Menu Close

  අපේ කාලයේ වීරයෙක් – ඉන්දුනීසියාවේ දොස්තර ගුණවන් මහතා .

                      2214858589දැන් දැන් ලෝකයේ බෝවී සිටින කමකට නැති බොහෝ දේශපාලුවන්ගේ වීරත්වය නැතිවෙමින්, වෙනත් සත්‍ය වූ වීරයන් කොටසක් සමාජයට එන බවත් ඔවුන්ට බොහෝ පිළිගැනීමක් ඇති බවත් පෙනේ. ඒ මහත් වෙහෙසක් දරා මිනිසුන් ජීවත් කරවන්නට හදන සෞඛ්‍ය සේවකයන් වේ.  

79 හැවිරිදි දොස්තර ගුණවන් මහතා රෝගියෙක්ගේ එක්ස් රේ සටහන බැලූ විගස ඔහුට COVID-19 ඇතැයි විගස අනුමාන කළේය. ලේ වල ස්වභාවය, අධික උන වැනි දේ ඒ අදහස සනාථ කළේය. ඔහු සේවය කල රෝහලේ COVID-19 පරීක්‍ෂණ කට්ටල නොතිබුණු හෙයින්, ඔහුට වෙනත් රෝහලකින් ඒ පරීක්‍ෂණය කර ගැන්මට ඔහු අවවාද කළේය. ඔහු මෙසේ කියයි.

මා පෙණහළු විශේෂඥයෙක්මි. මා මුහුණු ආවරණ නොදමමි. එය මෝඩ සහ ආරක්ෂා රහිත දෙයක් යයි ඔබ පවසනු ඇත”… “එහෙත් මා පරීක්ෂා කලේ රෝගියෙක් විය”… මුහුණු ආවරණ ඔහු එකල භාවිතා කලේ නැති අතර තව දුරටත් මෙසේ කියයි. … “COVID-19 රෝගියෙක් ගේ එම රෝගය ඇති බව නළලේ කොටා නැත”… “එහෙත් ඔහු එම ආකාරයේ රෝගියෙක් බව දැන ගන්නා විට, අපටද ඒ රෝගය බෝවී ඇත”… “එවිට ප්‍රමාද වැඩිය. 

COVID-19 රෝගය ඉන්දුනීසියාවේ මුලින්ම ඇතිවන කාලයේ විශේෂ ඇඳුම් කට්ටලයක් දොස්තර වරුන් විසින් ඇඳිය යුතු බව නොදැන සිටීම මෙයට හේතුව විය. එක වරක් පමණක් ඇඳ විසි කරන ඇමරිකානු ඩොලර් 61ක් වටිනා ඇඳුමක් දොස්තර වරුන් දැන් අඳිති. දැන් ඔහු ඒ ආකාරයේ රෝගියෙක් පරීක්ෂා කරන විට එම ඇඳුම භාවිතා කරයි. ඇඳුම සමඟ ඔහුගේ රුව අන්තර් ජාළයේ සමාජ පිටුවල බොහෝ ප්‍රසිද්ධ වූයේ, මේ කොරෝනා රෝගයට විරුද්ධව කරන සටනේ මුලම ඔහු සිටි හෙයිණි. ඔහු වීරයෙක් යයි කියන්නන්ට ඔහු මෙසේ කියයි.

… “මා වීරයෙක් නොවෙමි”, … “රෝගීන් සුවපත් කරන්නට උත්සාහ කර මිය ගිය දොස්තර වරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයන් වීරයන් වෙති”… “එහෙත් ඔවුන් පවා හඬමින් රෝගීන් පරීක්ෂා කරන්නේ, ඔවුන් එසේ කිරීමට දිවිරුම් දී ඇති හෙයිණි”… දොස්තර ගුණවන් ගේ පව්ලෙන් ඔහුට කියන්නේ, ඒ COVID-19 රෝගීන්ට ප්‍රතිකාර නොකරන ලෙසය. එහෙත් ඔහු කියන්නේ, …එසේ නොකර සිටීමට, දොස්තර කෙනෙක් සේ ඔහු යටත් වූ දිවුරුමට විරුද්ධ බවය.

… “දෙවියන්ට සියල්ල භාර කරමු”… “දෙවියන් මට නිරෝගී බව දෙන්නේ නම්, අප නැවත එක්වෙමු”…”එසේ නොවුවහොත් එය ජීවිතය යයි සිතමු”… කියා ඔහු කියයි. සියලුම දොස්තර වරුන් සහ අනෙක් සේවකයන් රෝගීන්ට සාත්තු කරන්නේ සමහරවිට ඒ අවශ්‍ය නිවැරදි ඇඳුම් පවා නොමැතිව යයි ඔහු කියයි.

මාර්තු මාසයේ අග භාගයේ ඔහුද රෝගාතුර විය. ඔහුව වහා ජාකර්තා නුවර ආරෝග්‍ය ශාලාවකට ගෙනයන ලදී. දින අටකට පසු ඔහුට නොයෙක් ආකාරයේ පිළිවෙත් කර සුවපත් බවට පත්කරන ලදුව, නැවත තම නිවසට ගෙනවිත් දින 14ක් නිරෝධායනය කට භාජනය විය. දියවැඩියාවෙන් ද පෙළෙමින් සිටි ඔහු ඒ කාලයෙන් පසුව නැවත සේවයට නොගන්නා ලද්දේ, එවිට අළුත් නීතියක් ක්‍රියාත්මක වී තිබී හෙයිණි. එනම් වසර 65ත වඩා වැඩි වෛද්‍යවරුන් සේවයට බඳවා නොගැනීමය.

ඒ වෙනුවට ඔහු, ඔහුගේ සගයන්ට සහ මිතුරන්ට තමා ලබාගත් අත්දැකීම් පවසනු ඇත. ඔහුගේ අවවාද වන්නේ
නිවසට වී සිටීම, සමාජ දුරස්ථභාවය ට අනුගත වීම යන අප දැනටමත් දන්නා කරුණු වේ. … “ප්‍රවේසම් වෙන්න”… “ඔබ අසල සිටින පුද්ගලයාට ඒ රෝගය තිබෙන්නට පුළුවන”… “මේ ආකාරයට මෙම රෝගයට මුහුණ දිය යුතුව ඇත”… ඔහු කියයි.

COVID-19 බෝවී ඇති අයට ඔහු කියන්නේ, …”දිරිමත් වන්න, ඔබට සුව වීමට අපහසු නැත” …සේය.

වැඩි විස්තර :-          

https://www.channelnewsasia.com/news/asia/indonesia-jakarta-doctor-handoko-gunawan-covid-19-frontline-12593686

%d bloggers like this: