Menu Close

147. සිඳු නදී පෙම් කතා සක්වලට ඇසේ

මේඝ නදී අඹර පුරා හිතුමතේ ඇදේ තුරුණු නදී ඉවුරු මැදින් සීරුවෙන් ඇදේ අකුණු සරින් නබෝ ගැබින් පෙම් කතා ඇසේ ප්‍රේම තිළිණ සිරි සිරියේ දිය ගැබට පිරේ විසිරි නදී ඉවුරු බිඳි-අසීරුවෙන් ඇදේ දරු බරින් දිය ගැබේ රළ රළුව නැගේ මේඝ නොදිසි අඹර පුරා තරු සිනා මැවේ නදී මවුන් දරු දරා පිපාසයෙන් ඇදේ වෙරළ සමග හාද කතා සිහිනයකි රැයේ සිත් බිඳී… සිඳු රැළී… යළි යළිත් මියේ මෝ දොරින් තනි මවක් සිඳු ගැබට වැදේ

%d bloggers like this: