Menu Close

145. කවි

ඉපල්වී ගිය සිහින සුරකින
අරටුවක මුල් බැස්ස ප්‍රේමය
තබා හදවත සිඳී යන තුරු
රැකගත්තු ඒ දවස් මතකද…..

ළයට තුරුලුව නුඹේ සෙනෙහස
විඳිනු නොහැකිව ගෙවූ යුගයක
ප්‍රේමයක් සතු සියලු වත්කම්
කෙසේ කිකලෙක සිඳි නැසුණිද…..

සිඳී සිඳු දොර නැගෙන කඳුළක
පැතුම් අහුරමි ඉතින් තනිවම
ප්‍රේමයට හිමි තනි ගමන් මග
රැඳෙමි නුඹ මතකයේ සුව දෙන..

විසිරි

%d bloggers like this: