Menu Close

නිපුණ මුදලාලිගෙ පිංකම් හා සාධාරණ වී මිලක්.

අනෙක් හැම ක්ෂේත්‍රයකම වගේ සහල් නිෂ්පාදන ක්ෂේත්‍රයෙත් විශාල මාෆියාවක් පවතින බව ඇත්ත. මහා පරිමාණ සහල් නිෂ්පාදකයන් විශාල ලාභ රේට්ටුවක් ගන්නෙ ඒකයි. එහෙම විශාල ලාභයක් ගන්න නිපුණ මුදලාලි සෝමවතී රාජමහා විහාරයේ සුවිශාල ධර්ම ශාලාවක් ඉදි කරල තියෙනව. දැවමය හා ශෛලමය නිර්මාණ වලින් යුක්ත ඒ ධර්ම ශාලාව ඉදි කරන්න රුපියල් කෝටි 100කට වඩා යන්න ඇති. දෙකයි පනහෙ ලාභයක් ගන්න මිනිහෙකුට එහෙම පිංකම් කරන්න බැහැ. ඒ විශාල ලාභය නිසා යටි සිතේ ඇතිවන වරදකාරී හැගීම පහ කර ගන්න නිපුණ මුදලාලි ඒ ධර්ම ශාලාව හදන්න ඇති. ඒත් සෝමාවතියෙ ලොකු හාමුදුරුවොවත් ආණ්ඩුවවත් නිපුණ මුදලාලිට කියන්නෙ නෑ උබ ඔය ලොකු ලාභය ගන්නෙ සාධාරණ මිලකට වී විකුණා ගන්න බැරිව වහ බොන ගොවියන්ගෙ රුධිර මාංසෙ හූරගෙන කාලය කියල.

හැබැයි මෙහෙම එකකුත් තියෙනව. මොන තරම් දැගලුවත් සමස්ත වී නිෂ්පාදනයෙන් ආණ්ඩුවට මිල දී ගන්න පුළුවන් වෙන්නෙ 4%ක පමණ ප්‍රමාණයක්. ඒ කියන්නෙ ඉතුරු 96%ම ගොවිය විකුණන්න ඕන පෞද්ගලික අංශයට. ගොවියා නිෂ්පාදනය කරන හැම වී ඇටේම එක වගේ නැහැ. සමහරු ගුණාත්මකව වී නිපදවනව. සමහරු වැස්සට අහුවෙලා තැවිච්ච වී නිපදවනව. සමහරු මැස්සො බීපු වී නිපදවනව. ආණ්ඩුවෙන් ගුණාත්මක වී මිලට ගන්න කොට මේ ඔක්කොම රිජෙක් වෙනව. එතකොට මේ හැම කුණු ගොම මිලට ගන්නෙ පෞද්ගලික අංශය. එයාල ඒව මිලට ගන්නෙ අඩු මිලකට. ඔන්න එතකොට කියනව ගොවියට සාධාරණ මිලක් දෙන්නෙ නැහැය කියල. ඒවත් වැරදි වැඩ.

image_a0aac190f5

ගුණාත්මක වී නිෂ්පාදනය කිරීම, නිෂ්පාදන වියදම අවම කර ගැනීම සුළු පරිමාණ වී ගොවීන්ට කරන්න අපහසු වැඩක්. ලංකාවෙ වී ගොවීන්ගෙන් 70%ක් විතර හෙක්ටාර් එකකට වඩා අඩු ගොවිබිම් වල අයිතිකරුවන්. ඉතින් අයිතිය එසේම තබා ගනිමින් හෝ වෙනස් කරමින් හෝ මේ ඉඩම් කට්ටි එකට එකතු කිරීමෙන් විශාල නිෂ්පාදකයකු නිර්මාණය කර ගැනීම තමයි කරන්න ඕන. එහෙම නැතිව වී නිෂ්පාදනයේ ගොඩක් ප්‍රශ්න වලට විසදුම් හොයා ගන්න බැහැ. මහා පරිමාණ මෝල්කරුවන්ට මුහුණදෙන්නත් බැහැ

%d bloggers like this: