Menu Close

කොවිඩ්-19 වසංගතය:එක්සත් ජනපදයෙන් රුසියාවට කොරෝනාවෛරස ආධාර පැකේජයක්

කොරෝනවෛරස වසංගතයට එරෙහිව සටන් වැදී සිටින රුසියාවට සහයෝගයක් වශයෙන් ශ්වසනාධාරක උපාංග 50 ක් එරටට සපයන්නට එක්සත් ජනපදය මැයි 21දා කටයුතු කලේය.තවත් ශ්වසනාධාරක කට්ටල 150ක කාණ්ඩයක් ඉදිරි සතියේදී රුසියාවට ලබා දෙන බව මොස්කව් හි ඇමෙරිකානු තානාපති කාර්යාලය පැවසීය.

අප්‍රේල් මස 1දා රුසියාවද ශ්වසනාධාරක  සහිත කොරෝන වෛරස ආධාරක පැකේජයක් එක්සත් ජනපදයට යැවීය.කෙසේවෙතත් ඉන් පසුව එළඹි සති කිහිපය තුල රුසියාවේ කොවිඩ්-19 ආසාදිතයන් ගණන ඝාතීය ලෙස වැඩි වීමත් සමග ප්‍රති උපකාරයක් වශයෙන් එක්සත් ජනපදය මෙම පැකේජය ලබා දී තිබේ.මේවන විට ආසාදිතයන් ගණන අතින් රුසියාව තෙවන ස්ථානයේ පසුවන්නේ එක්සත් ජනපදයට සහ බ්‍රසීලයට පසුපසින් සිටිමින්ය.කෙසේවෙතත් ආසාදිතයන්ට සාපේක්ෂව රුසියාවේ කොවිඩ්-19 මරණ ගණන අඩු මට්ටමක පැවතීම විශේෂත්වයකි.

us-sends-coronavirus-aid-package-with-ventilators-to-russia

source:southfront.org

%d bloggers like this: