Menu Close

දොස්තර සාෆි බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ ඉල්ලීමට යයි

සිංහල බෞද්ධ මවුවරුන් 4,000ක් වඳභාවයට පත් කරන ලදැයි මාධ්‍ය හරහා චෝදනා එල්ල කර අත් අඩංගුවට ගෙන වැඩ තහනමට ලක් කර සිටි කුරුණෑගල රෝහලේ හිටපු ප්‍රසව හා නාරිවේද ජේෂ්ඨ වෛද්‍ය   මොහොමඩ් සාෆි මහතා තමන් ගේ සහ තම පවුලේ ආරක්‍ෂාව පතා බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ ඉල්ලීමට යන බව වාර්තා වෙයි. 

“මම මේ තාක් කල් වැරදි වැඩක් කරලා නැහැ. එල්.ආර්.ටී කරලා තියෙනවා නම් ඒ කළේ මවුවරුන්ගේ ඉල්ලීම්වලට අනුවයි. මුස්ලිම් මවුවරුන්ටත් මම එල්.ආර්.ටී. කරලා තියෙනවා. හැබැයි ඒ දේ දැනගෙන හිටියේ මමයි, ඒ මවුවරුනුයි විතරයි. මුස්ලිම් ආගමට අනුව ඒ අයට එල්.ආර්.ටී කරන්න බැහැ. ඒත් සානුකම්පිතව හිතලා ඇතැම් සැත්කම් මට කරන්න සිදු වුණා.අල්ලාහ් දෙවියන් පල්ලා… මම සිසේරියන් සැත්කම් අතර තුර කිසිම වේලාවක මවුවරුන්ගේ පැලෝපීය නාළයට හානි කර ඒ අය වඳ භාවයට පත් කළ බවට චෝදනා කරන ඔය අපරාධය කළේ නෑ ” වෛද්‍ය සාෆි පවසයි. 

වෛද්‍ය සාෆි සිසේරියස් සැත්කම් කරන අතර තුර පැලෝපීය නාළයට හානි කරමින් මවුවරුන් වඳභාවයට පත් කරන බව කුරුණෑගල රෝහලේ වෛද්‍යවරුන් අතර කතාබහක් තිබුනද  එහෙත් ඒ සම්බන්ධයෙන් සිසේරියන් සැත්කමකට භාජනය වූ කිසිදු මවකගෙන් වෛද්‍ය සාෆිට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් වුණේ නැත.  
%d bloggers like this: