Menu Close

Lootera (2013)

කොයිතරම් ලඟින් හිටියත් අපිට කවදාවත් බැහැ තවකෙනෙකුගේ ඇතුළාන්තය කොයි වගේද කියල හරියටම දැනගන්න..
නමුත් අපි අනුමාන කරනව ඒ දේවල් එහෙම අනෙක් පුද්ගලය ලඟත් පවතින බව…. ඒකට කියන්නෙ විශ්වාසය..
මේ විශ්වාසවන්ත බව බිඳවැටුණට පස්සෙ නැවත ඇති කරන්න ලේසි නෑ.. 
කෙනෙකුට නොහිතනම විදිහට දෙවනි අවස්තාවක් ලැබෙන්න පුලුවන්. හරියට වරුණ් ට වගේ… දෙවනි වතාවෙ ඇයව හැරයන ඔහු ආයෙත් එනව ඒත් ඇයි..?
පාකි.. ඇය හුදෙකලාව මිය යමින් ඉන්න නිසාද..
ඇයත් සමග ගතකල කාලය ඒ මතකය ඔහුව රිදවූව ද..
වරුණ් සහ පාකි අතර යමක් තිබුණ නම් ඒ ආදරයමයි කියල මම කිව්වොත් මං හිතන්නෙ නෑ ඒ හඳුන්වාදීම වැරදියි කියල..
Lootera .. ඉතාම සුන්දර සිනමා නිර්මාණයක් 
කෙටියෙන් ම කිව්වොත් ඒක කවියක්.

%d bloggers like this: