Menu Close

හේතුව සහ ඵලය: හියුම් සහ කාන්ට්

92460712_218611889399989_3757135724369936384_n

පහත දැක්වෙන්නේ මැන්ෆ්‍රඩ් කූන් (Manfred Kuehn) විසින් රචිත ” Kant : A Biography” නම් චරිතාපදානයෙන් උපුටා  ගන්නා ලද කොටසක පරිවර්තනයයි. මෙහි විශේෂත්වය වන්නේ ඉම්මෑනුඑල් කාන්ට් විසින් ඩේවිඩ් හියුම් ගේ  තර්කයන් සම්බන්ධයෙන් දැක්වූ අදහස් ඉතා පැහැදිළි ලෙස දක්වා තිබීමයි. කාන්ට් සම්පූර්ණයෙන්ම හියුමියානු අදහස්වලට එකග නොවන්නේ නැති බවත් එකග නොවන අවස්ථාවල එසේ වන්නේ ඇයි දැයි පැහැදිළි  කිරීමක් මෙම කෙටි උපුටනය මගින් දැක්වේ.

(පරිවර්තනය මෙතැන් සිට)

………………

තමා හියුම් හා සමාන යැයි සැළකීම පිළිබදව කාන්ට් විරුද්ධත්වය  ප්‍රකාශ කළේ නැත. ඔහු ට අනුව හියුම් ඔහුගේ පස මිතුරෙකු නොව ඔහුට පක්ෂ එසේත් නැතිනම් තමාගේ පුරෝගාමියෙකු ලෙස සැලකීය. කාන්ට් බොහෝ කරුණු සම්බන්ධයෙන් හියුම් හා එකග වූයේ නැති වූවා මෙන්ම හියුම් ගේ සංශයවාදී නිගමන ප්‍රතික්ෂේප කළේය. එසේ නමුත් ඔවුන් අතර තිබූ මෙම වෙනස්කම් කාන්ට් වැදගත් කොට සැළකුවේ නැත. කාන්ට් ගේ කෘති තුළ හියුම් පිළිබදව විවේචනාතමකව දැක්වෙන අදහස් විස්මයජනක ලෙස අවම වනවා මෙන්ම  හියුම්ට පූර්ණ ලෙස එදිරි වන ප්‍රකාශ කෙසේත් ම නැත. ඒ වෙනුවට  කාන්ට් කළේ හියුම් ගේ වැදගත් කම දිගින් දිගටම ඔහුගේ රචනයක් හරහා ඉස්මතු කිරීමයි. ඔහුගේ දේශනයන් තුළදී කාන්ට් විසින් සිය ශිෂ්‍යන්ට අවවාද කරන  ලද්දේ හියුම්ගේ කෘති වැඩි වාර පමණක්  ලෙසයි. කාන්ට් සිතූ පරිදි හියුම් විසින් ඉදිරිපත් කරන ලද්දේ පහත සදහන් තර්කයයි (සාරාංශ කොට ඇත )

  • හේතුඵල සම්බන්දය (causal relation) බුද්ධිමය (rational) සම්බන්ධයක් යැයි උපකල්පනය කරන්න.
  • සම්බන්ධයක් බුද්ධිමය නම් එය ප්‍රාග් අනුභූතියව සහ සංකල්ප අනුසාරයෙන් සිතිය හැක.
  • වස්තූන් හේතුඑලවාචී ලෙස සම්බන්ධ වීමට නම් එක වස්තුව තිබෙන විට අනෙක ද තිබෙන ලෙස අනිවාර්‍යයෙන් සම්බන්ධ විය යුතුය.
  • එක් වස්තුවක පැවැත්ම අනෙක් වස්තුවේ පැවැත්ම අනිවාර්‍ය කරන්නේ කෙසේද යන්න තර්ක බුද්ධියෙන් (reason) පමණක් දැකිය නොහැකිය.
  • එම නිසා ”එවැනි සම්බන්ධයක් ප්‍රාග් අනුභූතිකව සහ සන්කල්ප අනුසාරයෙන් සිතීම කිසිසේත් කළ නොහැකිය.”
  • එම නිසා හේතුඵල සම්බන්ධය බුද්ධියමය වන්නේ නැත.
  • එම නිසා ”එවැනි ප්‍රාග් අනුභූතික සම්බන්ධයක සංකල්පය හඳුන්වා දිය හැක්කේ කෙසේද” යන්න තේරුම් ගත නොහැක.
  • එම නිසා එයට (හේතුඵල සම්බන්ධය) වෙනත් මූලාශ්‍රයක් හෝ මූලාශ්‍ර තිබිය හැකි අතර වඩාත්ම යුක්ති සහගත මූලශ්‍ර වනුයේ පරිකල්පනය (imagination) සහ පුරුද්දයි (චාරිත්‍ර ) (customs)
  • එහෙත් පරිකල්පනය සහ පුරුද්ද විසින් නිපදවිය හැක්කේ ”ආත්මීය” අනිවාර්‍යතාවයක් පමණි.
  • පාරභෞතිකවාදය ට (metaphysics)  අවශ්‍ය කරන්නේ අන්තර්-ආත්මීය ලෙස වලංගු සංකල්ප මත පදනම් අනිවාර්‍යතාවය ය.
  • එම නිසා පාරභෞතිකවාදය විය නොහැක්කක්ය.

කාන්ට් සිතනා පරිදි (6) යන නිගමනය තෙක් පැමිණෙන්නා වූ තර්කය නිවැරදි බවය.  ඔහු පවසන්නේ හියුම් විසින්  ”එවැනි සම්බන්ධයක් ප්‍රාග් අනුභූතිකව සහ සන්කල්ප අනුසාරයෙන් සිතීම කිසිසේත් කළ නොහැකි බව  බිඳභෙළිය නොහැකි ලෙස ”ඔප්පු කළ” බව යි. කාන්ට් පිළිගන්නේ නැත්තේ (7) වැනි තර්කය හා ඒ මත පදනම් ව ගලා යන අනෙකුත් නිගමනයන් ය.  ඇත්තවශයෙන්ම එම  නිගමන  විසින් පාරභෞතික විද්‍යාව විය නොහැකි යැයි පෙන්වනවා යන හේතූව පවා ඔහුට ඒවාට එරෙහි  වීමට ප්‍රමාණවත් ය. පාරභෞතික විද්‍යාව බේරා ගැනීමට , නැතහොත් එය  විය හැක්කේ කෙසේද යන්න පෙන්වා දීම සදහා  ඔහු සිදු කළ යුත්තේ එවැනි  ප්‍රාග් අනුභූතික සම්බන්ධයක් හඳුන්වා දීම කළ  හැක්කේ කෙසේද යන්න පෙන්වා දීමයි.

(7)  වැන්න පිළිගැනීමට කාන්ට් හට කිසිදු හේතුවක් නොමැත. හේතුඵල සම්බන්ධය ප්‍රාග් අනුභූතික  වනවා යන්න  බුද්ධිමය ලෙස පෙන්විය නොහැක යන කරුණ මගින් එය ප්‍රාග් අනුභූතික වන බව වෙනත් ආකාරයකින් පෙන්විය  හැක යන්න ගම්‍ය  නොවේ. විවෘත කුණු කාණුවකින් එන දුර්ගන්දය  මට දෘෂ්ටිය හරහා කිව නොහැක යන කරුණ මගින් මට වෙනත් කිසිම ආකාරයකින් එම දුර්ගන්ධය  තීරණය  කළ නොහැකි යන්න ගම්‍ය නොවන්නේ ඒ ආකාරයටමය. එම නිසා කාන්ට් සිතනුයේ හේතුඵල සම්බන්ධයන්හි ”ප්‍රභවය ඇත්තේ පාරිශුද්ධ අවබෝධයේ ය”(pure understanding) යන්න සාධාරණ ලෙස පෙන්විය හැකි බවයි. එම නිසා ඔහු මෙසේ තර්කය ගොඩ නගයි.

(12) ප්‍රාග් අනුභූතික සම්බන්ධතාවන් පිළිබද සංකල්පය පාරිශුද්ධ අවබෝධයෙන් ව්‍යුත්පන්න කිරීමෙන් එය හඳුන්වා දීම කළ හැකි වේ

ශලිනි සමරනායක

 

%d bloggers like this: