Menu Close

මම පව්කාරයන්ට විතරක් ආදරෙයි !

man with cigarette on his mouth holding lighter
දිනෙන් දින ඇවිද ගොස් 
අතට අහුවෙන 
සිගරට්ටුවේ ෆිල්ටරය 
ජීවිතේ අම්බලම කරගත් 
ආදරණීයම මතකත් 
පාවුනේ දුම වගේමයි 
වාතලයට කාටත් හොරෙන් 
මුසුවෙලා වියැකිලා ගිය බව 
දන්නෙ මම විතරයි 
වෙලාව පාන්දර හතරයි 
තාමත් මම නිහඬයි 
නින්ද දැන් ගොඩක් ඈතයි 
ශිෂ්ඨාචාරය අතුගෑවෙන යුගයක 
තනියෙන්ම හිනාවෙන 
සුන්දර මිනිස් ප්‍රාණියා මම 
මේ හැම අකුරක්ම 
මත්පැන් උගුරකට යටයි 
ලෙංගතු හිතවතිය, 
අහන්න මගේ වචන ! 
මට දැන් මරණය විහිළුවක් විතරයි 
ප්‍රාර්ථනා මකබෑවුනාදෙන් ! 
මගේ මනෝලෝකය 
මට පමණක් උරුමයි 
දැන් දැන් අඳුර හරි කිට්ටුයි 
කඳුළ යනු ෆැන්ටසියක්ම බව 
මම දැන් දැනන් ඉවරයි 
ඉතින් කියන්නම් 
ජීවිතය හරි තුච්චයි 
කුහකකම පිරුණු ලෝකයක 
අව්‍යාජ හිනාව මගේ එකම 
වත්කමයි ! 
තවත් වචන ඉතුරුයි 
කියන්න කාලයක් නැතුව 
ලතවෙන මිනිස්සු 
පව්කාරයි ! 
ඉතින් 
මම පව්කාරයන්ට විතරක් ආදරෙයි ! 

– රැහැන් මාරා | සිත්තම් මායා 
%d bloggers like this: