Menu Close

බොකො හරාම් ත්‍රස්තවාදීන් සමග සටනට නයිජිරියාව චීනයෙන් ගෙන් වූ යුද ටැංකි

චීනයේ නොරින්කෝ සමාගම නිෂ්පාදනය කරන වීටී4 යුද ටැංකි,එස්ටී1 සැහැල්ලු යුද ටැංකි සහ එස් එච්5 මි.මී. 105 හොවිස්තර ඇතුලුව තවත් යුදෝපකරණ තොගයක අප්‍රේල් මස 8දා නයිජීරියාවට ලගා විය.නයිජීරියාව 2019 වර්ෂයේදී මේ සඳහා ඇ.ඩො.මිලියන 152ක ගිවිසුමකට අත්සන් තැබීය.අප්‍රේල් 8 වෙනිදා ඉන් සංග්‍රාමික රථ 17ක් නයිජීරියාවට නෞකා මාර්ගයෙන් රැගෙන විත් ඇත.

චීනයෙන් මිලදී ගත් VT4 යුද ටැංකියක් නෞකාවෙන් ඉවත් කරගන්නා අයුරු

මෙලෙස මිලදීගත් යුදෝපකරණ එරට තුල ක්‍රියාත්මක බොකො හරාම් සහ අනෙකුත් ත්‍රස්තවාදී කණ්ඩායම්වලට එරෙහිව භාවිතා කරන්නට නයිජීරියානු හමුදාව බලාපොරොත්තු වේ.

 

වීටී4 හෙවත් ප්‍රධාන සංග්‍රාමික යුද ටැංකිය මෙම යුදෝපකරණ අතරේ තිබෙන කැපී පෙනෙන අවියකි.මෙම යුද ටැංකිය මි.මී. 125 සුමට තව්වක් සහිත ප්‍රධාන කාලතුවක්කුවකින් සමන්විතය.මෙම කාලතුවක්කුවෙන් සන්නාහය විනිවිද යා හැකි උණ්ඩ,අධි ස්ඵෝටන උණ්ඩ,සන්නාහය පසාරු කරගෙන යෑමේ හැකියාව ඉහළ SABOT උණ්ඩ නිකුත් කල හැකිය.

තවද එය සතුව මි.මී.12.7 ගුවන් යානා නාශක මැෂින් තුවක්කුවක් සහ මි.මී. 7.62 සමක්ෂක මැෂින් තුවක්කුවක් තිබේ.ප්‍රධාන කාලතුවක්කුවෙන් යුද ටැංකි නාශක නියාමක මිසයිල නිකුත් කිරීමට පුළුවනි.අශ්ව බල 1200 ඩීසල් එන්ජිමකින් සමන්විත වීටී4 යුද ටැංකියේ උපරිම වේගය පැ‍යට කිලෝමීටර් 70කි.මෙහෙයුම් පරාසය කි.මී. 500කි.

නයිජීරියානු හමුදාවට ලැබුණු SH5 කාලතුවක්කු අවි පද්ධතිය

නයිජීරියානු හමුදාවට ලැබුණු SH5 කාලතුවක්කු අවි පද්ධතිය

ස්වබලයෙන් ක්‍රියාත්මක එස් එච් 5 කාලතුවක්කු අවි පද්ධතිය 6×6 රථයක් මත සවි කර තිබෙන මෙම කාලතුවක්කු අවිය මි.මී. 105 එකකි.එමගින් කි.මී. 18ක් දුරට වෙඩි තැබිය හැකිය.මෙම අවිය ගෝලීය පිහිටුම් පද්ධතිය යොදාගෙන ඉලක්කය ලබා ගත හැකි පරිගණක ගත වෙඩි පාලන පද්ධතියකින් සහ සන්නිවේදන පද්ධතිවලින් යුක්තය.එස් එච්5 කාලතුවක්කු අවි පද්ධතියට පැය කි.මී. 100 වේගයක් තිබෙන අතර මෙහෙයුම් පරාසය කි.මී. 800කි.

නයිජීරියානු හමුදාවට ලැබුණු SH5 කාලතුවක්කු අවි පද්ධතිය

source:southfront.org

%d bloggers like this: