Menu Close

සයිරාට් ගුවන් කඳවුරට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයත් සමග ඉඩ්ලිබ් සටන්කාමීන් සරාකිබ් හි සිරියානු හමුදාව පහරදෙයි

idlib-militants-attack-syrian-army-near-saraqib-following-israeli-strike-on-shayrat-airbase

මාර්තු 31දා පස්වරුවේ,ඊශ්‍රායල ගුවන් හමුදාව සිරියාවට ගුවන් ප්‍රහාර එල්ල කලේය.ඊශ්‍රායල යුද ගුවන් යානා ලෙබනන ගුවන් අවකාශයේ සිට සිරියාවේ හෝම්ස් පළාතේ සයිරාට් ගුවන් හමුදා කඳවුර ඉලක්ක කර ගෙන මිසයිල 12කට වැඩි ගණනක් එල්ල කරන ලදි.අවම වශයෙන් ඉන් මිසයිල 8ක් වත් සිරියානු ගුවන් ආරක්ෂක බලකා විසින් අතරමගදී බිම හෙළා තිබේ.ඊශ්‍රායල ප්‍රහාර නිසා ගුවන් හමුදා කඳවුරට සිදු වූ හානිය පැහැදිලි නැත.

ඊශ්‍රායලයට පක්ෂපාතී මූලාශ්‍ර පවසන්නේ ප්‍රහාරවල ඉලක්කය වූයේ ඉරානයට සහ හිස්බුල්ල සංවිධානයට අයත් අවි ගබඩා සහ සටන්කරුවන් රැදී සිටින ස්ථානයයි.

ඉඩ්ලිබ් හි අල්කයිඩා ත්‍රස්තවාදීන්ට එරෙහි රජයේ හමුදා හි මෙහෙයුම්වලට ගුවන් ප්‍රහාරක සහාය ලබාදීමට භාවිතා කල ස්ථානයක් වශයෙන් සයිරාට් ගුවන් හමුදා කඳවුර ප්‍රසිද්ධය.රුසියානු ප්‍රහාරක හෙලිකොප්ටර් යානා මෙම කඳවුර පූර්ව ප්‍රහාරක අධියරයේ කඳවුරක් වශයෙන් භාවිතා කරයි.පසුගිය වර්ෂයන්හිදී වැදගත් හමුදා මෙහෙයුම් සිදුවෙද්දී සිරියානු හමුදාව ඉලක්ක කර දිගින් දිගටම ප්‍රහාර එල්ල කරමින් ඊශ්‍රායල ගුවන් හමුදාව අල්කයිඩාවට සම්බන්ධ සටන්කාමීන්ට සහාය ලබා දුන්නේය.තුර්කි-රුසියා සටන් විරාම ගිවිසුම සෙමින් පරිහානියට යමින් තිබියදී,ඊශ්‍රායල ප්‍රහාරය එල්ල වූයේ ඉඩ්ලිබ් හි අලුත් ගැටුමක ආරම්භ සනිටුහන් කරමින් යැ‍යි සිරියානු මූලාශ්‍ර පැවසීය.

එම් 5 සහ එම් 4 මාර්ග හමුවන මංසන්ධියේ පිහිටි සරාකිබ් නගරය ආසන්නයේ සිරියානු හමුදාවේ ස්ථාන ඉලක්ක කර ගෙන අප්‍රේල් මස 1දා හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම සහ ඔවුන්ගේ මිත්‍ර කණ්ඩායම් කාලතුවක්කු ප්‍රහාර එල්ල කලහ.ඊට ප්‍රතිචාර වශයෙන් සිරියානු හමුදාව අෆිස් සහ සර්මින් යන ප්‍රදේශවල සටන්කාමීන්ගේ ස්ථාන ඉලක්ක කර කාලතුවක්කු ප්‍රහාර එල්ල කලේය.

කලාපය තුල ක්‍රමයෙන් ඉහළ යන තුර්කි හමුදා ශක්තිය සහ සටන් විරාමය නිසා නිර්භීතව නැගෙනහිර ඉඩ්ලිබ් හි සිරියානු හමුදා ඒකක ඉලක්ක කරගෙන නිරන්තරයෙන් ප්‍රහාර එල්ල කරන්නට ඉඩ්ලිබ් සන්නද්ධ කණ්ඩායම් කටයුතු කරති.පසුගිය සතියේදී යුද ටැංකියක් ඇතුලුව හමුදාවේ යුදෝපකරණ තුනක් යුද ටැංකි නාශක නියාමක මිසයිල ප්‍රහාරවලින් විනාශ කලේ යැ‍යි ඔවුහු පවසති.කලාපය තුල ක්‍රියාත්මක වර්තමාන සටන් විරාමය නිසා මෙම ක්‍රියා ඔස්සේ සටන්කාමීන් එවැනි වාසි අත් කරගනිමින් සිටිති.

2019-2020 සමයේ හෝම්ස්-ඩිර් එසෝර් කාන්තාරයේ රජයේ හමුදාවන්ට එරෙහිව සිදු කල ප්‍රහාරවල වීඩියෝ වාර්තාවක් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් නිකුත් කර තිබිණි.පැල්මයිරා-ඩීර් එසෝර් මාර්ගයේ ගමන් කරන සිවිල් වැසියන් සහ හමුදාවේ රථ මෙන්ම තනි තනිව යන හමුදාවේ ඒකක ඉලක්ක කරගෙන සිදු කල රැක සිට එල්ල කල ප්‍රහාර වීඩියෝවේ ඇතුලත්ය.ත්‍රස්තවාදීන් ව්‍යාජ මුරපොල පිහිටුවා සිවිල් වැසියන්ගේ වස්තුව කොල්ල කන්නටත්,හසුවූ අය මරා දැමීමටත් ක්‍රියා කර තිබිණි.ඊට අමතර විනාශ කල සිරියානු හමුදාවේ යුදෝපකරණ කිහිපයක්ද වීඩියෝවේ දැකගත හැකිය.

මෙය,වර්තමානයේදී හෝම්ස්-ඩීර් එසෝර් කාන්තාරය තුල අසීරුවෙන් දිවි රැකගෙන සිටින ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් ස්වල්පදෙනා සිය ත්‍රස්ත කණ්ඩායමේ සාර්ථකත්වය පෙන්වා අවධානය දිනා ගැනීමට නිර්මාණය කල වීඩියෝවකි.සිරියානු හමුදාවේ ආරක්ෂක මෙහෙයුම් හමුවේ සැඟවී සිටීමට ඇමෙරිකානු පාලනය යටතේ ඇති අල්-ටන්ෆ් තහනම් කලාපය නොමැති නම්,තවත් වර්ෂයක් සිරියාවේ මේ කලාපය තුල නොනැසී සිටීමට මෙම ත්‍රස්තවාදීන්ට තිබෙන්නේ නොසැලකිය හැකි තරම් අවස්ථාවකි.

source:southfront.org

%d bloggers like this: