Menu Close

කළු සල්ලි හා වසල වෙළෙද කුලය

1978න් පස්සෙ ආර්ථිකයේ වැඩි කොටස මූල්‍යකරණයට ලක්වූවාට පසුව මුදල් වලින් මුදල් මැවීමේ ප්‍රාග්ධන උත්පාදනයක් පටන් ගත්ත. ඒක ආර්ථිකයේ කළු පැත්ත එහෙම නැත්නම් උපයන් මුදල් වලින් බදු නොගෙවීම මතයි සිදුවුනේ. සූදු කෙලීම, මත්ද්‍රව්‍ය වෙළෙදාම, කොමිස් ගැනීම වැනි ක්‍රියාවන්ගෙන් එලෙස ඉපයූ ධනය බොහෝවිට හංගාගෙන සිටීම තමයි එයාල කරන්නෙ.

අනෙක් විශේෂ ලක්ෂණය වන්නෙ උපයන ධනයට බදු නොගෙවීම. ලංකාවේ කොච්චර සල්ලිකාරයො හිටියත් පාරට බැස්සහම ලක්සරි වාහන පෝලිමේ ගියත් ආදායම් බදු ගෙවන්නෙ රටේ ජනතාවගෙන් 3%ක් පමණ අල්ප කොටසයි. බොහෝ අය කරන්නෙ ආදායම් බදු දෙපාර්තමේන්තුවේ මහා භාණ්ඩාගාරයේ ඉහළ නිලධාරීන් හා දේශපාලකයන් අල්ලාගෙන බදු නොගෙවා සිටීමයි.

97475406_2888137861234062_1183412233355395072_o

1977 වනවිට සමාගම් බදු වලින් ඉපයූ ආදායම 60%ක් වුවත් දැන් එය 28% දක්වා පහළ බැහැලයි තියෙන්නෙ. ඒ වෙනුවට වක්‍ර බදු විශාල ප්‍රමාණයක් පනවා ඒ බදු වලින් ආණ්ඩුවේ වියදම් පියවා ගැනීමයි කරන්නෙ. එවිට ඒ බදු ගෙවිය යුත්තේ පරිප්පු 250ක් සීනී 500ක් හාල් කිලෝවක් මිලට ගන්නා මිනිස්සුයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, හොර අරක්කුකරුවන්, රේස්බුකිකරුවන්, ගණිකා මඩම් අයිතිකරුවන් පාර්ලිමේන්තු යන්නට පට්ට මහන්සියක් දරන්නේ මෙන්න මේ ආර්ථික ක්‍රමය රැක ගන්නයි. එයාල කෝටි ප්‍රකෝටි ගණනින් අයථා ලෙස උපයන මුදලින් පාරට කොන්ක්‍රීට් ටිකක් දැම්මහම, වතුර ටැප් එකක් හයි කළාම අපේ මිනිස්සු එයාලට දෙයියන්ට බුදුන්ට වගේ සලකනව.

අපි මහන්සි වෙලා පරාජය කළ යුත්තේ මෙන්න මේ වසල වෙළෙද කුලයේ ආර්ථිකයයි. හැබැයි ජාතිය මතක් කරමින් දෙයියන් බුදුන් මතක් කරමින් ජාතික ආර්ථිකයක් හදන්න මහන්සි වෙන අය ආරක්ෂා කරන්නෙ රටේ ධනය හූරල කන වසල වෙළෙද කුලය බව අමතක කරන්න එපා

%d bloggers like this: