Menu Close

144. කවි

ඔව් …ඒ මමයි හිතවත
~°~°~°~°~°~°~°~°~°~°~

සඳ අහස් ගැඹරේ ගිලි ගිලී නැහැවෙන
ගණ අඳුරු අහසක තනිව පායා එන….
ඒ එකම තරුවක ආදරේ අමුණන
තටු අහිමි වූ කුරවියයි මා හිතවත…..

නෙතු පියා කඳුලක ඉඩ හසර නවතන
සිනහවක සරුසාර මල් පුබුදන
සුසුමකින් අහසේ කලු වලා දුරලන
වාලුකා අස රැඳි කඳුර වෙමි හිතවත….

අත නුදුරු දුරකින් ඉගිළ හිනැහී එන
සිහිලසක කැටි වුණ ආදරය හඳුනන
කඩඉමෙන් කිසිදින මං මුළා නොමවන
සෙනෙහසේ ගීයක තනුව වෙමි හිතවත….

විසිරි

%d bloggers like this: