Menu Close

ඉරාකයේ පේට්‍රියට් මිසයිල යෙදවීම එක්සත් ජනපදය තහවුරු කරයි,හෝර්මුස් සමුද්‍ර සන්ධියේ සංග්‍රාමයකට ඉරානයේ සූදානම

u-s-confirms-deployment-of-patriot-missiles-in-iraq-iran-prepares-for-conflict-in-straight-of-hormuz

අප්‍රේල් මස 5දා නිරිතදිග සිරියාවේ අල්-කස්ටාන් ගම්මානයේ විශාල පිපිරීම් ගණනාවක් වාර්තා විය.එහිදී වයිට් හෙල්මට්ස් නම් රාජ්‍ය නොවන සංවිධානයේ සාමාජිකයෝ තිදෙනෙක් ඇතුලුව පුද්ගලයින් 8 දෙනෙක් මිය ගොස් තිබේ.ප්‍රාදේශීය මුලාශ්‍රවලට අනුව සිවිල් වැසියන් ජීවත් වෙන ප්‍රදේශයක භූගතව පිහිටා තිබූ අවි ගබඩාවක් පිපිරීමට මුල් වී ඇත.

අල්කයිඩාවට සම්බන්ධ තුර්කිස්ථාන ඉස්ලාමීය පක්ෂයේ පාලනය යටතේ ඇති ජිස් ර් අල්-ෂුගුර් නගරය ආසන්නයේ අල්-කස්ටාන් ගම්මානය පිහිටා තිබේ.පිපිරීමට ලක් වූ අවි ගබඩා ඉහත කී ත්‍රස්ත කණ්ඩායමට හෝ ඊට සම්බන්ධ පුද්ගලයන්ට අයත් ඒවා විය හැකිය.

එදිනම තුර්කි හමුදාව ජිස්ර් අල්-ෂුගුර් නගරය අවට අලුත් නිරීක්ෂණ මුරපොල තුනක් ස්ථාපිත කරන ලදි.ඒවා බක්සරියා,අල්-සියානියා සහ ෆුරයිකා යන ගම්මානවල පිහිටුවා තිබේ.රුසියාවේ සහ ඉරානයේ සහාය ඇතිව ඉඩ්ලිබ් හි සිදු කල හැකි ත්‍රස්ත විරෝධී මෙහෙයුම්වලදී වැදගත් ආරක්ෂක වළල්ලක් වශයෙන් තුර්කි හමුදාවේ මුරපොල භාවිතා කරන්නට ඉඩ්ලිබ් ත්‍රස්තවාදීන්ට පුළුවනි.

බටහිර ඇලෙපෝ හි සිරියානු හමුදාවේ 46 වන රෙජිමේන්තු කඳවුර තුර්කි කාලතුවක්කු ප්‍රහාරවලට ලක් විය.ඊට ප්‍රතිචාර වශයෙන්,කැෆ් ර් අමා හි තුර්කි ප්‍රොක්සි හමුදා සටන්කාමීන්ගේ ස්ථානවලට සිරියානු හමුදාව පහර දුන්නේය.සතියක් ඇතුලත තුර්කි හමුදාව සහ සිරියානු හමුදාව අතර ඇති වූ තුන්වන සිදුවීම වන්නේ 46 වන රෙජිමේන්තු කඳවුරට පහරදීමයි.අප්‍රේල් 3දා ටෙල් අබ්යාඩ් හි සිරියානු හමුදාවේ ස්ථානවලට එල්ල වූ තුර්කි ප්‍රහාරවලින් සිරියානු සෙබලුන් දෙදෙනෙක් මිය ගියහ.

ඉරාකයේ සිටින ඇමෙරිකානු හමුදාවට එරෙහි විශාල ප්‍රතිවිරෝධී කණ්ඩායම් අප්‍රේල් 4දා ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කලේය.අසයිබ් අල්-හක්,හරකට් හිස්බුල්ලා අල්-නුජාබා,කටයිබ් සහීඩ් අල්-ෂුහාඩා,කටයිබ් අල්-ඉමාම් අලි,කරකට් අල්-අව්ෆියා,සරායා අෂුරා,හරකට් ජුන්ඩ් අල්-ඉමාම් සහ සරායා අල්-කුරසනි යන කණ්ඩායම් නිකුත් කල ප්‍රකාශයට අනුව,එක්සත් ජනපදයේ ආක්‍රමණශීලිත්වයට එරෙහිව ඉරාකයේ ඇමෙරිකානු හමුදා සහ කඳවුරු ඉලක්ක කර එල්ල කල පසුගිය ප්‍රහාර සුළු ප්‍රතිචාරයක් පමණි.තවද මහා පරිමාණ ප්‍රහාර එල්ල කිරීමට මෙතෙක් ඔවුන් තීරණයක් ගෙන නොමැති බවද එහි සඳහන් වේ.

ඉරාකයේ ටාජි කඳවුර ඇතුලුව ඇමෙරිකානු හමුදාව රැඳී සිටින ස්ථානවලට පහරදීමේ වගකීම භාර ගත් උස්බට් අල්-තයිරීන් නම් කණ්ඩායම අප්‍රේල් 2දා,බැග්ඩෑඩ් හි ඇමෙරිකානු තානාපති කාර්යාලය පිහිටා ඇති අධි ආරක්ෂිත හරිත කලාපයේ මිනිත්තු 3ක් දිගු ඩ්‍රෝන් වීඩියෝ පටයක් නිකුත් කර තිබිණි.වතිකානු නගරයට විශාලත්වයෙන් සමාන මෙය ලොව තිබෙන විශාලතම සහ මිලෙන් අධිකම තානාපති කාර්යාලය වන්නේ මෙයයි.

ඉරාකයේ පේට්‍රියට් මිසයිල පද්ධති රැඳවූ බව ඇමෙරිකානු මධ්‍යම ආඥාව නිල වශයෙන් තහවුරු කලේය.කෙසේවෙතත්,ආරක්ෂක හේතු මත මෙම පද්ධති සම්බන්ධ තොරතුරු යාවත්කාලීන නොකරන බව ඇමෙරිකානු හමුදාව නිවේදනය කරන ලදි.දැනට ඉරාකයේ අයින් අල්-අෂාඩ් සහ එර්බිල් යන ඇමෙරිකානු කඳවුරුවල  පේට්‍රියට් මිසයිල බතරොයි දෙකක් වත් රඳවා තිබේ.තවත් මිසයිල බතරොයි දෙකක් නුදුරේදීම එරටට රැගෙන එනු ඇත.

සිය හමුදා වැඩි ආරක්ෂාවක් සහිත විශාල කඳවුරුවලට රැස් කිරීමේ සැලැස්මේ කොටසක් වශයෙන් ඉරාකයේ අල්-අන්බාර් පළාතේ අල්-ටකාඩ්ම් ගුවන් හමුදා කඳවුරෙන් සෙබලුන් ඉවත් කර ගනු ලැබීය.පසුගිය සති කිහිපයක කාල සීමාවේ දී එක්සත් ජනපද හමුදාව අතහැර දැමූ තුන්වන කඳවුර මෙයයි.මීට ඉහතදී අල්-කයිම්,කිර්කුක් සහ කයිරා කඳවුරුවලින් ඔවුන් ඉවත් වූහ.

වොෂින්ටනය ඉරානය සහ කලාපයේ එහි මිත්‍රයන් සමග අලුත් වටයක ගැටුමක් සඳහා සූදානම් වන බව එක්සත් ජනපදයේ ක්‍රියාවලින් ප්‍රදර්ශනය වන්නේ යැ‍යි ඉරාක මූලාශ්‍ර පවසයි.එක්සත් ජනපද හමුදා සහ කඳවුරු ඉලක්ක කරගෙන ඉරාන ප්‍රොක්සි හමුදාවන්ගෙන් ප්‍රහාර අපේක්ෂා කරන්නේ යැ‍යි පසුගිය කාලයේ ජනපති ට්‍රම්ප් පැවසුවේය.එසේ කලහොත්,ඉරානයට එහි වන්දිය ගෙවන්නට වේ යැ‍යි ඔහු අනතුරු ඇඟවීය.මෙම ප්‍රකාශයෙන් පසුව ඉරානය හෝර්මුස් සමුද්‍ර සන්ධියේ පිහිටි කෂ්ම් දූපතේ අමතර නෞකා නාශක මිසයිල සහ රොකට් විදින ස්ථාන ගත කලේය.

source:southfront.org

%d bloggers like this: