Menu Close

වීඩියෝ වාර්තාව:කළු මුහුද ඉහළින් පියාසර කරන ටුපලෙව්-22 දිගු දුර බෝම්බ හෙළන යානා

රුසියානු ගුවන් හමුදාවේ ටුපලෙව්-22M3 වර්ගයේ දිගු දුර මෙහෙයුම් සිදු කල හැකි බෝම්බ හෙළන යානා කළු මුහුදුට ඉහල අහසේ පියාසර කරන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් රුසියානු ස්වෙස්ඩා රූපවාහිනී නාලිකාව විසින් ප්‍රසිද්ධ කර තිබේ.

බෝම්බ හෙළන් යානා ගුවන් ගත වීම,පියාසැරිය මුහුදට ඉහලින් පියාසර කරන අයුරු එහි අඩංගුය.

ආරක්ෂක අමාත්‍යාංශයට අනුව මෙම යානා පැය පහක් ගුවනේ රැදෙමින් කිලෝමීටර් 4500කා පමණ දුරක් පියාසර කලහ.වරෙක ඔවුන් සමග දකුණු හමුදා දිස්ත්‍රික්කයේ ෆයිටර් ජෙට් යානාද එක් විය.

මෙම දිගු දුර මෙහෙයුම් ගුවන් යානාවල නියමුවන් ආක්ටික්,උතුරු අත්ලාන්තික්,පැසිෆික් යන සාගර සහ කළු මුහුදු හා බෝල්ටික් මුහුද ආදී මුහුදුවලට ඉහළින් පියාසර කිරීම නිරන්තරයෙන් සිදු වන්නකි.මේ සියලු ගුවන් ගමන් සිදු කරන්නේ ගුවන් අවකාශය සම්බන්ධ ජාත්‍යන්තර නීති ප්‍රකාරවයි.

source:sputniknews.com

%d bloggers like this: