Menu Close

වෙනත් ඝාතීය වර්ධනත් තිබේද?

මේ දවස් වල ගොඩක් අය කෝවිඩ්-19 සංඛ්‍යාලේඛණ නිබඳ පරිශීලනය කරන නිසා ඝාතීය වර්ධනයක් කියන්නේ මොන වගේ එකක්ද කියා හොඳින් දන්නවා. ඇමරිකාවේ කෝවිඩ්-19 ආසාදිතයින් ප්‍රමාණය වර්ධනය වූ ආකාරය හොඳම උදාහරණයක්.

මාර්තු 6 – 319
මාර්තු 13 – 2,183
මාර්තු 20 –  19,367
මාර්තු 27 –  104,126
අප්‍රේල් 3 – 277,161

මේ රටාවේත් පහතින් තිබෙන රටාවේත් කුමක් හෝ සමානකමක් තියෙනවද කියලා පරීක්ෂා කරලා බලන්න.

මාර්තු 6 – 4.50%
මාර්තු 13 – 5.72%
මාර්තු 20 –  11.34%
මාර්තු 27 –  21.55%
අප්‍රේල් 3 – 91.55%

දෙවනුවට තිබෙන්නේ ශ්‍රී ලංකාව විසින් නිකුත් කර තිබෙන 2020 ඔක්තෝබර් 3 දින කල් පිරෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයක ඵලදා අනුපාතිකය පසුගිය සති හතර තුළ ඉහළ ගිය ආකාරයයි. මේ දවස් වල මේ බැඳුම්කර අතින් අත මාරුවෙන්නේ කෝවිඩ්-19 පැතිරෙනවාටත් වඩා වේගයෙන්. හරියට රත් වූ භාජනයක් අතින් අත මාරු කරද්දී වගේ.

මේ දෙකම ඝාතීය වර්ධන. දෙකෙන් වඩා භයානක කොයි එකද?

ශ්‍රිත දෙකම ඝාතීය වර්ධන වුවත් පළමු ශ්‍රිතයේ වර්ධන වේගය එන්න එන්නම අඩු වෙනවා. සතියකට 9 ගුණයකින් වූ වර්ධනය දැන් සතියකට 3 ගුණයක් පමණ දක්වා පහත වැටිලා. එහෙත්, දෙවන ශ්‍රිතයේ වර්ධන වේගය එන්න එන්නම වැඩි වෙනවා.

පළමු ශ්‍රිතයේ වර්ධන වේගය මේ ආකාරයෙන් ක්‍රමයෙන් පහත වැටෙන්නේ කොහොමද කියා මා පැහැදිලි කර තිබෙනවා. දෙවන ශ්‍රිතයේ වර්ධන වේගය ක්‍රමයෙන් ඉහළ යන්නේ කොහොමද කියාත් පැහැදිලි කළ හැකියි. එහෙත්, ඒ සඳහා කාලය නාස්ති කරන එකේ තේරුමක් නැහැ. ඉතා ඉක්මණින්ම සිදු වන දෙය නිරීක්ෂණය කරන්න ලැබෙයි.

%d bloggers like this: