Menu Close

කොළඹ සමාජයේ පාදඩ කල්ට් බිහිවීම

2011 තරම් ඈතක දී එක්තරා පුද්ගලයෙක් තම ෆේස්බුක් වෝලයේ තබා තිබුණේ මෙවැනි සටහනක්.

“මම ඉන්නෙ ගල්කිස්සෙ. හවසට මා එක්ක බොන්න කැමැති කෙනෙක් ඉන්නව ද?”

එදින ඔහුට කිසිවෙක් හමු නොවුන නිසා දෝ පසුව ඒ ගැන නැවත සටහනක් තබා තිබුණේ කළකිරීම මුසු කේන්තියකින්.

මුල් කාලයේ කොළඹ සමාජය තුළ නන්නත්තාරව සිටි සමහර චරිත තම කාන්සිය මකා ගැනීම සදහා සමූහිකගතවීමට එවැනි විවිධ උපක්‍රම සමාජ මාධ්‍ය තුළ යෙදුවා. ඒ බොහෝ අය ගමේ සිට කොළඹ ආ අයයි. එසේම විවිධ ක්ෂේත්‍රයන් තුළ දක්ෂතා තිබූ අයයි.

සමහරවිට එවැනි බොහෝ අය කවියන්, ලේඛකයන්, මාධ්‍යකරුවන්, සාහිත්‍යකරුවන් ආදී දක්ෂතා පෙන්වූ අංකුරයන්. කොහොම උනත් මේ අයට සාමූහික ගතවන්නට සෑහෙන කලක් ගියා. පසුව ඔවුන් නොවරදවා හවසට හවසට සෙට් උනා. එකිනෙකා අදුර ගත්තා

98361599_1804787889645454_1675690655994609664_n. එකිනෙකා හා සහෝදරත්වයෙන් බැදුනා. සාමූහික වැඩ කළා. එකිනෙකාගේ ලනු කෑව. ඒ වගේම එකිනෙකා සමග අනුන්ට ලනු කැව්වෙව්වා. ඒ වගේ පොඩි පොඩි කල්ට් හදා ගත්තා.

මිනිසුන් උපතින් රංචු ගැසීමට රුචිකමක් දක්වන නිසා කොළඹ අවකාශයේ මෙවැනි පිරිස් සාමූහික ගතවීමෙහි ද වරදක් නැහැ. එහෙත් ඔවුන් ගොඩ නගා ගත් කල්ට් වලින් කෙරුනේ තමන්ගේ ශූන්‍ය ජීවිත වල අඩුවක් පුරවා ගැනීමට මහන්සිවීම පමණක්වීම බරපතල දුර්වලතාවක්. ගමෙන් ආ අයගේ ආවේනික කුහකකම, හීනමානය හා ඊර්ෂ්‍යාව වැනි චිත්ත සංතානයේ පවත්නා පිළිකා ගැටිති වර්ධනය කර ගැනීමත් තම පැවැත්ම සදහා ඉනිමං සොයා ගැනීමත් ආදී ස්වාර්ථය සදහාම වූ දේවල් පමණක් සාර්ථක කර ගත්තා.

මෙසේ එකතු වූ පිරිස් ගමෙන් ආවත් නගරයෙන් ආවත් නන්නත්තාර හා පාදඩ සමාජ කොටස්වීම නිසා සමාජ වෙනසකට අංශු මාත්‍රයක දායකත්වයක් දරන්නට ඔවුන්ට අවශ්‍ය උනේ නැහැ. එකෙකු ලියන කවියකින්, තවකෙකු ලියන කෙටි කතාවකින් හා ඒවාට තවත් අයකු ලියන ප්‍රශස්තියකින් එපිට සමාජය වෙනස් කරන දැනුම් පද්ධතියක් නිර්මාණය කරන්නට ඔවුන් සමත් උනේ නැහැ.

මේ සම්බන්ධයෙන් මට මතක් වන්නේ මහා සංස්කෘතිය හා චූල සංස්කෘතිය ගැන ආචාර්ය නිව්ටන් ගුණසිංහයන්ගේ විවරණයයි.

%d bloggers like this: