Menu Close

143. වඩා වැදගත් ම දේ කුමක් ද….?

ඔබට දුරකතනයක් අවශ්‍ය වන්නේ ඔබේ පහසුවටද…එහෙමත් නැති නම් ඔබට ඇමතුමක් දෙන්නාගේ පහසුවටද යන්න ඔබ කිසිම විටෙක හෝ සිතා තියනවාද….?
.
මම මේ කාරණය ගැන සිතන්නට පෙළඹුණෙත් පසු ගිය දිනෙක කියවූ පොතක් ඇසුරින් …..
.
ඇත්තෙන්ම දුරකතනයක් කෙනෙක්ට තිබිය යුත්තේ තමන්ගේ පහසුවටයි…ඒ එහෙම වුණත්…අපිට දුරකතන ඇමතුමක් ආවිට අපි ක්‍රියා කරන්නේ…..ගිනි නිවන හමුදාවේ ෆයර් එලාමය වදිනවා හා සමාන කලබලයකින්….
.
අන්න ඒ වෙලාවට අපි පවුලේ අය එක්ක සතුටු සමාගමක උන්නත්, ආදරණීයයෙක් එක්ක ගමනක යෙදුණත්, දරුවෙක්ට පාඩමක් කියා දෙන ගමන් වුණත් …ඒ ඔක්කොම අතහැරල අර ඇමතුමට ඇදෙනවා…
.
මේකට හුඟාක් වෙලාවට හේතු වන්නේ අපේ අභ්‍යන්තරයෙ ඇති වන කුතුහලය කියලා තමයි ප්‍රකාශ වෙන්නෙ….unknown number එකකින් එන ඇමතුමක කුතුහලය ඉතාම වැඩියි…..
.
අන්තිමට අපිට වෙන්නේ මොකක්ද …අර කුතුහලය නිසා වැදගත් ම යෙදී උන් කාර්‍යය පසුවට දමල අපි අර ඇමතුමට යනවා….ආපහු එන්න සමහර විට ගතවන කාලය….හිතනවට වඩා හුඟක් වැඩිවුනොත්…අපි බිඳගන්නේ අපේ ම වැදගත් දේ….
.
ඉතින්….ඔබට අවශ්‍ය නම් වොයිස් මේල් කියන පහසුකම මෙහිදි භාවිත කරන්න පුලුවන් ..නමුත් අපි තවම ඒ දෙයට මැලි යි….ඉතින්…මෙහිදි අපිට ඒ අදාල මොහොතෙදි ඇමතුමක් අත්‍යාවශ්‍ය නොවේ නම් හෝ ඇමතුමකට සම්බන්ධ විය නොහැකි නම් එම වොයිස්මේල් පහසුකමට යන්න පුලුවන් …..
.
අපිට තියන බැරෑරුම්ම ගැටලුව වන්නෙ දුරකතනය නාද වෙන මොහොතේම එය මග හරින්න බැරි අකමැත්ත..නමුත් මතක තබා ගන්න…
.
ඔබ මුල් තැන දිය යුතු ඇමතුම් වගේම අනවශ්‍ය ඇමතුම් ඕන තරම් ඔබට එන බව….එතනදී ඔබේ සංවාදය, ඔබේ විනෝදාංශය , ඔබේ ආදරය සහ සමාගමයන් අංක එක ලෙස ගෙන එතරම් අවශ්‍ය නැති ඇමතුම් අංක දෙකට හරවාගන්න අද සිට උත්සාහ ගන්න…..
.

මම

විසිරි සිහින

%d bloggers like this: