Menu Close

කොරෝනා රෝගය තෙල් කර්මාන්තය නැතිකර, පරිසරය ආරක්ෂා කරයිද ?

            Untitledවිශ්ලේෂකයන් කියන්නේ, නැවත කිසිදිනෙක තෙල් සහ ගෑස් කර්මාන්තය මුල් තත්වයට නොඑන බවය.
වසර සියයක ඉතිහාසය තුල මෙතෙක් ලැබූ වැඩිම පාඩුව එය ලබා ඇත. එහෙත් මේ නිසා පරිසරය යථා තත්වයට කෙමෙන් පත්වන බව බොහෝ විශේෂඥයන් පවසති. එහෙත් සමහර අය කියන්නේ, කොරෝනා ව්‍යසනය සමාප්ත වූ විට නැවත මුල් තත්වයට තෙල් සහ ගෑස් කර්මාන්තය පැමිණෙන බවය.

කව්රුන් නිවැරදිද යන්න ලෝක දේශපාලනය, ලාභය, ආයෝජකයන්ගේ මතය, කාබන් විමෝචනය වැනි දේ මත රැඳෙනු ඇත. 

අද පවතින තත්වය අනුව දහස් ගණන් රැකියා නැතිවී තිබේ. තෙල් වෙළෙන්දන් තෙල් ගන්නවාට මිළ ගෙවන්නේ, වෙළඳ පොළ සංතෘප්ත වී ඇති හෙයිණි.  දිනකට බැරල් මිලියනයක් ගන්නා තෙල් ළිං වල ක්‍රියාකාරීත්වය නවතා දමා ඇත. මිනිසුන් නිවසට කොටු වී ඇති අතර අහස් යානා තොටුපළවල් වල නවත්වා දමා තිබේ.  එක්තරා විශ්ලේෂකයෙක් කියන්නේ, 2019 වසර ඉහළම විමෝචනය තිබී වසර වන බවය. 2022 තරමක් එය වැඩි වී සදහටම පහළ බැසීම ආරම්භ කරනු ඇත.

නිවසේ සිට සේවය කිරීම, වීඩියෝ ඇමතුම් සහ රැස්වීම් වැනි දේ නිසා ගුවන් ගමන් අනාගතයේ බොහෝ අඩුවනු ඇත.  විමෝචනය ලොවෙන් තුරන් කිරීමට කෙනෙක්ගේ අභිප්‍රාය ඇත්නම්, ඒ ආකාරයට සිතිය යුතුය. ක්‍රියාත්මක විය යුතුය. බැරලයක් ඩොලර් 35 වන විට, ඒ ආකාරයේ තෙල් වෙළඳාමක් සඳහා ගිය මූලික වියදමවත් පියවා ගත නොහැක යයි තෙල් විශ්ලේෂකයෝ පවසති.  සූර්ය සහ සුළං ව්‍යාපෘති වලින් තෙල් වලට සමාන ආකාරයේ ලාභයක් ලැබෙමින් පවතී.

අද දින තෙල් වෙළඳාම අඩු ලාභයැති, වැඩි අවධානමක් ඇති මෙන්ම වැඩි කාබන් විමෝචනයක් ඇති දෙයකි.

ෆොසිල ඉන්ධන නිසා වන කාබන් විමෝචනය හේතුවෙන් ආයෝජකයන්ට එක් එක් ආයතන වලින් ඇතිවන පීඩනයද ඉමහත් බව විශ්‍රාම අරමුදල් සහ ආයෝජන සම්බන්ද විශාල ආයතනයක් වන Arkadiko Partners කියා සිටී.

බැරලයක් ඩොලර් 20 වනවිට, මුළු තෙල් වෙළඳාම ඉතිහාසයට යනු ඇත.  

කොරෝනා වෛරසය නිසා ඇති වූ ව්‍යසනය නිසා, ලෝකයේ කාබන් විමෝචනය අඩු වෙන ප්‍රමාණය විශාලය. එය දෙවන මහා ලෝක සංග්‍රාමය අවසාන වූ විට තිබී කාබන් විමෝචනය ප්‍රමාණයට සමාන වනු ඇතැයි විද්‍යාඥයන් ගණනය කර ඇත.

2008 වසරේ ලෝක ආර්ථික අවපාතය ඇති වූ විට පුනර්ජනනීය් බල ශක්තිය හිස ඔසවතැයි සිතුවද එය සිදු නොවූ කරුණු දෙකක් විය. එකක් නම්, එකළ පුනර්ජනනීය බල ශක්තිය ෆොසිල ඉන්ධන වලට වඩා මිළෙන් වැඩි වීමයා. දෙවන හේතුව නම් අවපාතයේ අවසානයේ ෆොසිල ඉන්ධන ආයතන නැවත වෙළඳාමට පැමිණීමය. එහෙත් අද එය වෙනස් වී ඇත. පුනර්ජනනීය බලය තෙල් වලට වඩා ලාභය. තව දුරටත් එය ලාභ වෙමින් පවතී. එය එසේ නම් ෆොසිල ඉන්ධන බලාගාර හෝ එම වෙළඳාම් තව දුරටත් රැකීමේ අවශ්‍යතාවයක් නැත.

සව්දි අරාබියාව සහ රුසියාව, කොරෝනා වෛරසය ලොවට ඒමට සුළු කලකට පෙර තම නිෂ්පාදනය වේගවත් කිරීම සහ ඉන් පසු ඇති වූ අවම ඉල්ලුම හමුවේ, එම තෙල් අතිරික්තයට කරන්නට දෙයක් නැති විය. එවිට සව්දි අරාබියට සහ රුසියාවට එම තෙල් මිළ හැකිතාක් අඩු කර විකිණීමට උත්සාහ කිරීමට සිදුවිය.  තම පැවැත්ම උදෙසා කල මේ තරඟයේ එම රටවල් දෙකට ප්‍රධාන ස්ථානයක් ලැබෙන්නේ, ඔවුන්ගේ තෙල් නිෂ්පාදනය සඳහා යන වියදම සාපේක්ෂ සේ අඩු හෙයිණි.

ෆොසිල ඉන්ධන වලින් සිය ආදායමේ 90%ක් ලබාගන්නා සව්දි අරාබියේ ආර්ථික තත්වය බොහෝ පහතට බැස ඇත.  සමහරවිට මේ කොරෝනා වෛරසයට පින් සිදු වන්නට සව්දියේ තෙල් කර්මාන්තය තවත් වසර දෙකකින් නැත්තටම නැතිවී යාමේ සොහොන් ලකුණු පෙනේ.  වෙන විදියකින් කිවහොත්, සව්දි අරාබියේ තෙල් කර්මාන්තය කොරෝනා රෝගය වැළඳගෙන අසාධ්‍ය තත්වයේ සිටිනවාක් වැනිය.

ලංකාවේ අපද කල යුත්තේ, හැකිතාක් පුනර්ජනනීය බලයට අනුගත වෙමින් ලෝකයටම විනයක් වූ ෆොසිල ඉන්ධන මාරයාගෙන් ඉවත්වීම සඳහා උත්සාහ කිරීමය.

ලංකාවෙන් ඉවතට යන වැඩිම විදේශ විනිමය ප්‍රමාණය අද දින වැය වන්නේ ෆොසිල ඉන්ධන සඳහා බව අවබෝධ කර ගැනීම වටී.  මෙයට දේශපාලන විසඳුමක් ලැබුණු දින පරිසරය පමණක් නොව, රට මුහුණ පා ඇති දැවැන්ත ණය බරටද විසඳුමක් ලැබෙනු ඇත.  

https://www.theguardian.com/environment/2020/apr/01/the-fossil-fuel-industry-is-broken-will-a-cleaner-climate-be-the-result?fbclid=IwAR1CZMhoTDuJQD8judR3itmbhyguzEYmLVw_ksJPVBgOO5WYw75tcjRrQSs

 

%d bloggers like this: