Menu Close

A Webby-White Ghost Visible in the Moonlight

හිරු බැස යන යාමයේ, නරියන්, ඉත්තෑවන්, මොණරුන්, දිවියන් හා කොටියන් කැලයෙන් එළිබැස කරත්තය දෙස බැලුම් යොමනවා. නමුත් ඔවුන් මිනිස් වැසියන්ටත් වඩා බියගත් බවක් තමයි පෙනෙන්නේ.

කටු ගැසු පගරිය සහ දඟකාර වඳුරන්

වඳුරන් නම් උන්ගේ දඟකාර උප්පරවැට්ටි දිගටම කරගෙන ගියා. සංචාරකයන්ගේ තොප්පිය වටේ රඳවා තැබූ පටියෙන් (පගරී) ගලවා මිනිසුන් හට පහසුව සලසන්න උන් මුරණ්ඩු උත්සහයක යෙදුනා. මේ හිසෙන් ඇදිල්ල හැමෝටම එක ලෙස ප්‍රසන්න වුනේ නැහැ. එනිසා පටිය කටුවකින් අමුණන්නට සිදු වුනා. සටන් කොට සොරාගන්නට සමත් වූ කුමක් වුනත් අත හැරෙන්නේ කණ ඉරී අමිහිරි වේදනාවකින් කෑ ගැසීමකින්. මේ සටන් නිතරම සිදුවුනේ කරත්ත වහලය මත, සමහරක් විටෙක එයට මහත් පාඩුවක් සිදු කරමින්.

Puggaree on the British Jungle Slouch Hat
Puggaree on the British Jungle Slouch Hat

දැන් පසු කෙරෙන ගම් පෙදෙස සතා සීපාවන්ගෙන් අධිකව පැවතියත් මිනිස් ප්‍රාණින් දකින්නට සිටියේ නැහැ. සමනළ කඳු මුදුන ඈතින් නොපැහැදිලි ලෙස දිස් වූයේ මංසලකුණක් මෙන්ම මාර්ගෝපදේශකයෙකු ලෙසයි.

අමුතු “සූ” සද්දය නිතරම කියාපාන්නේ නාගයෙකුගේ එළඹීමයි. සෘජු කරගත් හිසින් සංචාරකයන් වෙත දෘෂ්ටිය හෙලන්නේ හරියට “උඹලා කවුද? මෙහෙ තියෙන රාජකාරිය මොකද්ද?” කියලා අහනවා වගේ. තිත් පොළොංගුද බහුලව සිටිනවා.

විශ්වාස කරන්නත් අමාරු විදිහට කලකට පෙර මෙහෙ හරියට කඩවීදි මංමාවත් සහිත කඩි මුඩියේ තෙරපි තෙරපී රැස් කන අපගේ ලංඩන් ලෝකය වගේ. දැන් වගේ නෙවෙයි සෑහෙන කාලයකට කලින්නම් තිබ්බේ. ඒ කාලේ ලක්දිව මේ කොටසේ ජනගහණය සෑහෙන්න ආදිවාසි වැදි ජනයාගෙන් සමන්විත වුනා. නමුත් වැඩි ප්‍රමාණයක් එහි රැඳුනේ නෑ. ඔවුන් වනය තුලටම යන්නට ගියත් කිහිප දෙනෙකු මුණ ගැසෙන්නට ලැබෙනවා. ඔවුන්; මේ වැද්දන්, වඳුරන් තරම් නිර්භය නැහැ. ලැජ්ජාව කියන දේ මිනිසුන් තුල පමණක් වර්ධනය වූ පරිණාමයේ ඵලයක්.

Veddahs (Wild men of ceylon)
Veddahs (Wild men of ceylon)

ලක්දිව සිටින එක කුරුල්ලෙකු ස්වදේශිකයන් හඳුන්වන්නේ “යකා” කියලයි. මන්ද ඔවුන් විශ්වාස කරනවා ඌ නපුරෙහි හෝ අවාසනාවේ හෝ මරණයෙහි පූර්ව නිමිත්තක් කියලා. ඌ භයංකර දුක්බර විලාපයක් තබන විශාල බකමූණෙක්.

“අර කුරුල්ලා හැමතිස්සෙම ‘මේ කරත්තය’ පිටිපස්සෙම එනවා,” කෝකියා දුක්ගනිමින් කිව්වා.

ඒ කාරණේ ඇත්ත. සින්තියා කියනා පරිදි “නපුරෙහි අධිගෘහිතයා” ඔවුන්ව තම බලයට හසු කරගෙන.

සඳ එළියට දිස්වූ සුදු භූතයා

එක් රාතියක ඔවුන් ඇවිද ඇවිද යනකොට මධ්‍යම රාත්‍රිය ආසන්නයේ භූතයෙකු දුටුවා. ඒ එහා මෙහා වුනු මායාකාරි සුදු පැහැ රුව වෙන කවුරුන් වෙන්නට පුළුවන්ද? ඔව් එය සඳ එළියේ එහෙ මෙහෙ වුනා. කුඩා දැරියක් සමයේ පටන් සින්තියාගේ සිහිනයක්ව තිබුනේ භූතයෙකු සමඟ මුහුණට මුහුණ හමුවීමයි. නූතන ප්‍රයෝග නොව පරණ තාලෙ සැබෑම සුදු පැහැ භූතයෙක් දකින්න.

මේ නම් භූතයෙක්ම තමයි. “දෙයියන්ට ඔප්පුවෙච්චාවේ! භූතයෙක්!” ඔවුන්ගේ දෑස් ඉදිරිපිටදීම එහි විනිවිද පෙනෙන දේහ රූපය විකසනය වන විට ඇය කෑගසුවා. එය ඔවුන් වෙත ළං වෙයිද? කුඩා මී ගවයන්ට පවා එය දැකිය හැකියි, දිවැස් උවමනා වන්නේ නැහැ. මැදියම් රෑ ගමන් සඳහා ඇඟ සකසා ගන්නා සැබෑම භූතයෙක්. මී හරකුන් නැවතී එයට තම අකමැත්ත දක්වන්නට වුනා. එය විකසනය වන අතරතුර උන් ගමන් කරවන්නට පොළඹවගන්නට කිසිවකට හැකියාවක් නැහැ. විශාල දේහරුව සකස්වෙන හැටි නිරීක්ෂණය කරන්නට ඇස් වෙහෙසන්නට අවශ්‍යවන්නේ නැහැ. සඳ එළියටත් වඩා මේ දේහරුව සුදු පැහැතියි, සංත්‍රාසයක් ඇති කරවනවා. කරත්තය තුල සිටින සියලු නිදි ගත් අය හැරෙන්නට පා ගමනින් යන අයද, ඉදිරියට ගමන් කරන්නට අකමැති මී ගවයන්ද භීතියෙන් පහර ලැබුවා. ඔවුන් මොකද්ද කල යුත්තේ? කෝකියා ඇහැරවිය යුතුද? එය නම් කරනවාට වඩා කියන එක ලේසි දෙයක්. මොකද ඔක්කොමල්ලා දැනගෙන හිටියා මිනිහා කවුද කියලා. ඒත් කොහොම හරි වැඩේ කෙරුනා.

දුක්ගන්නාරාළ වූ කෝකියා

නිදිගැට හැර ඉදිරිය දෙස බැලූ ඔහුට එය දැකගන්නට හැකි වුනා; භූතයව. බෙරිහන් දීමකට, ඉක්මන් දිවිල්ලකට සින්තියා සූදානම් වුනා. ඒත් ඒ කිසිවක් සිදුවුනේ නැහැ. “යකාගේ හොරණෑව,” ඔහු සන්සුන් ලෙස කීවා (කඩුපුල්?).

“මාර යකෙක්, එච්චර ලොකු හොරණෑවක් තියෙන්නේ. බලන්න නෝනා, දැන් පිපෙන්නේ. සඳ එළිය වැටෙන රෑට තමයි ඒ මල පිපෙන්නේ. නෝනාට සුවඳ දැනෙනවද?” සින්තියාට සුවඳක් දැනුනා. රසවත් ඒත් බලගතු සුගන්ධයකින් වාතය පිරුණා.

එහෙනම් ඒ හොල්මන් අවතාරේ රෑට පිපෙන මලක්. පෙති දිග ඇරිලා හොඳටම පිපුනම යක් හොරණෑවක් වගේ. ස්වදේශිකයන් එය නම් කරන විදිහට, යකාගේ හොරණෑව. සියලු සද්දන්ත බලවත් සෑම දෙයක්ම පැවරෙන්නේ දෙවියන්ට. එහි සුවඳ කම්මැලි රසයක් ඇතිකරවනවා පමණක් නොවෙයි, එහි මත් වන කාරක ඉක්මනින්ම නිදිමත ගතියත් ඇති කරවනවා. සින්තියා මේ බව අත් වින්දින්නට සැරසෙන විටම ඔලුවට වැරෙන් පහරක් වැදුනා. වෙන අවස්ථාවක නම් ඊට ඈ සිහි නැතිවෙන්නට තිබුනා. දැන් ඉන් ඇය පිබිදුනා.

ඒ අතිවිශාල පත්තෑයෙක්. අඟල් එකොළහක් තරම් දිග රත්තරන් දණ්ඩක් වගේ. ඇඟ දිගට සිය ගණනක් කෝටු කෝටු වගේ අඬු පඬු. හරිත වර්ණ මැණික් වගේ ඇස්. බැලු බැල්මට සොබාදහමට වඩා අලංකාර චිත්‍ර කර්මයක් වගේ. හීන්දෑරි සුදු පැහැ ගෙලකට මේ ඇට මාලෙ කොතරම් අගනේද! පාරේ වැටී තිබෙනු දැක ඇය සිතුවේ එහෙමයි. ඒත් උගේ පොකිරිස්සෙක්ගෙ වගේ අඬු පඬු ඇරිලා වැහෙනකොට, පිහාටු වගේ සියුම් දළ එහෙ මෙහෙ වැනෙනකොට ඇය ඊට ඊරිසියා කළා. ඇය අනූ නවයෙන් බේරුනේ.

මානවයාගේ ආධිපත්‍යය: සහ අධිමානය

මිනිස් ආධිපත්‍යයේ විඤ්ඤාණය සමහර විටක මිනිසාගේ අධිමානය මත රඳා පැවතුනත් එය බොහොම තෘප්තියක් ඇති කරවන සුළුයි. ඇත්ත වශයෙන් කියතොත් දෙවියන් වැඩ සිටින සමහර තැන්වල මිනිස් ජීවිත තඹයක් වත් වටින්නේ නැහැ. මේ වගේ සවුත්තු ප්‍රාණියෙකුගේ; කුඩා මැස්සෙකුගේ, මදුරුවෙකුගේ, මකුළුවෙකුගේ, එක දළ පහරකින් මිනිසෙක් වගේ දැවැන්තයෙකුගේ අභිමානයත් හුස්ම පොදත් ඒ ගැන කියන්නට යන කාලයටත් වඩා අඩු කාලයකින් නැති කරන්නට පුළුවන්. මිනිසා යනු ශ්‍රේෂ්ඨතම නිර්මාණය වුවත් විනාඩි කිහිපයකින් මිනිස් ජීවයේ පුළිඟුව නිවාදමන්නට හැකි වෙනත් ප්‍රාණින් වට කරන විට ඒ ගැන සවිඥානකව ආඩම්බර වන්නේ නැහැ. හරියට ආදම්ගේ පාරාදීසයේ වගේ.


කැරොලයින් කෝනර් විසින් රචිත “ලක්දිව්: ආදම්ගේ පාරාදීසිය”

සත් වසක දූපත් දිවියේ ජීවන සටහන්

පරිච්ඡේදය 10

Ceylon: The Paradise of Adam by Caroline Corner

The Record of Seven Years’ Residence In The Island

Chapter 10


About sunset, jackals and porcupines, peacocks, wild cats and cheetahs would emerge from the jungle and take a look at the caravan, but they appeared more frightened far than the human occupants. The monkeys continued their mischievous tricks, making determined efforts to relieve the travellers of their puggarees, which were too safely secured, however. It isn’t pleasant all the same to have one’s head nearly pulled off, so the puggarees had to be pinned up. Whatever they succeeded in purloining they fought for, and the battle royal often as not took place on the roof of the cart, to its detriment sometimes, inasmuch as a brown limb would protrude; afterwards the shrieking in getting it extricated was ear-splitting.

Though the country now abounded with animal-life, not a human being was to be seen. Adam’s Peak loomed as ever a landmark and a guide.

Frequently that peculiar “hiss” heralded the approach of the cobra, who, with head erect, would gaze at the travellers as though asking, “Who are you? What business have you here?” Tic-polongas in plenty there were too.

It seemed incredible that this was the same world as our London with its streets and its shops, and its throng of hustling humanity. And yet, not as now was it here ages ago. Then this part of Lanka was thickly populated by the aboriginal Vedda, not many of whom remain, although had they penetrated the jungle they might have encountered a few. They have not the audacity of monkeys, these Veddo; shyness is a product of evolution only developed in the human.

There is a bird in Ceylon the natives call “the devil,” as they believe it to be the precursor of evil, bad luck, or death. It is a huge owl, and has a weird and mournful cry. “That bird always come after this ‘caravan,’ ” said the cook consolingly. It was a fact though. It haunted them, “like an evil genius,” Cynthia said.

One night as they were jogging along, near midnight, they beheld a ghost. What else could that shadowy, opal-white form be that moved, actually moved, in the moonlight? It had been one of the many dreams of Cynthia’s girlhood to find herself face to face with a ghost, not a “faked up” modern “materialisation,” but a genuine old-fashioned webby-white transparent ghost. Here surely it was! “Gracious heavens! A ghost!” she exclaimed as the diaphanous mass evolved itself before their very eyes. Would it come nearer? Even the little bulls could see it; no clairvoyance was this. A veritable ghost in the act of shaping itself for its midnight walks abroad. The bulls stopped and jibbed at it. Nothing would induce them to go on while it evolved. It required no eyestrain to behold a huge mass forming, a mass whiter than the moonlight, and ghastlier. All were sound asleep in the cart but themselves on foot, and the bulls who refused to move, apparrently stricken with terror. What should they do? Waken the cook? Now this was easier said than done, as all are aware who know the native. However, it was accomplished.

Rubbing his sleepy eyes and looking ahead he saw It—the ghost. Cynthia was prepared for a howl and a hasty retreat. But, nothing of the kind. “Devil’s Trumpet,” said he complacently. “Big Devil that, have such big trumpet. See, Lady, opening now. Only at night in moonlight that flower open. Devil blow plenty nice smell through that trumpet. Lady smell it?” Cynthia did, for now a sweet but too powerful perfume filled the air.

So it was a flower this ghostly object, a midnight blossom, which when fully open takes the form of a monster trumpet, called by the natives in consequence—for everything huge and mighty is accredited to the diavolo— the Devil’s Trumpet. Its fragrance is not only languorously sweet but contains narcotic properties which speedily produce drowsiness. Cynthia was just beginning to experience this effect when she received a severe blow on the head which at another time might have stunned. Now it aroused her.

It was a gargantuan centipede, resembling a bar of gold some eleven inches in length, with a hundred slender branches by way of limbs and emerald green eyes. A beautiful work of art rather than of nature, it looked. What a necklet for some slender white throat! Cynthia was thinking as it lay there in the road. But when its lobster-like claws opene and closed, and the fine feathery sting went awagging, she envied not the society beauty who would wear it! Her own escape had been narrow enough.

Now the consciousness of human supremacy is very gratifying, though it may be based on human conceit. As a matter of fact, human life in some quarters of God’s earth is not worth a moment’s purchase. A sting from one of the least of these inferior creatures—that tiny green fly or yonder tarantula may take both conceit and breath out of a giant in less time than it takes to tell. Nevertheless, Man is Lord of Creation, and is never more proudly conscious of the fact than when encompassed by creatures that could quench his spark of life in a few minutes, as in the Paradise of Adam.


ලක්දිව ගමන් සටහන් පිටු අංක : 27