Menu Close

වීඩියෝ වාර්තාව:සුකොයි ෆයිටර් ජෙට් යානා ගුවනේදී ඉන්ධන ලබා ගන්නා අයුරු

russian-mod-releases-video-showing-air-to-air-refuelling-of-sukhoi-fighter-jets

ඉලියුෂන්-78 යනු එන්ජින් හතරක් සහිත ඉන්ධන ප්‍රවාහන ගුවන් යානයකි.මෙම යානයට එක් පියාසැරයකදී ජෙට් යානා 10කට ඉන්ධන ලබා දීමේ හැකියාව තිබේ.මෙම ගුවන් ගමන සඳහා සුකොයි-24එම් ,සුකොයි-34 සහ සුකොයි-30 ජෙට් යානා 20කට වැඩි ගණනක් සහභාගී වූහ.

එකිනෙකට මීටර් 20ක් පමණ ඈතින් සිටිමින් මීටර් 6,000 ඉහළ අහසේදී ඉලියුෂන්-78 යානයෙන් ඉන්ධන ලබා ගන්නා සුකොයි ෆයිටර් ජෙට් යානා දැක්වෙන වීඩියෝපටයක් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කර තිබිණි.මෙම ක්‍රියාවලිය සිදුවන්නේ ගුවන් යානා පැයට කිලෝමීටර් 600ක පමණ වේගයෙන් පියාසර කරමින් සිටියදීය.මෙම වීඩියෝපටය එක් ජෙට් යානයක නියමු කුටියේ සිට පටිගත කල එකකි(පෙනෙන හැටියට සුකොයි-34 යානයක්)

source:sputniknews.com

%d bloggers like this: