Menu Close

ෆීලින් මං වටිනවා

ජිවිතේ අපිට සමහර වෙලාවල් එනවා කාටවත්ම අපිව වටින්නේ නැහැ ඇයි මම ජීවත් වෙන්නේ කියලා හිතෙන.අන්තෙටම කලකිරුනු එහෙම වෙලාවක මැරෙන්න හිතෙන්න වුනත් පුලුවනි.මම ඒ හැගීම විදලා තීනවා.
ඒත් අද මේ ඇදිරිනීති වෙලාවෙත් අත්‍යවශ්‍ය සේවා සපයන අයගේ මූල්‍යමය අත්‍යවශ්‍යතා සපයන්න අත්‍යවශ්‍ය සේවාවකට අදාල සේවකයෙක් විදියට රැකියාවට ගිහින් ඇවිත් විශබීජ නැත්තටම නැතිවෙන්න පිරිසිදුවීම් කරලා ගෙදරට ආව මට (සනීපෙන් ඔව් හෙන ෆිට් කියලා පෙන්වන කිහිප දෙනෙක් මං එක්ක ජීවත්වෙනවා.වකුගඩු රෝගයක් , පිලිකාවකින් බැටකාපු දෙන්නෙක් මෙහේ ඉන්නවා.මාස කීපයකට කලින් ඔපරේශන් එකක් කරපු හබියෙකුත් ඉන්නවා,තව දියවැඩියාව උඩවැඩියාව කරගනිපු දෙන්නෙකුයි පට්ට සනීපෙන් කියල ඉන්න පිනි බිදක් වැදුනත් හචොස් ගාන ඩබලකුත් ඉන්නවා) හිතුනෙම ආයෙනම් මැරෙන්න හිතුනොත් මේ භයානක කාලේ ගැන මතක් කරලා බලනවා කියලා තමයි..ගැලරියේ තියෙන ෆොටෝ ටික ආයේම පීරනවා.
අවුරුදු විස්සකට විතර කලින් මැරුන අයගේ පොත් ලකුනු කරන්න එන , රජයෙන් කියපු ණය සහන අහන්න ඇවිත් අපේ අම්මා අප්පා මතක් කරන අය ඉන්න රටක කොරෝනා කියන්නේ තවමත් වැඩ නොපෙන්වපු කෙරුම් කාරයෙක් කියලා තේරුම් ගන්න තරමට මොලේ තියන මිනිස්සුත් ඉදලා හිටලා මීටරේ දුරින් ආශ්‍රය කරන කාලයක් මේක
හෙන වීරයා වගේ ශාඛාවට ලගයිනේ මං.මං වැඩට එන්නම්.ඔයාලා බෙදිලා එන්න කියුවට අවම සුපිරි හෙල්ත් තත්ත්වයත් තියෙන්නෙ මට තමයි ඉතින්.
කෝම වුනත් රැකියා ස්ථානයට මම තවත් එක සේවකයෙක් පමණයි කියන කියමනත් හිතේ කොනක තියෙනවා හොදේ..

(සටහන – 2020.03.31)

%d bloggers like this: