Menu Close

ආසියාව හා අප්‍රිකාව නව වසංගතවලට බිල්ලක්ද?

කොවිඩ් 19 ගෝලීය වසංගතය හමුවේ මුළු ලෝකයේම අවධානය යොමුව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයට හා  චීනය දෙසටයි.ඇමෙරිකාව චීනයට චෝදනා කරමින් කියා සිටින්නේ කොවිඩ් 19 චීනයේ නිෂ්පාදිතයක් බවයි.එහෙත් චීනය එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.කෙසේවෙතත් පසුගිය දශක දෙක පිලිබඳ සොයා බැලීමේදී පෙනී යන්නේ නව වෛරස වසංගත  ආසියාව හා අප්‍රිකාව මුල් කරගෙන හටගෙන ඇති බවයි.මට මෙහි අමුත්තක් දැනුන නිසා සොයා බැලුවෙමි.

1. සාර්ස් වෛරසය – රට චීනය- 2002-2003
2.මර්ස් වෛරසය මද පෙර දිග -2015 වර්තමානය දක්වා 
3.එබෝලා වෛරසය ගුයිනිවා,කොන්ගෝ – 2014-2016
4.කොවිඩ් 19- චීනය – 2019 සිට වර්තමානය දක්වා 
5.ඌරු උණ – මෙක්සිකෝ -2009-2010 (ඇමෙරිකානු කලාපයට අයත් රටකි)
පසු ගිය දශක දෙක තුලම බිහිවූ බරපතල වෛරස වසංගත යුරෝපා කලාපයෙන් වාර්තා නොවීමත් විශේෂයකි.2017 හා 2018 අවුරුදුවල යුරෝපා කලාපයට අයත් නොවන එක්සත් ජනපදයේ උණ රෝගයක් වැළඳී තිබේ.ඒ හැරුණු විට යුරෝපා කලාපයෙන් ලොවට බලපෑම් කල හැකි මිනිසුන් දහස් ගණන් මිය යන වසංගත බිහිව නොමැත.ඉන් එහා දශක ගැන විපරම් කිරීමේදීත් අපට පෙනී යන්නේ මේ තත්වයමය.ඒඩ්ස්,හොන්කොන්ග් උණ, ආසියානු උණ ආදිය උදාහරණ ලෙස දැක්විය හැක.කෙසේවෙතත් 1877 දී වසුරිය රෝගීන් ඕස්ට්‍රේලියාවෙන් මතු වීමත් සමග යුරෝපා කලාපයටත් ලෝකයටත් මිලියන ගණනක ජිවිත අහිමි කළේය.වසුරිය රෝගයත් මිට බොහෝ කලකට පෙර ඉන්දියාවෙන් ලොවට දායාද වූ වසංගතයකි.මේ අනුව බැලීමේදී ආසියාව හා අප්‍රිකාව වසංගතයන්හි  කේන්ද්‍රස්ථාන බවට පත්ව ඇති බව පෙනී යයි.
මෙම ලිපියට පාදක වන්නේ පෙන්සිවෙනියා විශ්ව විද්‍යාලයේ සහකාර අධ්‍යක්‍ෂක ලෙස කටයුතු කරන මහාචාර්ය  සුරේෂ් වී කුඩිපුචි නමැති වෛරස පිළිබද පර්යේෂකයෙක් විසින් ලියන ලද පර්යේෂණ ලිපයකි.
ඔහු විසින් පෙන්වා දෙන පරිදි ආසියානු හා අප්‍රිකානු කලාපවල මෙම වෛරස වසංගත ව්‍යාප්තියට හේතු කිහිපයක් දක්වයි.
1.වේගයෙන් සිදුවන ජන ගහන වර්ධනය 
ලෝක බැංකු  වාර්තා වලට අනුව ලෝක ජනගහනයෙන් 60% ක් ජිවත් වෙන්නේ ආසියානු කලාපයේය.චිනයේ හා ඉන්දියාවේ ජනගහනය 2015 වන විට බිලියන 2.7කි.ඇස්තමේන්තුගත වාර්තාවලට අනුව 2050 අවුරුද්ධවන විට චීනයේ හා ඉන්දියාවේ ජනගහනය බිලියන 5.26 ක් වේ.එවන් තත්වයක් තුල ආසියානු කලාපය තුල සිදුවන මෙම අධික ජනගහන වර්ධනය වසංගත සඳහා බලපාන බව ඔහු සඳහන් කරයි.ජන ගහනය වර්ධනය සමග නාගරීකරණය සීග්‍ර ලෙස සිදුවෙමින් පවතී.මේ නිසා ජනතාව අතර ඉක්මනින් ලෙඩ රෝග ව්‍යාප්ත වීම සිදු වේ.එසේම අපද්‍රව්‍ය එකතු වී වෛරස හෝ බැක්ටීරියා වසංගත හටගනී.

2.නාගරීකරණය හා පරිසර විනාශය 
ජන ගහනය වර්ධනයත් සමග වනාන්තර එලි පෙහෙළි කිරීමෙන් නව ජනාවාස ඉදිකර බිහි කරයි.එවිට විවිධ සතුන් වධ වීම,සතුන් මිනිස්  ජනාවාසවලට සේන්දු වීම, විලෝපිකයන් වධ වීම වැනි දෑ සිදුවෙයි.එවිට පරිසර සමතුලිතතාවයට හානි සිදු වේ.පරිසරයේ විලෝපිකයන් අහිමි වීම තුලින් සත්ව කොටස් තුලින් නිපදවෙන ඇතැම් අහිතකර රසායනික ද්‍රව්‍ය කෙලින්ම පරිසයට මුදා හැරේ.
3. මාංශ පරිභෝජනය  

චීනය ඇතුළු බොහෝ අසියතිකයින්ගේ ප්‍රධාන ආහාරය මාංශයි.ඒ අතර වවුලන්,ඌරන්,සර්පයින් ආදී නොයෙකුත් සතුන් සිටි.මොවුන් තුල සිටින වෛරස මිනිසාට අසාදනය වීම නොවලැක්විය නොහැකිය.මෙම පර්යේකශකයා එසේ කීවත් කොරෝනා  වෛරස වසංගත බවට පත්වන්නේ පසු ගිය දශක දෙක තුලයි. 
4.සත්ව ගොවිපලවල් හා සතුන් දඩයම් කිරීම 
අප්‍රිකාව තුලත් ආසියානු කලාපයේත් සත්ව ගොවිපලවල් පවුල් මට්ටමින් පවත්වාගෙන යයි.එළුවන්,හරකුන්,එළදෙනුන්,කුකුලන්,ඌරන් වැනි සතුන් ඇති කිරීම සිදු කරන්නේ තමන්ට අයත් නිවෙස් ආශ්‍රිතව බැවින් වසංගත බෝ වීම ඉක්මනින් සිදුවේ.අප්‍රිකානු කලාපවල සිදුවන දඩයම් කිරීමේ ඇතැම් ක්‍රම ද සත්වයින්ගේ වෛරස මිනිසාට බෝ වීමේ ප්‍රවනතාව වැඩි බව හෙතම ප්‍රකාශ කරයි.
එතුමා පවසන පරිදි චීනයේ පෞරාණික වෙද පොත් වලට අනුව රෝගාබාධ සඳහා ප්‍රශ්න සහගත පිළියම් පවතින බවයි.එනම් කොටින්ගේ,වලසුන්ගේ,කබල්ලාවන්ගේ ආදියේ දත්,නිය වැනි සත්ව කොටස් ශරීරයේ එල්ලා  ගැනීම වැනි  ප්‍රතිකර්ම තුලින් රෝග බෝ වීමේ සම්භාවිතාව වැඩි බවයි.
කෙසේවෙතත් එතුමා පවසන පරිදි ඉදිරිකාලය  තුලත් මෙවැනි වසංගත බිහිවීම වැළැක්විය නොහැකිය.එම නිසා වනාන්තර විනාශවීම නැවැත්වීම හා මිනිසා හා සතුන් අතර ඇති අන්තර්ක්‍රියා හැකි තාක් අඩු කිරීමට ප්‍රයෝජනවත් ආරක්ෂණ උපාය මාර්ග බිහි කිරීමේ හදිසි අවශ්‍යතාවයක් ඇති බවයි.
මෙතුමා දක්වන කරුණු තුල ඇත්තේ සාමාන්‍ය සත්‍යයක් බව අප කාට උනත් තේරුම් යයි.හේතුව සාර්ස් බෝ වන්නේ වවුල් විශේෂයකිනි.මහාමාරිය බෝ වන්නේ මර්මොට් නමැති සත්ව විශේෂයකිනි.මර්ස් බෝ වන්නේ ඔටුවන්ගෙනි.එබෝලා  වෛරසයද වවුල් විශේෂය්ක්ගෙනි.ඌරු උණ  ඌරගෙන්ද බෝ විය. එම නිසා පෙනී යන්නේ අප්‍රිකානු හා ආසියානු කලාප මෙම සත්වයින් පරිභෝජනය කරන්නේ ඉහල සීමාවක සිට බවයි.මාංශ සඳහා පමණක් නොව වූල් ලබා ගැනීමට, කිරි ලබා ගැනීමට, නිය හා දත් ලබා ගැනීමට එම සතුන්  වැඩි වශයෙන් යොදා ගනී.මෙම කරුණු කොයි හැටි වුවත් කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තියේ  මුල් කාලයේ චීනය විසින් චෝදනා කලේ එක්සත් ජනපදය සිතා මතාම චීනයට වෛරසය බෝ කල බවයි.ඇමෙරිකානු සෙබළුන් විසින් චීනයට එය බෝ කල බවට චෝදනා කළේය.නමුත් දැන් එක්සත් ජනපදය විශාල කඩාවැටීමකට ලක්ව ඇති මොහොතක ඇමෙරිකාව  චෝදනා කරන්නේ චීනයේ වුහාන් නගරය අසල පිහිටි ජෛවරසයනගරකින් වෛරසය මිනිසාට බෝ කල බවයි.චීනය මෙය සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමින් කියා සිටින්නේ මෙය සත්වයින්ගෙන් සම්ප්‍රේෂණය වූ රෝගයක් බවයි.චීනය මුලින් ඇමෙරිකාවට කල චෝදනාව දැන් කරන්නේ නැත.එයද අපට ඉතිරි කරන්නේ සැකයකි.
මෙවැනි ජෛවරසායනාගාර චීනයේ පමණක් නොව ඇමෙරිකා  එක්සත් ජනපදයේද පවතී.වර්ෂ 2009 දී පැවති 64වන එක්සත් ජාතීන්ගේ මහා සමුළුවේදී ලිබියානු හිටපු නායක මුවම්මර් අල්  ගඩාෆි  බරපතල චෝදනාවක් කළේය. ඒ H1N1 වෛරසය(ඌරු උණ) විද්‍යාගාරයක් තුල සමහරවිට  නිපදවා ඇති බවයි.මෙය කාලයෙන් කාලයට සිදුවන ලෝකයේ බල කඳවුරු අතර තවත් එක සටහනක් විය හැකිය.එසේත් නැත්නම් ස්වභාවිකවම සතුන්ගෙන් සම්ප්‍රේෂණය වන වසංගත තත්වයන්ද විය හැක.කෙසේවෙතත් මේ බල අරගල මැද්දේ අපේ හිත තුල ඇති කරවන්නේ මිනිසාගේ ජිවිත පිලිබඳ දැඩි අනාරක්ෂිත බවකි.
මුලාශ්‍ර 
      
%d bloggers like this: