Menu Close

රුසියානු යුද වීරයාගේ ස්මාරකයක් සිරියාවේ සරාකිබ් නගරය ආසන්නයේ පිහිටුවයි

russian-syrian-forces-honor-war-hero-roman-filipov-with-monument-near-saraqib

රුසියානු යුද විරුවෙක් වන රොමන් නිකොලායෙවිච් ෆිලිපොව්,සිය අවසන් සටන සිදු කල ගල් පර්වතය මත ඔහුව සිහිපත් කරමින් ඵලකයක් පිහිටුවීම මැයි මස 16දා රුසියා සහ සිරියානු හමුදාවන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

මීට වසර දෙකකට ඉහතදී ඉඩ්ලිබ් හි දකුණු ප්‍රදේශයේ සරාකිබ් නගරයට ආසන්නයේදී ත්‍රස්තවාදීන් ඔහුව කොටු කර ගන්නා අතර මරණය දක්වා සටන් වදින්නට තීරණය කරයි.ඔහු අවසන් හුස්ම හෙළන්නේ මෙහි දැක්වෙන පර්වතය ආවරණයක් කර ගනිමින් සටන් වදිමින් සිටියදීය.

මේජර් ෆිලිපොව් සිය අවසන් සටන සිදු කල ස්ථානයේ පිහිටි පර්වතය මත පිහිටුවූ ඵලකය

Russian-war-hero-Roman-Nikolayevich-Filipov

Russian-war-hero-Roman-Nikolayevich-Filipov

Russian-war-hero-Roman-Nikolayevich-Filipov

ෆිලිපොව් මිය යන්නේ 2018 පෙබරවාරි 3දාය.

තිස්තුන් හැවිරිදි මේජර් ෆිලිපොව් සිය සුකොයි-25 යානය ඉඩ්ලිබ් පළාතට ඉහළින් පියාසර කරවන්නේ තවත් සුකොයි-25 යානයක් සමගයි.ඔහු ගොඩබිම ඉලක්කයක් වෙත පහරදීමට යද්දී ජංගම ගුවන් යානා නාශක මිසයිල ප්‍රහාරයකට ගොදුරු වේ.

ප්‍රහාරයෙන් හානියට පත් යානයෙන් ඉවතට පැන නිරුපද්‍රිතව සරාකිබ් නගරයට ආසන්නයට ඔහු ළගාවේ.නමුත් ෆිලිපොව් ගොඩබැස තිබුණේ ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ පැවති ප්‍රදේශයකටයි.ත්‍රස්තවාදීන් වහාම ඔහු සිටි ස්ථානය වටලති.තමන් අල්ලා ගැනීමට උත්සාහ කල ත්‍රස්තවාදීන් සමග නොබියව සටන් කල ෆිලිපොව් අවසානයේදී අත් බෝම්බයක් පුපුරවාගෙන මිය යන්නේ අසල සිටි ත්‍රස්තවාදීන්ටද තුවාල සිදු කරමින්ය.

මේජර් ෆිලිපොව්

මේජර් ෆිලිපොව්ගේ සුකොයි-25 යානය බිම හෙළීමේ වගකීම භාර ගත්තේ හයාට් ටරිර් අල්-ෂාම් නම් අල්කයිඩාවට සම්බන්ධ ත්‍රස්තවාදී කණ්ඩායමයි.

ඊට ප්‍රතිචාර වශයෙන් රුසියානු හමුදාව ඉඩ්ලිබ් හි ත්‍රස්තවාදීන්ගේ ඉලක්ක වෙත කෲස් මිසයිල ප්‍රහාර කිහිපයක් එල්ල කලේය.එම ප්‍රහාරවලින් ත්‍රස්තවාදීන් 30 පමණ මිය ගියහ.රුසියාවේ රළු ප්‍රතිචාරයට බියෙන් ත්‍රස්තවාදීන් ෆිලිපොව්ගේ මළ සිරුර පෙබරවාරි 6 දා රුසියානු හමුදාවට භාර දුන් බව සඳහන් වේ.

මරණයෙන් පසුව ෆිලිපොව්හට රුසියානු සමූහාණ්ඩුවේ වීරයා යන සම්මානය පිරිනමයි.2018 පෙබරවාරි 8දා දහස් ගණනකගේ සහභාගීත්වය ඇතිව ඔහුගේ සිරුර වොරොනෙහි කොමින්ටෙර්නොස්ව්කොයි සුසාන භූමියේ භූමදානය කරන්නේ පූර්ණ හමුදා ගෞරව සහිතවයි.

සිරියානු අරාබි හමුදාව රුසියානු ගුවන් හමුදාවේ සහාය ඇතිව 2020 මාර්තු 20දා සරාකිබ් නගරය මුදා ගන්නේ ත්‍රස්තවාදීන් සහ තුර්කි හමුදාව සමග සිදු කල බිහිසුණු සටනකින් පසුවයි.

source:southfront.org

%d bloggers like this: