Menu Close

166. සිම්ප්සන් කතර තරණය -1962

පට්ට අවුවේ කට්ට කමින් විවේකය විඳවීම . . !
                                                                                                                                                                                                                                                                     
                                                                                                                                                 ඕස්ට්‍රෙලියාවේ වෙසෙන Nissan Patrol පමනක් නොව සියළුම ෆෝවීල් ඩ්‍රයිව් ලෝලීන්  හට 2012  ජූලි 24 අනුස්මරණීය දිනයක් විය.
ඒ ඕස්ට්‍රේලියාවේ සිම්ප්සන් කාන්තාරය අතික්‍රමණය කල නො එසේනම් තරණය කිරීමට වසර 50ක් ගත වීමේ සංවත්සරය එදිනට යෙදී තිබුණු බැවින්.
මෙම වීරචාරිකාවේ යෙදී ඇත්තේ දිවංගත දකුණු ඕස්ට්‍රේලියානු භූගර්භ විද්‍යාඥ්ඥයෙකුවූ හා ගවේශකයෙකු වූ රෙග් ස්ප්‍රිග් Reg Sprigg, ඔහුගේ බිරිඳ ග්‍රිසෙල්ඩා Griselda  සහ ඔවුන්ගේ දරු දෙදෙනා වන ඩවුග් Doug හා මර්ග් Marg ය.
මෙම දරු දෙදෙනා එවකට අවුරුදු7 හා 10 යන වයස් වල සිට ඇති අතර මෙවර එම ගමනේ 50 වන සංවස්තරය සැමරීමට එක්වී සිටියහ.
මර්ග් ස්ප්‍රිග්  පවසන ලෙසට  මේ වන විටද එම ප්‍රථම ගමන පිළිබඳව විචිත්‍ර මතකයන් පවතින බවය.
“ඔයා; ඔයාගෙ ගිණි පෙට්ටිය ගත්තාද  අපට මොනවා හරි උනොත් ?සෑම දිනෙකම මව විමසුවාය. මම මොනදේ  නොකලත් මම ගිණිපෙට්ටියක් ගත්තා! ඇය වැඩි දුරටත් කියයි!”
එම වීර චාරිකාවේදී අත්දකිණු ලැබී බිහිසුණු මතකයන් ඇය ආවර්ජනය කරයි                                                                                                                                                                                                                                                                                                                                                             
දැක්කාම බඩ පිරෙන වැල්ල . . . !

“වරක් අපගේ රථය මහා රාවණ රැවුල යෝධ පඳුරක් මැදි කරගෙන හිර වෙනවා. රෝද තුනක් හෝ හතරම බිමෙන් ඉහලට එසවී. මෙයින් ඉවත් වීමට ගන්නා උත්සාහයේදී අධිකව ගිනියම්ව පිටවන දුමෙන් වියළි පඳුරු සෙමෙන් ගිනි ගන්නට පටන් ගන්නවා. මෙහි වඩාත් භයානක බව වන්නේ ඒවන විට ඉන්ධන ලීටර200ක් වාහනයේ පැවතීම!”
ඒ වුනත් ඒ බොහෝ මතකයන් බොහෝ සතුටු දායක ඒවා!”
“වැලි කඳු මුදුනට පැමිණි විට අනෙක් පස පෙනෙන වැලිතලා වල තිබුනේ චමත්කාරයක්!”
“සෑම රාත්‍රියක්ම සුන්දර එකක් වුනා!”
අමෙරිකානු මහාචාර්‍යවරයෙකු වෙනුවෙන් කටුස්සන් හා බුල් ඈන්ට්ස් නම් කුහුඹුවන් මර්ග් ස්ප්‍රිග් එකතු කොට ඇත.
“සෑම දිනයකම මම එළියට ගොස් වැල්ල හාරා ලබා ගන්නා අහිංසක බුල් ඈන්ට්ස් කුහුඹුවන් ෆෝමලින් කුප්පියකට එකතු කලෙමි. ඊළඟ දිනයේ තවත් කුප්පියකි!”
“කිලෝමීටර 30ක් තුල විවිධ ප්‍රබෙධ ගනනාවක් කුහුඹුවන් තුල හමුවුනි!”

මෙන්න පළමු ගමන . . !
සිම්ප්සන් කතර යනු කුමක්ද?
දකුනු ඕස්ට්‍රේලියාවේ උතුරු  ප්‍රාන්තයේ පිහිටි කාන්තාරයකි. වියළි රතු වැළි වලින් සැදි තැනිතලා හා වැටි වලින් සමන්විත මෙය ඕස්ට්‍රේලියාවේ හතරවන විශාලතම කාන්තාරය වේ. මෙය වර්ග කිලෝමීටර 176500ක් එනම් වර්ග සැතපුම් 68100 ක් පුරා පැතිරී ඇත.

Nissan to Celebrate 50th Anniversary of First Simpson Desert Vehicle Crossing – 2012

සිම්ප්සන් කාන්තාරය; වාහනයක් මගින් තරනය කිරීමේ 50 වන සංවත්සරය 2012 ජූලි මාසයේදී; පළමු ගමනට සහභාගී වූ දෙදෙනෙකු සමගින් සැමරුණි.
1962 වසරේදී සිදුකොට ඇති මෙම චාරිකාව ඇන්ඩාඩෝ ස්ටේශන් සිට බ්‍රිඩ්ස්විල් දක්වා; Nissan Patrol Short wheelbase G60 රථයකින් සිදු කොට ඇත.
මෙම මුළු ගමන සඳහා පුරා දින 12ක් ගත්වී ඇත.
50 වන සංවත්සරය සඳහා සහභාගී වූ ඩෞග් ස්ප්‍රිග් සහ මාග්‍රට් ස්ප්‍රිග් පදවන ලද්දේ  1962 දී මෙම මුල්චාරිකාව සඳහා භාවිතා කල නිසාන් රථයම විය.
මෙම රථය ප්‍රථම චාරිකාවෙන් පසු ඕස්ට්‍රේලියාව තුල අස්ථාන ගත්වී තිබුණු අතර ඕස්ට්‍රේලියා නිසාන් සමාගම විසින්; 50 වන සංවත්සරය සඳහා සොයාගනු ලැබ තිබුණි, 
රෙග් ස්ප්‍රිග් විසින්; දරුණු කාන්තාර මංපෙත් සඳහා  මෙම රථය  තෝරාගෙන තිබුනේ එහි ඇති ශක්තිමත් භාවය හා යෝග්‍යතාවය කරණ කොට ගෙනය. ඒ නිසාන් ඕස්ට්‍රලියා සමාගම 1966 දී පටන් ගැනීමටත් පෙරදීය!
Short Wheel Base රථ 1951 දී නිර්මාණය කර තිබුනේ හමුදාමය කාර්‍යයන් සඳහාය. ඝන සෙන්ටි මීටර 3956 ඕවර්හෙඩ් කෑම් ස්ට්‍රේට් සිලින්ඩර හයක පැට්‍රෝල්  ඇන්ජිමකින්,වේග තුනේ ගියර් පෙට්ටියකින් හා High-Low Range  ෆෝවීල් ට්‍රාන්සර් පෙට්ටියකින් එය සමන්විත වී තිබුනි. ඉදිරිපස හා පසුපස දුනු මිටි හතරකි.
මෙම දින 12 තුල ඔවුන් වැලි වැටි 1100 පමන තරණය කර ඇති අතර නියමිත මාර්ගයක්, GPS නොව අවම වශයෙන් රේඩියෝවක්වත් තිබී නොමැත.
1962 දී මෙම චාරිකාව සඳහා ගමන් කල වේගයේ සාමාන්‍යය පැයට කිලෝමීටර 5 කි!

එම ප්‍රථම චාරිකාවේ 50 වන සංවත්සරය වෙනුවෙන් යොදාගත් රථය පැදවූවේන් ප්‍රථම ගමනට සහභාගී වී දැනට ජීවත්ව සිටින ඩෞග් හා මාග්‍රට් දෙදෙනාය. එම සාංවත්සරික ගමනට සම්බන්ධ පිංතූර හා වීඩියෝව මෙතැන් සිට:
යමු . ! ‍යමු . . !!

නාකි උනාට නොහැකි නෑ . . !
මෙන්න අවුරුදු 50 කට පසු ගමන . . !

ජය දද නංවා . . ආ . .ආ . .ආ . . . !

ගලේ කෙටුව විශ්වාසය !

1936දී ටෙඩ් කොල්සන් E.A (Ted) Colson දින 36කදී ඇබොර්ජිනී සහයක Peter Ains හා ඔටුවන් 5 දෙනෙකු සමගින් මෙම කතර තරණය කොට; මෙම කථර තරණය කල ප්‍රථම විදෙශිකයාලෙස ගෞරවයට පාත්‍ර වී ඇත. 
කොහොම අමාරුවක් තියෙන්න ඇතිද?

කඳුල නෙතු පිය අතර තෙත් වුව – දුටුව විට රුව නැගෙන හස රැළි . . !
%d bloggers like this: