Menu Close

නරෝදික්වාදීන්ගේ හත්වනක් ප්‍රීතිය.

නව ලිබරල්වාදය කෝකටත් තෛලය ලෙස පිළිගත්ත නෝනා මහත්වරු මේ අවස්ථාවෙ ඉන්නෙ තක්බීර් වෙලා. ඊට හේතුව ප්‍රාග්ධන ගෝලීයකරණයේ මහ මෙහෙයුම්කරුවන් පවා කොරෝණා රෝගයෙන් විශාල පසුබැසීමක ඉන්න නිසා. ගෝලීයව මතුවූ මේ තර්ජනයට තවමත් විසදුමක් නොවීම ගෝලීය ආර්ථිකය විශාල පරිමාණයෙන් පසුපසට ඇද දමන බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඉතින් කර කියා ගත දෙයක් නොමැතිව බලන් ඉන්න එක තමයි නව ලිබරවාදී කපුවන්ට කරන්න තියෙන්නෙ.

81752261_2691087591007013_2564393228614762496_n

එහෙම කියල නව ලිබරල්වාදය අපට ලබාදුන්න ධනේශ්වර සංවර්ධනයට කට කොනකින් හිනහ වෙන්න අපට බැහැ. මාක්ස්වාදීන් විදිහට අප දන්නව ධනේශ්වර සංවර්ධනය කියන්නෙ සමාජ සංවර්ධනයේ ඓතිහාසික අවස්ථාවක් කියල. ධනේශ්වරයේ එක් නිශ්චිත මොහොතක ව්‍යුහාත්මකව වෙනසකට ලක්වී ප්‍රගමනයේ ඊලග පියවරට යෑම සිදුවන අතර එතෙක් අප කරන්න ඕන ඒ සදහා සමාජය සූදානම් කිරීමයි. එතැනින් කියවෙන්නෙ නැහැ ධනේශ්වර සංවර්ධනය එක්ක වෛර බැදගෙන ඒ හා උපන්ගෙයි සටනක් කරන්න ඕන කියල.

ධනේශ්වර සංවර්ධනයට උපරිම සීමාවක් තියෙනව. ඒ සීමාවට ලගා වූ පසුව පවතින ක්‍රමය පුපුරා යනව. ඒක ඉබේ වෙන්නෙ නැහැ. මිනිස් මැදිහත්වීමක් අවශ්‍යමයි. නමුත් ලංකාවේ බොහෝ ප්‍රදේශ 1978 තිබූ තත්ත්වයට වඩා අද තත්ත්වය දියුණුවට පත්වෙලා තියෙන්නෙ මෙන්න මේ ධනේශ්වර දියුණුව නිසයි. ධනේශ්වර සංවර්ධන කාල සීමාව තුළ අප කරන්න ඕන ඒ සංවර්ධනයෙන් විතැන් වන, බැහැර කිරීමට ලක්වන සමාජ කොටස් වලට ශක්තියක්වීමයි. පෙරලා ධනේශ්වරයට එරෙහිව ඔවුන් ඇතුළු සමාජය සංවිධානය කිරීමයි.

එහෙත් ලංකාවෙ වාමාංශිකයන් හිතන් ඉන්නෙ රාජ්‍ය මැදිහත්වන 1970-1977 තිබුණු ආර්ථික ක්‍රමය (කේන්සියානු ධනේශ්වරය) මේ තත්ත්වයට විසදුමක්ය කියලයි. සියළු නිෂ්පාදන බලවේග රාජ්‍ය සතුවෙන්න ඕන වෙළෙද පළ රාජ්‍ය සතුවෙන්න ඕන කියල පසුගාමී හා ප්‍රාථමික තත්ත්වයක් තමයි ඔවුන් බලාපොරුත්තු වෙන්නෙ. කෝවිඩ් 19 වෛරසය නිසා මුළු ලෝකයම තැති ගැන්වී ඇති මේ මොහොතේ මේ ප්‍රාථමික හා නොදියුණු වාමාංශිකයන් හත්වනක් ප්‍රීතියෙන් පවසන්නේ රාජ්‍ය මූලික වන වෙළෙද පළ එකම විකල්පය බවයි. එය කිසිසේත්ම සත්‍යයක් නොවන්නේ මෙවැනි සංකීර්ණ සමාජයක වෙළෙද පළ මෙහේයවීමට තරම් රාජ්‍ය ශක්තිමත් හා ධාරිතාවකින් යුක්ත නොවීමත් රාජ්‍ය සම්බන්ධ වූ වහා අල්ලස, දූෂණය, වංචාවත් අකාර්යක්ෂමතාව හා පසුගාමීත්වය මූලික වන නිසාත් ය.

විමුක්ති හඩ

%d bloggers like this: