Menu Close

කොරෝනා බටහිර හා ආසියාව

ලොව පුරා කොරෝනා රෝගයට අලුතෙන් ආසාදනය වීම හා මරන ප්‍රස්තාරය ෆ්ලැට් වී ඇත.ලෝකයේ අලුතෙන් 80000 ක් දිනකට ආසාදනය වන විට 5000 ක් පමන මියයන මට්ටමේ නතර වී ඇත. අද මීටත් වඩා අඩුවී ඇති අතර එන්න එන්නම අඩුවනු ඇත.සමස්ත මරන ප්‍රමානය ලක්ෂයක් වී සමස්ත ආසාදිතයන් ගනනන් ලක්ෂ විස්සක් වී ඇමරිකාවේ ආසාදිත ප්‍රමානය ලක්ෂ දහයක් පමන වූ පසු එන්න එන්නම රෝගීන් අඩුවෙමින් යනු ඇත.පීක් එකෙන් බසිනු ඇත.සැප්තැම්බර් පමන වන විට කොරෝනා ලෝකයෙන්ම අතුරුදන්වනු ඇත මීට හේතුව ලෝක නායකයන් තම ආකල්ප වෙනස් කර ලාභයට වඩා ජීවිත වටිනා බව තේරුම් ගැනීමයි.

කොරෝනා නිසා බලවත් අපහසුතාවයට පත්වුනේ බටහිර වන්දනාමාන කරන පිරිසයි. සුද්ද මෙච්චර අනාගනීවිද කියා ඔවුන් අන්ද මන්ද වී ඇත.

අච්චර සුද්ද මෙච්චර ඇනගනියිද කියා විශ්මයට පත් අය විවිධ සිත නිවන කතා කියති.
බටහිර රටවල් මේ කරන්නෙ පැතිරෙන්න ඉඩ අරිනව ස්වාභාවික ප්‍රතිශක්තියට (herd immunity)ඉඩ දෙනව .වගෙ කතා ඇසෙන්නේ එනිසාය.
ඒත් ඇත්තනම් සුද්ද ඇනගත්තේය.ඒ වල්බූරු නිදහස නිසාය.
චීනයේ වූහාන් හි රෝගය පැතිරෙන විටම බටහිර ලෝකය සැලකිලිමත් විය යුතුව තිබිණි. මාර්තු මුල තම රටවලින් රොගීන් වාර්තා වන විටද ඔවුන්ට වගේ වගක් නොවීය.

චීනා වැඩේ ලස්සනට ගොඩ දා ගත්තේය. චෙනයේ සංඛ්‍යාලේඛන ගැන මමද විශ්වාස නොකරමි. ඒත් රෝගය පාලනය කලේ චීනා පමානක නොවේ. දකුනු කොරියාව තයිවානය හා සිංගප්පූරුවද රෝගය පාලනය කරගෙන ඇත.

ඉන්දියාවේ රෝග පාලනය ගැන සමහරුන්ට විවේචන ඇත. ඒත් කෝටි 130 ක ජනගහනයක රෝගය පැතිරුනොත් එය පාලනය කරගැනීම දුෂ්කරය. රෝග පැතිරුන පසු දියුනු රටවලටටත් රෝග සත්කාර හා පහසුකම් සැපයීම අමාරුවී ඇති නිසා අපේ වගෙ රටවල කල යුත්තේ රෝග නිරෝධායනයයි.ඒ සඳහා දැඩි ක්‍රියාමාර්ග ගන්න තරමට අරමුන කරා යාමට පහසු වේ.

ලංකාවද බොහෝ දුරට සාර්ථකය. සුද්ද ඇනගන්නවා සියැසින් දුටු නිසා ඉන් පාඩමක් ඉගෙන ගැනීම අපේ සාර්ථකත්වයයයි.

වෛරස් වල තර්ජනය මිනිස් ඉතිහාසය පුරාම දැකිය හැක. එම නිසා රෝගවලට මුහුන දිය හැකි යාන්ත්‍රනයක් අවශ්‍යය. 
ඒ සඳහා පුද්ගල දුරස්ථකරනය ,නව තාක්ෂනය භාවිතා කෙරෙන සන්නිවේදනය,ග්‍රාම රජ්‍ය වැඩපිලිවෙල,සූදානමින් සිටීම යන කරුනු මත පදනම් වැඩ පිලිවෙලක් අවශ්‍යය.

පුද්ගල දුරස්ථකරනය – පුද්ගල සම්බන්ධතා රෝගවලට සරුපසක් නොවන සේ අතේ දුරින් තබා ගැනීම.
නව තාක්ෂනය භාවිතා කෙරෙන සන්නිවේදනය – ගෙදාර් සිට වැඩ කිරීම හා වෙනත් තොරතූර් බෙදාගැනීම දියුණු සන්නිවේදන තාක්ෂනය තුලින් සිදුකිරීම.
ග්‍රාම රජ්‍ය වැඩපිලිවෙල – ගමට අවශ්‍ය නිශ්පාදන ගමේම සිදුකිරීම. නගර කේන්ද්‍රකරගත් මහා නගර මිත්‍යාවෙන් මිදීම.
සූදානම් සරීරෙන් වැඩ කිරීම – නිතරම ව්‍යසනය අතිශයෝක්තියෙන් උපකල්පනය කර ඉන් මිදෙන මානසිකත්වයක් ඇතිකරගත යුතුය . අපගේ ලොකුම දුර්වලකම ශක්තිය දුර්වලතා අවස්ථා තර්ජන විග්‍රහ කිරීමේදී දුර්වලතා හා තර්ජන ගැන දක්වන අඩු සැලකිල්ලයි.මෙය ව්‍යසන කැන්දාගැනීමකි. 

%d bloggers like this: