Menu Close

කෝරෝනා මම උබට ආදරෙයි අහස තරම්

කෝරෝනා උබ නිසා ජීවිතේ පලවෙනි වතාවට ගොඩක් දේවල් අත් දකින්න ලැබුනා අපිට

# නිකමට මාස්ක් එකක් නොදාපු අපිට මාස්ක් නැතුව එලියට බහින්න බැරි කලා
# පෝලිමට පිලිවෙලට ඉන්න බැරි අපිට පෝලිමට ඉන්න පුරුදු කලා

# එකාට එකා පෙල්ලගෙන ඉස්සරහට යන්න හදපු අපිට දුරින් ඉන්න පුරුදු කලා

# සුපර් මාකට් එකෙන් බඩු ගත්ත අපිට ගෙදර ලගටම බඩු ගෙනත් දෙන ක්‍රමයක් හැදුවා

# වෙනදට පොශ් තැන්වලට ගිහින් අස්ප ගනන් දීල කෑම අරන් පොටෝ දාපු අපිට ගෙදර හදපු කෑම වල පොටෝ දාන තැනට වැඩ සිද්ධ කලා

# මල් පැලයක් වත් ගෙදර හදපු නැති අපිට ගෙදර එලවළු පැලයක් හදන තැනට ගෙනාවා

# උදේටයි හවසටයි විතරක් දැකපු අම්මා තාත්තා පවුලේ අය එක්ක පැය විසි හතරම ඉන්න වෙලාවක් හදලා දුන්නා

# මෙච්චර කල් උයන්න බැරිවෙලා හිටපු කෙල්ලොන්ට අම්මලා අත්තම්මලා ගෙන් කුකරි කෝස් එකක් නොමිලේම හම්බ උනා

# රෑට ජ්ම් ගිහින් ඇවිත් පුකට අව්ව වැටෙනකන් නිදන් හිටපු කොල්ලොන්ට ගෙදර වත්තේ ජිම් එකේ ශෙඩුල් එක තාත්තලා දුන්නා

# මේකප් නැතුව උනත් ගෑනු ළමයින්ට ලස්සනට ජීවත් වෙන්න පුළුවන් කියන එක ඔප්පු කලා

# හැමදාම රෙදි හෝදන එක එච්චර අමාරු වැඩක් නෙවෙයි කියලා කොල්ලොන්ට ඔප්පු කලා

# බුලත්විට කාගෙන තැන තැන කෙල ගහන උන්ට ආය ජීවිතේට කෙල ගහන්න බය හිතෙන තැනට වැඩ කලා

# සිගරට් අරක්කු කුඩු ගංජා බිව්වාම ඇබ්බැහි වෙනවා කියපු උන්ට සති මාස ගනන් ඒවා නොබී ඉන්න පුළුවන් කියලා ඔප්පු කලා

# අපි වෙනුවෙන් රට වෙනුවෙන් චන්දේ ඉල්ලන්න ඉන්න එකෙක් වත් කරදරයක් උනාම උබල අපි ගැන බලන්නේ නෑ කියලා ඔප්පු කලා

# කොච්චර දේවාල පස්සේ ගියත් පිහිටක් ගන්න අන්තිමට දෙයියොන්ටත් අපේ පිහිට ඕනි බව ඔප්පු උනා

# ග්‍රහලෝක අස්සේ හැංගිලා කේන්දර වල අපල කියලා උබලා රවට්ටපු ජෝතිශවේදියෝ පට්ට හොරු ටිකක් කියලා ඔප්පු කලා

# උතුරේ වෙනම රටක් ඉල්ලපු හමුදාව පන්නන හදපු දෙමළ ජාතිවාදියෝ ටිකට අන්තිමට හමුදාවෙම සහයෙන් ජීවිත බේරගන්න උනා

# කොච්චර විද්‍යාව දියුණු උනත් සමහර ආගම්වල ඉන්න ගොබ්බ පූජකයෝ නිසා මිනිස්සුන්ගේ බ්‍රේන් වොශ් කරවලා කියලා ඔප්පු උනා

# වෙන රටවල් කොරෝනා වලින් මැරෙන ගාන නිවුස් වලට කියද්දි අපේ රටේ ඇදිරි නීතිය කඩලා හිරේ ගිය ගාන කියන තැනට වැඩ සැලැස්සුවා

# එක ගොනෙක් නිසා රැලක්ම මැරෙන්න පුළුවන් කියලා ඔප්පු කලා

# හැමදේම ගොඩ ගහන් හිටපු අපිට අල්ලපු ගෙදර මනුස්සයා කාලද බීලද කියලා හොයලා අඩුපාඩු මග හැරගන්න බෙදා හදා ගන්න පුරුදුකලා

# කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නෑ කෙල උනාම හැමෝටම කොතනදිත් එකම විදිහට සලකන තැනට වැඩ පත්කලා

# සමහර ලෙඩ හැදෙන්නේ දුප්පත්ද? පෝසත්ද? මොන ජාතියේද? මොන ආගමේද? මොන පලාතෙද? ගෑණුද? පිරිමිද? සුදුද? කලුද? උසද? කොටද? කෙට්ටුද? මහතද? කියලා නෙවෙයි කියලා ඔප්පු කලා

ඉතින් කොරෝනා උඹනම් අපිට ජීවිතයේ ඇත්ත ඇතිසැටියෙන්ම කියලා දුන්න නියම පොරක් බං

Rohana K Amarakoon

%d bloggers like this: