Menu Close

ලිබියානු ඉතිහාසයේ විශාලතම ගුවන් සංග්‍රාමය

haftars-force-announce-beginning-of-largest-aerial-campaign-in-libyan-history

ලිබියානු ඉතිහාසයේ විශාලතම ගුවන් සංග්‍රාමය ආරම්භ කිරීමට සූදානම් බව ලිබියානු ජාතික හමුදාවෙහි ගුවන් හමුදාවේ ප්‍රධානී සකර් අල්-ජරොෂි මැයි 21දා නිවේදනය කලේය.

ඉදිරි පැය කිහිපයේදී ඔබට ලිබියානු ඉතිහාසයේ විශාලතම ගුවන් සංග්‍රාමය දැක ගැනීමට ලැබේවි.අපගේ ගුවන් හමුදාවේ ජෙට් යානාවල ඉලක්ක වන්නේ තුර්කි ඇලුම්කම් සහ රැඳී සිටින(තුර්කිය ගෙන ආ සටන්කාමීන්)ස්ථාන සහ සියලු නගරයි.සිවිල් වැසියන් ඒවායි ඉවත්ව සිටින්න යැයි අපි දැනුම්දෙනවා” යනුවෙන් ඔහු සිය ප්‍රකාශයේ සඳහන් කර තිබිණි.

සිරියාවේ තිබෙන රුසියානු පාලනය යටතේ ඇති මෙයිමිම් ගුවන් හමුදා කඳවුරේ සිට රුසියානු ගුවන් හමුදාවේ සුකොයි-35 ජෙට් යානා දෙකක ආරක්ෂාව යටතේ අවම වශයෙන් මිග්-29 යානා හයක් සහ සුකොයි-24 යානා දෙකක් ලිබියාවේ නැගෙනහිර ප්‍රදේශයට පැමිණ ඇති බවට තමන්ට තොරතුරු ලැබී ඇතැයි ලිබියාවේ ජාතික සම්මුති රජයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ෆාති බෂාගා පැවසීය.

 රට තුල යුද්ධයක් ආරම්භ වීමේ අනතුරු ඇඟවීමක් සම්බන්ධව ලිබියාව සඳහා වූ එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ නියෝජිත ස්ටෙෆානි විලියම්ස් මැයි 19දා වාර්තා කලාය.

ඒ අතරතුර ජාතික සම්මුති රජයේ හමුදා ටර්හුනා නගරය දෙසට ගමන් කරමින් සිටියි.ඔවුන් වෙත හෆ්ටර්ගේ ලිබියානු ජාතික  හමුදාවෙන් ගුවන් ප්‍රහාර සහ කාලතුවක්කු ප්‍රහාර විශාල වශයෙන් එල්ල වන බව වාර්තාවේ.දෙපාර්ශ්වය අතර මේ වෙද්දී බරපතල ගැටුම් සිදුවෙමින් තිබේ.

ටර්හුනා වෙත ඇදෙන ගමනේදී අල්-අසාබියා නගරයට ඇතුල් වීමට ජාතික සම්මුති රජයේ හමුදා උත්සාහ දරයි.මීට ඉහතදී ඔවුන් අල්-වටියා ගුවන් හමුදා කඳවුර අල්ලා ගත්හ.

ලිබියානු ජාතික හමුදාවේ උදව්කරුවෙක් වන,ඊජිප්තුවේ අබ්ඩෙල් ෆාටා අල් සිසි පවසන්නේ ලිබියාවේ වාතාවරණය සලකා බලද්දී රටේ ස්වෛරීභාවය ,ආරක්ෂාව සහ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීම සඳහා දේශපාලනික විසඳුමක් අවශ්‍ය බවයි.

ලිබියාව සම්බන්ධව අප්‍රිකානු සංගමයේ සම්බන්ධක කණ්ඩායමේ වීඩියෝ සම්මන්ත්‍රණයකට සහභාගී වෙමින් ජනපති සිසි කියා සිටියේ ලිබියාවේ ස්ථාවරභාවය ඊජිප්තුවේ ජාතික ආරක්ෂාවේ එක් නිර්ණායකයක් වන බවයි.තවද ඊජිප්තුව ත්‍රස්තවාදී කණ්ඩායම් මෙන්ම ඒවාට සහාය දෙන පිරිස්ද අනුමත නොකරන්නේ යැ‍යිද කීය.

ජනපති ප්‍රකාශක බාසම් රඩිට අනුව,ලිබියානු ජනතාවගේ නිදහස සහ ඔවුන්ගේ තේරීම්වලට ඊජිප්තුව සහාය ලබා දෙන බවත්,ලිබියාවේ අභ්‍යන්තර කටයුතුවලට කිසිදු බාහිර මැදිහත්වීමක් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ජනපති සිසි අවධාරණය කර තිබේ.

source:southfront.org

%d bloggers like this: