Menu Close

147. ජීවිතය ….කතාවක්





Life is a story
Makes yours the best seller….

මේ කියමන ඔබ අහල තියනවා ඇති…..
.
.
මම අද මේ සටහන ලියන්නෙ….හැන්දෑවේ ඇති වූ කතා බහක් ඇසුරෙන්….පුතාගෙ පන්තිය ඇරෙනකල්….වාඩි වෙලා ඉද්දි….එතන උන්න දෙමවුපියන් කීප පලකගේ සංවාදය කණට වැටුණා….
.
ඒ කතාබහට හේතුපාදක වුණේ පසු ගිය දිනවල අවාසනාවන්ත අන්දමට කොලඹ ප්‍රධාන බාලක පාසලක දරුවන් කිහිප දෙනෙක් රිය අනතුරකට ලක්වීම…
ඉන් එක් දරුවෙක් මියගිය අතර සෙසු අය බරපතල තුවාල ලැබුවා…..
.
එයට හේතුව …අධික වේගය….
.
ජීවිතේ කතාව ලියන්නත් කලින් ඒ පොත් වැසුණා….
සමහර අයගෙ සදාකාලික ව
අනෙක් අයගෙ තාවකාලික ව….
.
.
අද කාලයේ තරුණ පරපුර වේගවත්…නොඉවසුම් ..කලබලකාරීයි….
ඒත්…ඒ වයසේ වැරැද්ද ..පසුව හරියාවි කියා නම් …කල් මරන්න එපා….යමක් සිදුවුනාට පස්සෙ ..බොහෝ විට ආපසු හැරෙන්න බැරි හානියක් වෙලා ඔවුන්ට…..
.
වේගය…කෙනෙක්ට පලදායී වෙන්න පුලුවන් අවස්තා ඕන තරම්…නමුත් රිය පැදවීමේදී වගේම ජීවිතයේ යම් යම් ඉසව් වලදී….ප්‍රශස්ත වේගයක් පමණක් පවත්වාගැනීම ඉතාම වැදගත්….
.
නව යොවුන් වියේ ඉන්නා ඔබේ පුතා හෝ දුව …එහෙමත් නැත්නම් සහෝදරයා හෝ සහෝදරීට…..අනවශ්‍ය වේගය ජීවිතේ ට එක් කරගන්න දෙන්න එපා….
.
ඔවුන්ට කියාදෙන්න…..
ඔවුන්ගෙ කතාව ඔවුන් ලිවිය යුතු බව…
එමෙන්ම ….
.
ඒ ලියන කතා ව හොඳම ජනප්‍රියම ඒ වගේම ඉල්ලුම ඇති කතාව කරගැනීමේ යතුර ඔවුන් සතු බව ……

මම 
විසිරි 

%d bloggers like this: