Menu Close

ලිබියාවේදී මිය ගිය සිරියානු සටන්කාමීන් ගණන 300 ඉක්මවයි

මානව හිමිකම් සඳහා සිරියානු නිරීක්ෂණාගාරය මැයි 21දා වාර්තා කල පරිදි මේ දක්වා ලිබියානු යුද්ධයේදී මිය ගිය සිරියාවෙන් පැමිණි තුර්කි ප්‍රොක්සි හමුදා සටන්කාමීන් ගණන 311 දක්වා ඉහළ ගොස් තිබේ.මොවුන් සටන් වැදුණේ ට්‍රිපොලි නගරය කේන්ද්‍රකරගෙන පිහිටුවා ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගත්,තුර්කියේ සහාය හිමි ජාතික සම්මුති රජය වෙනුවෙනි.

එක්සත් රාජධානය පදනම් කරගෙන ක්‍රියාත්මක මෙම මානව හිමිකම් නිරීක්ෂණ කණ්ඩායමට අනුව මිය ගිය පිරිසෙන් 18 දෙනෙක් වත් බාල වයස්කරුවන් වේ.සිය ලිබියානු යුද ව්‍යාපාරය වෙනුවෙන් දැන් තුර්කිය ළමා සොල්දාදුවන් බදවා ගන්නේ යැ‍යි එම කණ්ඩායම මීට ඉහත සිය වාර්තාවේ සඳහන් කර තිබිණි.වාර්තාවේ සඳහන් පරිදි මේ දක්වා වයස අවුරුදු 16-18 අතර ළමා සොල්දාදුවන් 150ක පමණ පිරිසක් ලිබියාවට යවා ඇත.මොවුන් සිරියාවේ ඉඩ්ලිබ්,උතුරු ඇලෙපෝ සිට අෆ්රින් දක්වා විහිදෙන කලාපයේ පදිංචිකරුවන්ය.

ළමුන් යුද සේවය සඳහා බදවා ගැනීමට වගකිව යුතු යැ‍යි වාර්තා වන්නේ තුර්කි ප්‍රොක්සි හමුදා කණ්ඩායමක් වන සුල්තාන් මුරාඩ් සේනාංකයයි.

පසුගිය සමයේ ලිබියානු ජාතික හමුදාවට එරෙහිව දියත් කල සාර්ථක ප්‍රහාර පිටුපස ප්‍රධාන භූමිකාවට පණ පොවා තිබෙන්නේ සිරියාවෙන් පැමිණි සටන්කාමීන් යැ‍යි මානව හිමිකම් නිරීක්ෂණ කණ්ඩායම පවසයි.පසුගියදා බටහිර ලිබියාවේ අල්-වටියා ගුවන් හමුදා කඳවුර අත්පත් කර ගැනීමේ මෙහෙයුම සඳහාද සිරියානුවන් සහභාගී වී තිබේ.

ලිබියාවේ ජාතික සම්මුති රජයේ පාර්ශ්වය වෙනුවෙන් සිරියානු සටන්කාමීන් 9,600ක් පමණ සටන් වැදී සිටිති.මොවුන්ගෙන් 3,300ක පමණ පිරිසකට තුර්කියේ කඳවුරුවලදී හමුදා පුහුණුව ලබා දී ඇතැ‍යි වාර්තාවේ.

සිරියානු සටන්කාමීන් එවීමට අමතරව,සිය හමුදාවේ සෙබලුන් සැලකිය යුතු ප්‍රමාණයක්ද ලිබියාවට එවන්නට තුර්කිය කටයුතු කර තිබේ.ලිබියානු ජාතික හමුදාවේ ප්‍රකාශකයෙක් වන මේජර් ජෙනරල් අහමඩ් අල්-මෙස්මර්ට අනුව මේ වෙද්දී ලිබියාවේ රඳවා ඇති තුර්කි සෙබලුන් ගණන 1,500ක් පමණ වේ.අවම වශයෙන් තවත් සෙබලුන් 2,500ක් වත් ඉදිරි කාලයේදී එරටට ලගා වීමට නියමිතය.

තුර්කියෙන් ලැබෙන පුළුල් සහාය හමුවේ ලිබියානු ජාතික හමුදාවට එරෙහි සටනේදී ජයග්‍රාහී මාවතට ප්‍රවේශ වන්නට දැන් ජාතික සම්මුති රජයේ හමුදා සමත්ව සිටියි.ගෙවී ගිය දින කිහිපය තුල බිම් මට්ටමේ සැලකිය යුතු ජයග්‍රහණ අත් කරගන්නට ඔවුන්ට හැකියාව ලැබුණු අතර පෙරමුණු කිහිපයකින් පසුබසින්නට ලිබියානු ජාතික හමුදාවට සිදුවිය.

source:southfront.org

 

%d bloggers like this: