්ට්සියර් එස්1 පද්ධති ගණන 11කි.එසේ නොවේ නම් තුර්කි ඩ්‍රෝන් යානාවල ප්‍රහාරවලට ගොදුරු වූ පැන්ට්සියර් පද්ධති ගණන 9කි.එකක් නිරුපද්‍රිතව සොයා ගෙන තිබේ.

කෙසේවෙතත්,තුර්කියට අතිශය පක්ෂපාතී,ජාතික සම්මුති රජයේ පාර්ශ්වයට පක්ෂපාතී Clash Report නම් ට්විටර් ගිණුම,ඩ්‍රෝන් ප්‍රහාර හමුවේ විනාශ වූ පැන්ට්සියර් එස්1 පද්ධති සියල්ල අඩංගු වීඩියෝපටයක් නිකුත් කර ඇත.

එම වීඩියෝපටයට අනුව 2019 අප්‍රේල් මාසයේ,ලිබියාවේ ත්‍රස්තවාදීන් මුලිනුපුටා දැමීමේ ලිබියානු ජාතික හමුදාවේ මෙහෙයුම ආරම්භ කිරීමේ පටන් ජාතික සම්මුති රජයේ හමුදා විනාශ කල පැන්ට්සියර් එස්1 පද්ධති ගණන 15කි.

එනම් ගණනය කිරීම් නිරවද්‍යය නම් සතියක් ඇතුලත පැන්ට්සියර් එස්1 පද්ධති ගණන 10කි.නමුත් පෙර වර්ෂයක් තුල විනාශ කර තිබෙන්නේ පැන්ට්සියර් පද්ධති 5ක් පමණි.

source:southfront.org

%d bloggers like this: