Menu Close

සිරියාවේ තුර්කි ප්‍රොක්සි හමුදා සටන්කාමීන් අතර ගැටුම්,ඉරාකයේ ඇමෙරිකානු තෙල් නිධිවලට රොකට් ප්‍රහාර

infighting-among-turkish-proxies-erupts-in-syria-rocket-strike-hits-us-operated-oil-facility-in-iraq

රාස් අල්-අයින් නගරය ආසන්නයේදී තුර්කි ප්‍රොක්සි හමුදා සටන්කාමී කණ්ඩායම් අතර ගැටුම් ඇති විය.ප්‍රාදේශීය මූලාශ්‍රවලට අනුව ගැටුම්වලට හේතු වූයේ නිවාස අල්ලා ගැනීම සහ දේපල කොල්ලකෑම්ය.මෙහිදී සුල්තාන් මුරාඩ් නම් සන්නද්ධ කණ්ඩායම අනෙකුත් තුර්කි ප්‍රොක්සි හමුදා කණ්ඩායම්වලට පහර දුන්නේය.ගැටුම් නැවැත්වීමට තුර්කි හමුදාව අමතර සෙබලුන් සඳහා යුදෝපකරණ යොදවද්දී තත්ත්වය සීඝ්‍රයෙන් ඇවිලී ගියේය.ඊට සමගාමීව,තුර්කි හමුදාව දිගටම අමතර සෙබලුන් සහ යුදෝපකරණ ඉඩ්ලිබ් පළාතට ගෙන්වමින් සිටියි.

අප්‍රේල් 6 වනදා රාත්‍රියේ ආසන්න වශයෙන් ට්‍රක් රථ සහ යුද රථ 30ක් පමණ සිරියාවට ඇතුල් වී අල්කයිඩා ත්‍රස්තවාදීන්ගේ පාලනය යටතේ තිබෙන ජිස්ර් අල්-ෂුගුර් නගරයට ලගා විය.ඊට දින දෙකකට පෙර තුර්කි හමුදාව ඒ නගරය ආශ්‍රිතව අලුත් නිරීක්ෂණ මුරපොල 3ක් පිහිටුවන ලදි.

එක්සත් ජනපද හමුදාවේ යුදමය සහ අනෙකුත් සැපයුම් සහිත ට්‍රක් රථ 35ක් උතුරු ඉරාකය හරහා සිරියාවට ඇතුල් වූහ.මෙම රථ පෙළ එරටට පිවිසෙන්නේ ඇමෙරිකානු හමුදාව සහ ඔවුන්ගේ ප්‍රොක්සි හමුදාවක් වන කුර්දි සන්නද්ධ කණ්ඩායම්වල පාලනය යටතේ තිබෙන අල්-වලිඩ් දේශසීමා පිවිසුම හරහාය.සැපයුම් රථ අල්-හසාකා හි ඇමෙරිකානු හමුදා කඳවුරු වෙත ගමන් කලහ.සිරියානු මූලාශ්‍ර පවසන පරිදි එක්සත් ජනපද හමුදාව මේ වන විට කරාබ් අල්-ජියර් හමුදා ගුවන්තොටුපොල ආසන්නයේ සිය ස්ථාන ශක්තිමත් කරගන්නට කටයුතු කරමින් සිටියි.

ඩීර් එසෝර් පළාතේ නැගෙනහිර යුප්‍රටීස් ඉවුරේදී අන්තවාදී සටන්කාමීන්ගේ ප්‍රහාරයකින් කුර්දි ප්‍රමුඛ සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාහි සාමාජිකයෙක් සහ ඇමෙරිකානු සෙබලෙක් මිය ගියේ යැයි ලෙබනනයේ අල්-මයාඩීන් රූපවාහිනී නාලිකාව වාර්තා කලේය.ඊට පෙරද කුර්දි සහ විපක්ෂ කණ්ඩායම්වලට පක්ෂපාතී මූලාශ්‍ර එබඳු ප්‍රකාශ නිකුත් කර තිබිණි.එනමුත් තත්ත්වය තවමත් අපහැදිලිය.කෙසේවෙතත්,පසුගිය මාස දෙකක කාලය තුල හෝම්ස් සහ ඩීර් එසෝර් පළාත් තුල ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ තිප්පොල්වල ක්‍රියාකාරීත්වය ඉහළ ගොස් ඇත.

අප්‍රේල් මස 6දා ඉරාකයේ දකුණු කොටසේ බස්රා නගරය ආසන්නයේ තෙල් වලින් පොහොසත් ප්‍රදේශයට රොකට් ප්‍රහාර එල්ල විය.ප්‍රහාරයේ ඉලක්කය වූයේ බුජෙසිය ප්‍රදේශයේ හලිබර්ටන් නම් ඇමෙරිකානු සමාගම පාලනය කරන සුබෙයිර් තෙල් නිධියයි.දකුණු ප්‍රදේශයේ තෙල් මෙහෙයුම් පාලනය කරන ඉරාක රජය යටතේ තිබෙන බස්රා තෙල් සමාගමට අනුව ප්‍රහාරයෙන් තෙල් නිෂ්පාදනයට සහ අපනයන මෙහෙයුම්වලට බලපෑමක් සිදුවී නැත.

2019 ජූනි මාසයේ සිට මේ දක්වා එල්ල වූ එවැනි ආකාරයේ පළමු ප්‍රහාරය වන්නේ අප්‍රේල් 6 දා ප්‍රහාරයයි.ඉරාකය යටත් කරගෙන සිටින ඇමෙරිකානු හමුදාවන්ට එරෙහිව යුදමය ක්‍රියාමාර්ගයක් ගන්නේ යැ‍යි ඉරාක ප්‍රතිවිරෝධී කණ්ඩායම් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් දින දෙකකට පසුව මෙම ප්‍රහාරය එල්ල විය.

2020 ජනවාරි මාසයේ සිට ඉරාකයේ ඇමෙරිකානු හමුදා සහ කඳවුරු ඉලක්ක කරගෙන එල්ල වන රොකට් ප්‍රහාර ක්‍රමයෙන් උත්සන්න වෙමින් ඇත.කෙසේවෙතත්,අප්‍රේල් 6 දා දක්වා සියල්ල වූ සියලු ප්‍රහාරවල ඉලක්කය වූයේ ඇමෙරිකානු හමුදාව සහ බුද්ධි අංශවල පහසුකම්ය.අප්‍රේල් 6දා ප්‍රහාරයෙන් පෙනෙන්නේ ඉරාකයේ මෙහෙයුම් කටයුතු කරන ඇමෙරිකානු බලශක්ති සමාගම්ද දැන් අනතුරට මුහුණදී තිබෙන බවයි.

source:southfront.org

%d bloggers like this: