Menu Close

18 වන රුසියා-තුර්කි ඒකාබද්ධ මුර සංචාරය- අයින් අල්-ඇරබ්

මැයි මස 21දා රුසියානු හමුදා පොලිසිය,තුර්කි හමුදාව සමග එක්ව සිරියාවේ බටහිර කොටසේ කොබානි ප්‍රදේශයේ මුර සංචාරයක නිරත වූහ.මෙය රාමදාන් මාසය තුල සිදු කල තුන්වන මුර සංචාරය මෙන්ම මේ දක්වා සිදු කල 18 වන මුර සංචාරය ලෙසද වාර්තාවේ.

මෙම මුර සංචාරය සඳහා රුසියානු සහ තුර්කි සන්නද්ධ රථ 8ක් සහභාගී වූ අතර රුසියානු හෙලිකොප්ටර් යානා දෙකකින් ඒවාට ආරක්ෂාව සැපයිණි.කොබානි නගරයේ සිට කිලෝමීටර් 20ක් බටහිරින් පිහිටා ඇති අෂ්මා ගම්මානයෙන් ආරම්භ මුර සංචාරය චාර්ක්ලි ෆොව්කානි,ජිබ්නෙ සහ බයාඩියා ගම්මාන පසු කරමින් නැගෙනහිර යුප්‍රටීස් ඉවුරේ ජරාබුලස් නගරය ආසන්නයේ තිබෙන සොර් මගර් ගම්මානය තෙක් සිදු කෙරිණි.බටහිර කොබානි හි පිහිටා ඇති අවසන් ගම්මානය මෙයයි.

සොර් මගර් ගම්මානයට පැමිණි පසුව භට පිරිස එහි සිට නැගෙනහිර දෙසට ගමන් කලේ බයාඩියා,ජිබ්නෙ,මිෂ්කු,බයින්ඩර්,කරකොයි ටැට්නි,කොලා සහ සොසන් ගම්මාන පසු කර යමින් අල්-ඊසා හි කුර්දි අසියෂ් ආරක්ෂක අංශ මුරපොල වෙත ලඟා වෙමින්ය.

මෙහිදී විශේෂයෙන් සඳහන් කල යුතු වන්නේ රුසියා සහ තුර්කි හමුදා කොබානි නගරයේ නැගෙනහිර කොටසේ 17 වන මුර සංචාරය සිදු කලේ මැයි 7දා යන්නයි.

source:wardiary.net

%d bloggers like this: