Menu Close

සිනමාහල් හිමියන්ට චිත්‍රපට සංස්ථාවෙන් සහන

ජාතික චිත්‍රපට සංස්ථාවේ ප්‍රදර්ශක මණ්ඩලය වන මණ්ඩලය වන රිත්මා මණ්ඩලය අයත්,  සංස්ථාව සමග නිසියාකාරව සබඳතා පවත්වාගෙන යන සියළුම සිනමා ශාලා සඳහා තුන්මසක කාලයකට රු. 100,000/-
බැඟින් වන සහන දීමනාවක් ලබාදීමට චිත්‍රපට සංස්ථාව තීරණය කොට තිබේ. සංස්ථාවේ සභාපතිවරයාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙනු ඇති.

දේ අනුව ඉදිරි තුන් මාසයක කාලය තුළ මසක් පාසා සේවක මණ්ඩල වැටුප්, නඩත්තු කටුතු ආදිය සඳහා දීමනාවක් ලෙස  රු.50,000/- ක් ද, ඉතිරි රු.50,000/- මාස දහයක කාලයක් තුළ කොටස් වශයෙන් ගෙවිය හැකි පොලී රහිත ණය මුදලක් ලෙසද ලබාදීමට සැලසුම් කොට තිබෙනවා.

එසේම චිත්‍රපට සංස්ථාව මගින් සිනමා ශිල්පීන් 160 දෙනෙකු සඳහා මාසිකව ගෙවනු ලබන රුපියල් 5000/= ක විශ්‍රාම වැටුප් දීමනාව අදාළ මාසයේ 03 වැනි දිනට ප්‍රථම ගෙවීමටද සභාපතිවරයා දැනුම්දුන් බව චිත්‍රපට සංස්ථාව නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.

සිනමා ශිල්පී සංසදය සහ සිනේස්ටාර් පදනම මගින් රුපියල් 5000ක් වටිනා අත්‍යවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය පාර්සල් සහ ඖෂධ සැපයීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කෙරෙන බවත් චිත්‍රපටය සංස්ථාව නිවේදනය කර සිටිනවා.

Share

%d bloggers like this: