Menu Close

ඉතිහාසඥයාගේ ඉතිහාසය

ඉතිහාසය යනු අපේ පැවැත්මේ අත්‍යන්ත මානයකි. හෛඩගර් අපට කියා දී ඇති ලෙසම මිනිසා යනු අතීතයක් සිය පැවැත්මේ අත්‍යන්තයක් ලෙස තිබෙන්නා වූ පැවැත්මකි. අපට ‘ජීවිතයක්’ පමණක් නොව ‘ජීවිත කතාවක්’ ද තිබෙන්නේ එම නිසාය. 

අප කුඩා කාලයේ සිටම ‘ඉතිහාසය’ ඉගෙන ගෙන තිබේ. අපේ රටේ ‘ඉතිහාසය’ කුමක්ද කියා නොදන්නා පිරිස ඉතාම අඩු වනු ඇත. අපි බුදුන් වහන්සේ ගේ ජීවිත කතාවේ ඉතිහාසය ද හොඳින් දන්නෙමු. එම නිසා ඉතිහාසය විශේෂයෙන් ඉගෙන ගැනීමේ සංකීර්ණතා අපට එතරම් හසු වන්නේ නැත. ඉතිහාසය අපි දන්නෙමු. “එය ලියා තිබේ. අපට තිබෙන්නේ එය කියවා ඉගෙන ගැනීමටයි.” අප සාමාන්‍යයෙන් සිතන්නේ මේ ආකාරයටයි. 

ඉතිහාසඥයා ඉතිහාසය දකින්නේ කෙසේද? අප සාමාන්‍යයෙන් මේවා ගැන එතරම් උනන්දු වන්නේ නැත. අප එය විශේෂ ප්‍රශ්නයක් කියා සිතන්නේ ද නැත. එම නිසා අපිට ඉතිහාසකරණය යනු ඉතා සරල වැඩක් කියා සිතෙයි. 

නමුත් ඉතිහාසය ගැන ඉතිහාසඥයා ගේ භාවිතය කුමක්ද? මේ සමග තිබෙන්නේ නිර්මාල් රංජිත් දේවසිරි ගේ ‘ The Adaptable Peasant: Agrarian Society in Western Sri Lanka Under Dutch Rule, 1740-1800’ කෘතියේ PDF පිටපතකි. ඉතිහාසය ගැන විධිමත්ව ඉගෙන ගන්නවා කියන්නේ කුමක්ද යන්න තෙරුම් ගැනීම සඳහා මෙය කියවීම ප්‍රයෝජනවත් විය හැකිය. ලන්දේසි පාලන සමයේ ශ්‍රී ලංකාවේ සමාජ පරිවර්තනයේ ඉතිහාසය අප තේරුම් ගන්නේ කෙසේද? යුරෝපීය යටත්විජිතවාදයට පෙර පැවති සමාජ ක්‍රමය වෙනස් වී නව වාණිජ සංස්කෘතියක් වෙත අනුගත වූ සමාජයක් බවට ලංකාව පරිවර්තනය වූයේ කෙසේද? මේ තිබෙන්නේ එම ඉතිහාස කතාවේ සමීප දසුනකි. 

පොත මෙලෙස බෙදා ගැනීමට අවසර දීම සම්බන්ධයෙන් නිර්මාල් ට ස්තුතිය. 

***

%d bloggers like this: