Menu Close

ඉරාකයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සැඟව සිටි ගුහාවකට සන්ධාන හමුදාවෙන් ගුවන් ප්‍රහාර

උතුරු ඉරාකයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සැඟවී සිටීමට භාවිතා කල ගුහාවක් එක්සත් ජනපදය ප්‍රමුඛ සන්ධාන හමුදාවේ ගුවන් ප්‍රහාරවලින් විනාශ කලේ යැ‍යි මැයි 15දා ඉරාකයේ ඒකාබද්ධ මෙහෙයුම් ආඥාව නිවේදනය කලේය.

නිවේදනයට අනුව ඔවුන් පහරදී තිබුණේ නිනෙවා පළාතේ හඩර් කාන්තාරයේ නිරිතදිග කොටසේ තිබෙන ගුහා තුනෙන් එකකටය.

මැයි මස 13දා එල්ල කල මෙම ගුවන් ප්‍රහාරයෙන් ත්‍රස්තවාදීන් හත්දෙනෙක් මිය ගිය බව සන්ධාන හමුදාව පවසයි.

ඉරාකයේ නැගෙනහිර දිශාවේ ඩියාලා පළාතේ හම් රින් කඳුකරයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සැඟවී සිටීමට භාවිතා කල ගුහාවලටද පසුගිය මාසයේදී සන්ධාන හමුදාවේ යුද ගුවන් යානාවලින් ප්‍රහාර මාලාවක් එල්ල කලහ.

පසුගිය මාස කිහිපය තුල නිනෙවා සහ ඩියාලා යන පළාත් ඇතුලුව ඉරාකයේ විවිධ ප්‍රදේශවල ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර ඉහළ ගියේය.

source:southfront.org

%d bloggers like this: