Menu Close

කොරෝනා සමග ජානගත කුහකකම් එළියට ඒම

 
කොරෝනා නිසා ඇමරිකාවේ, එංගලන්තයේ , ඉතාලියේ , ඕස්ට්‍රේලියාවේ මිනිසුන් තොග පිටින් මැරෙන විට, සෞඛ්‍ය සේවාවන් අඩාල වන විට ලංකාවේ සමහර  දෙනෙකු කුරිරු සතුටකින් යුතුව ” ඔන්න ඇමරිකාවේ මෙච්චරක් මලා ” එංගලන්තයේ රෝහල් වල රෝගීන් බාර ගන්නේ නෑ ” ඉතාලියේ වයසක අයව මැරෙන්න අරිනවා” යනාදී වශයෙන් අතිශයෝක්තියකින් යුතුව පෝස්ට් පළ කරන්නේ මන්ද​? ඔවුන්ට එවැනි සංවර්ධිත රටවලට යාමට , එවැනි රට වල ජීවත් වීමට නොහැකි වීම නිසා ඇතිවූ මිදි තිත්ත මානසිකත්වය සහ තමන් පිලිබඳ තිබෙන ආත්ම අණුකම්පාව සහ සංවර්ධිත රටවල ජීවත් වන මිනිසුන් පිලිබඳව ඉරිසියාව සහ කුහක නිසාද ? 

එහෙත් ලංකාවේ මිනිසුන් යුද්ධයෙන් සහ සුනාමියෙන් මිය යන විට මේ රටවල ජීවත් වන මිනිසුන්  ( මා මේ කතා කරන්නේ පාරම්පරික සුදු මිනිසුන් ගැනය​)  සහකම්පනීය අයුරින් දුක් වූහ​. හැකි පමණ තුන්වන ලෝකයේ මිනිසුන්ට ආධාර කළහ​. ඔවුන් ව්‍යාජ මානව භක්තිය , ව්‍යාජ සැදැහවත්කම පෙන්වන අපේ අයියලාට වඩා මනුෂ්‍යත්වය තේරුම් ගෙන ඇතැයි මට සමහරක් විට සිතෙයි. 

අමා දහර , බුදු හිමියන් , නිර්වාණය , සිංහ තෙල් වැනි මිනිස් ගුණ පිලිබඳව ගී ගැයූ නමුදු , තම පුතුගේ මරණ ගෙදරටවත් අඩිය තැබීම ප්‍රතික්ශේප කරන ගායකයන් සිටින සමාජයක මිනිසුන්  බටහිර මිනිසා තුල තිබෙන මනුෂ්‍යත්වය පිලිබඳව  තේරුම් ගන්නේ කෙසේද ?
%d bloggers like this: