Menu Close

ඉරාකයේ අල්-අන්බාර් කාන්තාරයේ මහා පරිමාණ ආරක්ෂක මෙහෙයුමක්

අප්‍රේල් මස 9දා ඉරාක හමුදාව සහ  PMU ඒකක ඉරාකයේ බටහිර කොටසේ අල්-අන්බාර් කාන්තාරයෙහි ඉතිරිව සිටින ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහිව මහා පරිමාණ ආරක්ෂක මෙහෙයුමක් ක්‍රියාත්මක කලහ.

PMU ඒකකවල මාධ්‍ය අංශය පවසන පරිදි ‘වික්ටරි හීරෝස් 2 ‘ යන නමින් හඳුන්වන මෙම අලුත් මෙහෙයුම දිශා හතරකින් දියත් කර තිබේ.PMU ඒකකවල බ්‍රිගේඩ කිහිපයක් සහ ඉරාක හමුදා ඒකක ඒකාබද්ධව එක් එක් දිශාවෙන් මෙහෙයුම ක්‍රියාත්මක කරයි.

මෙහෙයුමේ ඉලක්කය වූයේ පසුගිය සමයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සක්‍රීයව සිටි ප්‍රදේශයි.පසුගිය සතියේදී අල්-අන්බාර් කාන්තාරයේ දී ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් එල්ල කල ප්‍රහාරයකින් ඉරාක සෙබලුන් පස්දෙනෙක් මරණයට පත් වූහ.

අල්-අන්බාර් කාන්තාරයේ නිරිතදිග කොටසේ ජෝර්දානය,සෞදි අරාබිය යන රටවල් සමග තිබෙන දේශසීමාව සුරක්ෂිත කිරීමට මෙම මෙහෙයුම හරහා බලාපොරොත්තු වන බව PMU ඒකකවල අල්-අන්බාර් මෙහෙයුමේ අණදෙන නිලධාරි කසිම් මුස්ලෙ පවසයි.

කෙසේවෙතත්,මෙම මෙහෙයුම හරහා බටහිර අල්-අන්බාර් කාන්තාරයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ බලය අවසන් කිරීමට නොහැකි වුවද,එමගින් කලාපය තුල ත්‍රස්තවාදී කණ්ඩායම නිදහසේ සැරි සැරීම සීමා කරනු ඇත.තවද මෙවැනි මෙහෙයුම් හමුවේ ත්‍රස්ත කණ්ඩායමේ තිප්පොලවලට බරපතල හානි සිදුවේ.

source:southfront.org

%d bloggers like this: