Menu Close

සිරි සුමන වැනුම


සිරි සුමන වැනුම

දුනු අතහැඩට සකසාලා නෙතින් නෙත

සියපතකට වඩා සියුමලි සුසුදුවත

නිරමිතලෙසට පොරවා පඬු සළුව ගත

මිහිමතකෙනෙක් වෙද හැඩ මාසම කරත

 

කුංකුමදියෙන් දොහොවා අහි දරන් යට

පංසිළුවෙණින් පුබුදා මන දනන් වට

කංකළුනදින් නහවා පද වැල්සුමට

පිංකඳ වෙසින් වැඩ සිටිනා රුවන් පිට 


ඉඳ ඉඳ එක වෙහෙර ලැබුනෙද පරකාසී

පෙරළෙන ගලක බැඳුනෙද සඳ පෙඳ පාසී

සිඳ බිඳ කුමට දුක් සසරට වෙන වාසී

නිරයට පෙරත් සැප වින්ද නෙ ඉසිදාසී

 

දින දින වැඩෙයි බිඟු කැල මෙන් අතවැසියෝ

පියපිය ඇදෙයි දෙවු පුර වෙත සිරිමතියෝ

කන කන ඇසෙයි ගුන වැයුමෙන් පිරි රුසියෝ

එනු එනු තෙපිත් වෙත මේ පුරවර රිසියෝ

—-

තුන්ලොව තිලක ගොයුමානන් දහම් හැර

කම්සුව කෙල සිල් රැකුමෙන් ඉවත් කර

වෙන්වුව මෙලෙස පින් ගඟුලෙන් නිරන්තර

භික්ෂුව! කෙළෙස එළිවේවිද නිවන් දොර


 

 

 

 

%d bloggers like this: