Menu Close

ඉඩ්ලිබ් හි තුර්කි ප්‍රහාරවලින් සිරියානු සෙබලුන් මරුට,තුර්කි ප්‍රොක්සි හමුදාවන්ට කුර්දි ප්‍රහාර

syrian-soldiers-killed-injured-in-turkish-strikes-in-eastern-idlib-kurdish-rebels-raid-positions-of-turkish-proxies-in-afrin

උතුරු ඇලපෝ හි තුර්කි ප්‍රොක්සි හමුදා සටන්කාමීන්ට එරෙහිව අෆ් රින් විමුක්ති බලකා සටන්කාමීන් ප්‍රහාර මාලාවක් එල්ල කලහ.එම කණ්ඩායමට අනුව,මාර්තු 26දා ඔවුන්ගේ සටන්කරුවන් තුර්කි ප්‍රොක්සි හමුදා රැඳී සිටින ඔම් රා ප්‍රදේශයට කඩා වැදී තුර්කි සටන්කාමීන් තිදෙනෙක් මරා දමා තිබේ.අප්‍රේල් 1දා ඔවුහු අබු කලිඩ් නම් අණදෙන නිලධාරියාගේ වාහනයක් පුපුරවා හැරියේය.අණදෙන නිලධාරියා සහ ඔහුගේ ශරීරාක්ෂකයෝ තිදෙනෙක් එහිදී මිය ගිය අතර අනෙකා තුවාල ලැබූහ.එදිනම,අෆ් රින් නගරයේ අල්-මහුඩියාහ් ප්‍රදේශයේදී තුර්කි ප්‍රොක්සි හමුදා සටන්කාමීන්ගේ මූලස්ථානයක මර උගුලක් ක්‍රියාත්මක කරන්නට කුර්දි සටන්කාමීන් ක්‍රියා කලේය.ප්‍රහාරයෙන් භෞතික හානි පමණක් සිදු විය.

අෆ්රින් විමුක්ති බලකා යන නාමය කුර්දි මහජන ආරක්ෂක ඒකක භාවිතා කරන්නේ උතුරු සිරියාවේ තුර්කි හමුදාවට සහ තුර්කි ප්‍රොක්සි හමුදාවන්ට එරෙහිව සිදු කරන ප්‍රහාරවලට තමන්ගේ සම්බන්ධයක් නොමැති බව පෙන්වීමටයි.ඔවුන් මෙම ප්‍රහාර දියත් කරන්නේ කුර්දි මහජන ආරක්ෂක ඒකක වල පාලනය යටතේ තිබෙන ඇලෙපෝ ප්‍රදේශය සිටයි.තවද තුර්කි පාලනය යටතේ තිබෙන අෆ් රින් කලාපයේ ඔවුන්ගේ තිප්පොල වලින් සමන්විත ජාලයක් තිබේ.

ගොඩනැගිලි නිර්මාණය කිරීමට අවශ්‍ය සහ ඉංජිනේරු උපකරණ සහිත තුර්කි රථ පෙළ කිහිපයක් අප්‍රේල් 1 සහ 2 දිනයන්හි කැෆ්ර් ලුසින් දේශසීමා මුරපොල හරහා සිරියාවට ඇතුලු විය.පසුව මෙම උපකරණ දකුණු ඉඩ්ලිබ් හි එම්4 මහා මාර්ගය වැටී තිබෙන සටන්කාමීන්ගේ පාලන ප්‍රදේශයට ලගා වූයේය.ප්‍රදේශයේ සිය පැවැත්ම ශක්තිමත් කිරීම සඳහ මහා මාර්ගය ඔස්සේ සිය මුරපොල සහිත කණ්ඩායමක් පිහිටුවන්නට තුර්කි හමුදාව මෙම උපකරණ තොගය භාවිතා කරන්නට සැලසුම් කරමින් සිටින බව වාර්තාවේ.මාර්තු මාසයේදී තුර්කි හමුදා ඉලක්ක කර මෙම ප්‍රදේශයේදී මර උගුල් දෙකක් ක්‍රියාත්මක කරන්නට අන්තවාදී සටන්කාමී ක්‍රියා කලහ.මෙවැනි ප්‍රහාර අප්‍රේල් මාසය තුලත් එල්ල විය හැකි යැ‍යි අන්කාරා රජය අපේක්ෂා කරයි.

අප්‍රේල් 2දා අල්-හසාකා පළාතේ ටෙල් ටම්ර් නගරය ආසන්නයේ සිරියානු හමුදාවේ මුරපොලක් වෙත තුර්කි කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල වීමෙන් සිරියානු සෙබලු දෙදෙනෙක් මියගොස් සිව්දෙනෙක් තුවාල ලැබූහ.ප්‍රදේශයේ කුර්දි සටන්කාමීන් සමග එකඟ වූ පරිදි සිරියානු හමුදාව ඊසානදිග සිරියාවේ ස්ථාන රැසක මුර පොල පිහිටුවන්නේ 2019 වර්ෂයේදීය.ඉන්පසුව,සිරියා-රුසියානු ඒකාබද්ධ ප්‍රයත්නයන් හමුවේ කුර්දි සටන්කාමීන්ට එරෙහිව තුර්කිය සිදු කල මෙහෙයුම සීමා කරන්නටත්,මහා පරිමාණ ගැටුම් වළක්වා ලන්නටත් හැකි විය.නමුත් තුර්කි හමුදාව සහ සිරියානු හා කුර්දි සටන්කාමීන් වෙන් කරන සීමාවේ නිතර කඩින් කඩ වෙඩි හුවමාරු,කාලතුවක්කු ද්වන්ධ සටන් ඇතිවේ.

ඒ අතරවාරයේ,තෙල් වලින් පොහොසත් රමෙලාන් හි සිය හමුදා කඳවුර සවිගන්වන්නට එක්සත් ජනපදය ප්‍රමුඛ සන්ධානය ක්‍රියා කලේය.මෙම ඇමෙරිකානු කඳවුර පිහිටා තිබෙන්නේ සිරියාවේ විශාලතම තෙල් නිධි සංකීර්ණයක් ආසන්නයේය.එහි දිනකට තෙල් බැරල් 90,000ක් දක්වා නිෂ්පාදනය කල හැකිය.මීට ඉහතදී අල්-හසාකා හි දකුණු  කොටසේ අල්-ෂඩාඩි ප්‍රදේශයෙහි අමතර සෙබලුන් සහ යුදෝපකරණ යොදවන්නට ඇමෙරිකානු හමුදාව කටයුතු කර තිබිණි.

පෙන්ටගනයට අනුව තෙල්වලින් පොහොසත් අල්-හසකා සහ ඩීර් එසෝර් පළාත්වල ඇමෙරිකානු සෙබලුන් 500ක් පමණ රදවා සිටියි.කෙසේවෙතත්,කලාපය තුල හමුදා ක්‍රියාකාරකම් වල ප්‍රමාණය සලකා බලද්දී එහි සිටින පිරිස පවසනවාට වඩා ඉහළ යැ‍යි පෙනී යයි.

source:southfront.org

%d bloggers like this: