Menu Close

රජය කොරෝනා අරමුදල ගැන විනිව්ද භාවයකින් කටයුතු කරන්නේ නැත්තේ ඇයි?

කොරොනා වෙනුවෙන් සටන් කරන්න ශ්‍රීලංකා රජය ආරම්භ කල සමාජ ආරක්ෂණ අරමුදල වෙත මේ වෙනවිට රුපියල් මිලියන 1500ක පමණ මුදලක් ලැබිලා තිබ්බත් ඒ මුදල් වියදම් වෙන පාටක් වියදම් කරන පාටක් පේන්න නෑ.

අන්න ඒනිසා රටේ මිනිස්සු අතර සැකයක් ඇතිවෙලා තියෙනවා මේ අරමුදලේ මුදල් සුනාමි සහන අරමුදලෙ වගේ අයථා ගණුදෙනු වලට ලක්වෙලා දේශපාලකයෝ ගසාකනවාද කියලා.

ඉතින් ඒ නිසා රජය මේ වෙලාවේ මේ අරමුදලට ලැබුණු මුදල් වගේම ඒ මුදල් වියදම් වෙච්ච විදිහ සහ ඉස්සරහට වියදම් වෙන්න තියෙන දේවල් වගේම තව කොච්චර මුදලක් ඒ සදහා අවශ්‍යද කියලා විනිවිද භාවයකින් යුතුව ජනතාවට කියනවා නම් මේ කිසිම සැකයක් ඇති වෙන්නේ නෑ ජනතාවට ආණ්ඩුව ගැන සහ මේ වැඩ පිළිවෙල ගැන.

ඒකට තවත් හේතුවක් තියෙනවා. මෙච්චර මිලියන දහස් ගණනක් අරමුදලට ලැබිලා තියෙද්දිත් රටේ රෝහල් කාර්ය මණ්ඩලවලට අවශ්‍ය පහසුකම් තාමත් ලැබිලා නෑ. ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට කිසිම පහසුකමක් ලැබුණු බව පෙන්න නෑ.

ඒ නිසා ජනතාව එකතුවෙලා මුදල් සම්මාදම් කරලා ඒ අවශ්‍ය මාස්ක්, ග්ලවුස්, ආරක්ෂිත මුහුණු ආවරණ සහ ආරක්ෂිත ඇදුම්, විෂබීජ හරණ කුටි එක්ක රෝගීන්ට අවශ්‍ය ආහාර පාන ඇදුම් පැලදුම් ඇතුළු සියළුම දේ ලබාදෙන නිසා මිනිස්සුන්ට ආණ්ඩුව ගැන සැකයක් ඇතිවෙන එක අහන්න දෙයක් නෙවෙයි.

අනික කන්න බොන්න සල්ලි නැති රස්සාවක් කරගන්න බැරි මිනිස්සුන්ට තාමත් කන්න බොන්න ආධාර කරන්නෙත් මිනිස්සු එකතුවෙලා. ඒ නිසා දැන්වත් ආණ්ඩුව මේ මුදල් වලට මොකද උනේ කියනවානම් ලොකූ දෙයක්.

%d bloggers like this: